lakbima.lk
2017-07-20 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.151.6800 , විකුණුම් මිල රු.155.4800 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.196.8000 , විකුණුම් මිල රු.203.4600 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.173.6700, විකුණුම් මිල රු.180.2000 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.157.7400 , විකුණුම් මිල රු.164.0300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.119.6100 , විකුණුම් මිල රු.124.3000 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.119.5300 , විකුණුම් මිල රු.124.8000 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.110.3500 , විකුණුම් මිල රු.114.3700 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3485, විකුණුම් මිල රු.1.3993 |

‘මහාතිත්ථය’ යළි කැණීමට මේ සුදුසු කාලයයි!

කැලෑ පඳුරු අතරින් නික්ම, මහාතිත්ථයේ ඉතිහාසය පුරා සැරිසැරීම විචිත‍්‍රවත් ය.
‘මේ තියෙන්නේ පැරණි දිය අගල්. මේක ‘ඩබල් මෝත්’, ඒ කියන්නේ දිය අගල් දෙකකින් සුරක්ෂිත කරලා තිබුණු වරායක්. පිටත දිය අගල පළලයි. ඇතුළත දිය අගල පළලින් අඩුයි’, කැලෑව තුළ එක ළඟින් පිහිටි ඇළවල් බඳු ව්‍යුහයන් පෙන්වමින් නිමල් පෙරේරා කියයි.
මාතොට හෙවත් මහාතිත්ථ වරාය පරිශ‍්‍රය අරභයා ආචාර්ය නිමල් පෙරේරාට ඇත්තේ පැරණි නෑකමකි. මහාතිත්ථ භූමියේ වරින්වර කෙරුණු පුරාවිද්‍යා පර්යේෂණවලට සම්බන්ධ වීමෙන් නෑකම හට ගෙන තිබේ!
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මාතොට භූමියෙහි ප‍්‍රථම කැණීම පවත්වා ඇත්තේ වර්ෂ 1977 වසරේ දී ය. 
‘මම ඉස්සෙල්ලාම මෙහේ ආවේ 1979 වසරෙදි’, ඔහු කියයි.
අතීත මහාතිත්ථ වරායේ සෞභාග්‍යවත් හැඩතල සොයා කළ දැවැන්ත පුරාවිද්‍යා කැණීම, ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් 1980 වසරේ දී ඇරඹිණි. එය ‘සහයෝගිතා කැණීමකි.’ ඇමෙරිකාවේ චිකාගෝ විශ්වවිද්‍යාලය, ලන්ඩන් නුවර 
කෞතුකාගාරය, නිව්යෝක් නුවර මෙට්‍රොපොලිටන් කෞතුකාගාරය සහ නවදිල්ලි නුවර, පෝඞ් පදනම යන විදේශීය පර්යේෂණ ආයතන ද ඊට එක් වූහ. කැණීම මෙහෙයවූයේ ඇමෙරිකාවේ චිකාගෝ විශ්වවිද්‍යාලයේ ආචාර්ය ජෝන් කාස්වෙල්  මහතා ය. ඇමෙරිකාවේ හාවඞ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය මාර්තා ප‍්‍රිකට්, ඉන්දියානු පුරාවිද්‍යාඥ බී.කේ. තාපර්, මාක් කෙනෝයර්, 
පී.පී. ජොග්ලේකර්, පීටර් ප‍්‍රැන්සිස්, මහාචාර්ය එම්.ඞී. කජාලි, ආචාර්ය ගිලියන් ජුලෙෆ් යන විද්වතුන් ද, එවකට 
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උපදේශකවරයෙකු වූ ආචාර්ය සිරාන් දැරණියගල, සහකාර පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය එච්.ඩබ්ලිව්. විජයපාල, සත්ත්ව විද්‍යාඥ ආචාර්ය පී. බී. කරුණාරත්න  ඇතුළු විද්වතුන් රැුසක් ද, සරසවි පහක සිසුන් ද කැණීමට සහ එයින් සොයා ගත් පුරාවස්තු විශ්ලේෂණයට එක් වූහ. වර්තමාන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක, හිටපු නියෝජ්‍ය පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිමල් පෙරේරා, මහාචාර්ය අනුර මනතුංග සහ සුමේද කරුණාරත්න ද 
කැණීමට එක්වූ විද්වතුන් අතර වූහ. එය එදා මෙදාතුර ලංකාවේ සිදුවූ දැවැන්ත පුරාවිද්‍යා කැණීමකි.
‘මේක විශාල වරායක්. ඒ වරාය සාමාන්‍යයෙන් අශ්වලාඩමක හැඩයෙන් යුක්තයි’, නිමල් පෙරේරා කියයි!
මහාතිත්ථය එකල ‘ගුදම්’ (නැව් බඩු ගබඩා) සහිත ජාත්‍යන්තර වරායකි. ජාත්‍යන්තර වෙළෙ`ද භාණ්ඩ හුවමාරු මධ්‍යස්ථානයකි. කැණීම් පර්යේෂණයේදී සොයා ගත් ආකාරයට වරාය පරිශ‍්‍රය පැවැති භූමිය හෙක්ටයාර් 50ද ඉක්මවයි. වරාය පිහිටි භූමිය දිය අගල් දෙකකින් සුරක්ෂිත කර තිබේ. වරාය ඇතුළත පිහිටි ගොඩනැගිලිවල අවශේෂ ද පර්යේෂකයන්ට හමු විය. වරායෙහි එක් ජැටියක් ද, එක් පිවිසුම් මාවතක මීටර් 200ක පමණ කොටසක් ද කැණීම්වලින් මතුකර ගැනුණි. පිවිසුම් මාවත මීටර් 2.4ක් පළල ය. එය ඉදිකර ඇත්තේ පිළිස්සූ ගඩොළු සහ බොරළු තට්ටු මත මුහුදු වැලි අතුරා සකස් කිරීමෙනි. මෙය වත්මනෙහි මහා මාර්ගවල ‘තාර’ හෝ ‘කාපට්’ ඇතිරීමකට සමාන ය!
කැණීමෙන් හමු වූ පුරාවස්තු අතර, ඉපැරණි රෝම, චීන සහ අනෙකුත් විදේශීය කාසි, චීන මැටි බඳුන් කැබලි, වීදුරු බ`දුන් කැබලි, වීදුරු පබළු, කාර්නේලියන් පබළු ආදිය ද විය. ආභරණ සහ තඹ ලෝහ නිපැයූ කම්හලක අවශේෂ ද එහි තිබිණි. කැණීම්වලින් හමුවී ඇති චීන මැටි බඳුන් කැබලි, ඔස්සේ චීන නාවිකයන්ගේ ආගමනය ද, රෝම සහ ඉන්දියානු කාසි මගින් යුරෝපීය නාවිකයන්ට තිබූ සම්බන්ධය ද පිළිබිඹු වීම, මහාතිත්ථයේ විශේෂත්වයයි.
 ආචාර්ය නිමල් පෙරේරා පවසන අන්දමට, වරාය තිබී ඇත්තේ දිය අගල් ආශ‍්‍රිතව ය. 
‘ලොකු දිය අගලේ නැව් නවත්වන්නත්, ඒවා යාත‍්‍රා කරවන්නත් ඇති. දිය අගල් දෙක මේ භූමියේ බොහොම ඈතට විහිදෙනවා. පිවිසුම් මාර්ග, කුඩා යාත‍්‍රා ගමන් කරන ඇල මාර්ග තිබෙන්න ඇති. දිය අගල් දෙකෙන් වට වුණු ගොඩබිම් භූමිය අක්කර දෙතුන්සීයක්වත් විශාල බව පේනවා’, ඔහු කියන්නේ ය.
වර්ෂ 1980 වසරේ ඇරඹුණු කැණීම, 1984 වසරේ හදිසියේ නතර කරන්නට සිදු විය. ඒ කොටි යුද්ධය මාන්තායි ප‍්‍රදේශයට ද පැතිරීම නිසා ය. ඉන් පසුව ‘මහාතිත්ථය’ යළින් වනගත වන්නට වූයේ ය. අප දැන් ඇවිද යමින් සිටින්නේ ඒ ඉසව්වේ මැදිනි!
මහාතිත්ථ වරාය එහි මුළු යටගියාව පුරාම පාලනය කෙරී ඇත්තේ, අනුරාධපුරයේ රජ කළ රජවරුන් අතිනි. ඔවුන් විසින් පත්කළ වරාය පාලකයන් එකල හඳුන්වා ඇත්තේ ‘මහපුටුලද්දන්’ යනුවෙනි. වරායේ නාවික කටයුතුවලින් අයබදු එකතු කිරීම ඔවුන්ගේ රාජකාරිය වී තිබේ. 
මහාතිත්ථ තොටුපොළෙන් හමු වුණු ටැම් ලිපියක් (ගල් කණුවක්), දැනුදු මන්නාරම කච්චේරියේ දී දකින්නට පුළුවන. සිරිසඟබෝ නමින් පෙනී සිටි, දෙවැනි සේන රජුගේ (ක‍්‍රි. ව. 844-879) සමයෙහි කෙරුණු ටැම් ලිපියෙහි, පට පිළි (සේද රෙදි) සහ අනෙකුත් වෙළෙඳ භාණ්ඩවලට බදු අය කළ බව සඳහන්වේ. එකල මේ නැව් තොට ‘මාවටු පටුන’ නමින් ද හඳුන්වා ඇත. බදු අය කළ නිලධාරීන් ‘මහපුටුලද්දන්’ බව, ටැම් ලිපිය කියයි.
1984 වසරේ ඇරඹුණු මහාතිත්ථ පුරාවිද්‍යා කැණීම, කොටි යුද්ධයට මැදි වීම නිසා එම වසරේම අගෝස්තුවේ දී හදිසියේ නවතා දමන්නට සිදු විය. ඉන් පසුව ඒ ඉසව්ව අවධානයෙන් අත්හැරී 
ගියේ ය. දැන් එය ජනාවාස සහිත පෙදෙසකි! එහි අනවසර ඉදි කිරීම් ද බහුල ය.
මහාතිත්ථ වරාය සහ මහා නගරය එහි පැවැති බව දැන දැනම, පුරාවිද්‍යා ආරක්ෂක ස්මාරකයක් ලෙස ප‍්‍රකාශයට පත්කර තිබෙන්නේ, තිරුකේදීශ්වරන් කෝවිල, දිය අගල සහ පැරණි තොටුපොළ පමණි. 1973 වසරේ සැප්තැම්බර් මස 07 වැනිදා රජය නිකුත් කළ, අංක 09/157 දරන ගැසට් පත‍්‍රය මගින් එය සිදුකර තිබේ. ඉතිරි සුවිශාල භූමිය හෙවත් අතීත ‘මහාතිත්ථ නගරය’ සහ ‘මහා නැව්තොට’ අදත් මිනිස් අතවරයන්ට මුහුණ දෙමින් ඉතාමත් අසරණව පොළොව යට වැතිර සිටින්නේ ය! 
ලංකාවේ පැවැති සිවිල් යුද්ධය නිසා 1980 වසරේ පටන් ගත් මහාතිත්ථ පුරාවිද්‍යා කැණීම සම්පූර්ණකර ගන්නට නොහැකි විය. එය 1984 වර්ෂයේ දී හදිසියේ නතර කරන්නට සිදු විණි. එසේ වුව ද, එතෙක් සොයා ගත් තොරතුරු ඇසුරින් ග‍්‍රන්ථයක් පළ කරන්නට පර්යේෂකවරු අමතක නොකළහ. එය පළ කෙරුණේ කැණීම් නතර කරන්නට සිදු වීමෙන් වසර 29කට පසුවය!
zMANTAI city by the seaZ" ග‍්‍රන්ථයෙහි නමයි. කැණීීම් පර්යේෂණය ස`දහා එක්වූ මහාචාර්ය ජෝන් කාස්වෙල්, ආචාර්ය සිරාන් දැරණියගල සහ ඇලන් ග‍්‍රැහැම් යන විද්වතුන් තිදෙන එහි කතුවරුන් වූහ. 2013 වසරේ අගෝස්තුවේ එය මුල් වරට නිකුත් කෙරුණේ, ඩුබායි රටේ පැවැති ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයක දීය. ග‍්‍රන්ථ කවරයේ පින්තූරය දැනුදු අන්තර්ජාලයේ ඉතිහාස ලෝලීන් අතර සැරිසරමින් තිබෙණු පෙනෙයි. එය ලංකාවේ අලෙවි කෙරෙන නම් බවක් නම් දැන ගන්්නට නැත. එසේම සිංහල පරිවර්තනයක් ගැන අදහසක් ද ඇති බවක් පෙනෙන්නට නැත!
ග‍්‍රන්ථයෙහි එන හැඳින්වීමක මෙසේ සඳහන් වේ.
‘මාන්තායි වරාය චීනය සහ බටහිර ලෝකය අතර සංස්කෘතික සම්බන්ධතාවක් ගොඩ නගන්නට හේතුවූ සමුද්‍රික සන්ධිස්ථානයකි. එසේම එය ඉන්දියාව සහ ලංකාව අතර සම්බන්ධතා ඇතිකර ගන්නට ද හේතුවී තිබුණේ ය. ඒ සම්බන්ධයෙන් වර්ෂ 1500කට අධික කාලයක් පැරණි සාධක හමුවේ. මාන්තායි වරාය ක‍්‍රි. ව. 11 වැනි සියවස තෙක්ම පැවැතිණි.’
බටහිර ඉන්දියාවේ ගුජරාටයේ පිහිටි ඉපැරණි ‘ලෝතාල් වරාය’, මෙහෙන්දොජාරෝ-හරප්පා 
ශිෂ්ඨාචාරය පැවති සමයේ ප‍්‍රධාන වරායයි. පුරාවිද්‍යා කැණීම් මගින් මතුකර ගෙන ඇති එහි නටබුන් අද සංචාරක තිප්පොළකි. ලංකාවේ අතීත මහාතිත්ථය ද වර්තමානයට මතුකර ගත හැකි නම් එය අපේ රටට ධන උල්පතක්ම වන්නේ ය. එබ`දු පෞරාණික ස්ථානවලට විදෙස් සංචාරකයන් බොහෝ  ප‍්‍රිය කිරීම ඊට හේතුවයි.  
මහාතිත්ථයෙහි කළ පැරණි චාරිකාවක මතකය අලූත්කර ගනිමින් රටේ පාලකකාරකාදීන්ට යෝජනාවක් කරනු රිසියෙමි. දැන් කොටි යුද්ධය ද අහවර ය. මහාතිත්ථ පැරණි වරාය සහ වෙළෙඳ නගර පරිශ‍්‍රයේ හැඩතල සොයා  යළි පුරාවිද්‍යා කැණීම් කිරීමට කාලය එළඹ තිබේ!
 
ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

ගෙදරටම පැමිණ ගබ්සා කරන පොළොන්නරුවේ හොර වෙද්දු

IMAGE 2017 Jul 31 09:04
පොළොන්නරුව වැනි ඈත ප‍්‍රදේශවල මේ වන විට රහසිගතව සිදුවන මෙම නීති විරෝධී ගබ්සා ජාලය ජනාකීර්ණ...
Views - 70

ඕපදූප කතා ගැන ගයාත්‍රි පළමු වරට කතා කරයි

IMAGE 2017 Jul 30 18:35
මොනවද ගයාත්‍රි මේ අන්තර්ජාලයේ පැතිර යන කට කතා   කාලයක් තිස්සේ දැනගෙන හිටපු කීප දෙනෙක් මට...
Views - 796

නයිජීරියානුවන්ගේ ගැටවලට හසුවී සල්ලන්වන ලංකාවේ ගෑනු

IMAGE 2017 Jul 30 17:49
“මට ඔයාව මිතුරියක් කරගන්න ආසයි...... ඔයාට තෑගි දෙන්න......... නිතර ඔයා සමග කතා කරන්නත් ආසයි. හැබැයි...
Views - 1165

ජලනන්දන පිරිතෙන් වතුර නටවන්න පුළුවන් කියන්නේ බොරු! (Video)

IMAGE 2017 Jul 30 14:06
ජලනන්දන පිරිත ලක්ෂවාරයක් ජප කිරීමෙන් වතුර නැටවිය හැකිය යන මතයෙහි කිසිදු සත්‍යතාවයක් නැති...
Views - 539

නියඟය උහුලනු බැරිව දළුකාන ආදීවාසීහු වන වදිති

IMAGE 2017 Jul 28 12:40
නගරවාසීන්ට සාපේක්ෂව ගම්වාසීහු සොබාදහම නියමයන් පිළිගනිති. ගම්වාසීන්ටත් වඩා සොබාදහමේ...
Views - 1060

සොයුරා දැරියක කෙළෙසූ වරදට දඩුවමක් ලෙස දූෂණය වූ යුවතියක්

IMAGE 2017 Jul 28 10:52
කාන්තාවන්ට එරෙහිව ලිංගික අතවර සිදුවන රටවල් අතර දකුණු ආසියානු කලාපයේ රටවලටද හිමිවන්නේ...
Views - 4227

Please publish modules in offcanvas position.