Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - lakbimaonline@gmail.com youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ප්‍රසංගයෙන් එකතු වූ මුදලින් ප්‍රින්ස්ගේ රෝහල් බිල ගෙවා දැමුවා

කලක් මෙරට ගීත ලෝලින්ගේ සිහින කුමරෙකු බවට පත්ව සිටි ගායන ශිල්පී ප්‍රින්ස් උදය ප්‍රියන්ත පසුගිය ජුනි මස 08 වැනිදා සදහට මෙලොවින් සමුගත්තා. වසර දෙකක පමණ දැඩි ලෙස රෝගාතුරව සිටි ප්‍රින්ස්ගේ ප්‍රතිකාර වෙනුවෙන් ඔහු ජීවත්ව සිටි කාලයේදීත් විශාල මුදලක් මුදලක් වැය කිරීමට සිදු වුණා. ප්‍රින්ස්ගේ නැඟණිය වන ශිරෝනි ප්‍රියංගිකා ප්‍රින්ස්ගෙ සෞඛ්‍ය තත්ත්වය සහ ඔහගේ ප්‍රතිකාර වෙනුවෙන් වැය කිරීමට සිදුව තිබෙන මුදල් සම්බන්ධයෙන් විටින් විට මාධ්‍ය ඔස්සේ කරන ලද දැනුවත් කිරීම් වලට අනුව බොහෝ දෙනා ප්‍රින්ස් වෙනුවෙන් මුදලින් උපකාර කිරීමට ඉදිරිපත් වී තිබුණා. කොහොම නමුත් එසේ එක් රැස් වූ මුදල ප්‍රින්ස්ගේ ප්‍රතිකාර සඳහා ප්‍රමාණවත් වුණේ නැහැ. මේ හේතුවෙන්, ප්‍රින්ස් මෙලොව හැර ගිය පසුවත්, ඔහු ප්‍රතිකාර ලැබු පෞද්ගලික රෝහලට ඔහු වෙනුවෙන් එතෙක් කළ ප්‍රතිකාර වෙනුවෙන් රුපියල් ලක්ෂ 25කට අධික මුදලක් ගෙවිය යුතුව තිබුණා. 
එම රෝහල් බිල පියවීමට හැකියාවක් ප්‍රින්ස්ගේ නැඟණියට තිබුණේ නැහැ. එබැවින් එය ඉක්මනින්ම ගෙවා දමන බවට ‍පොරොන්දුවක් රෝහල වෙත ලබාදීමෙන් අනතුරුවයි. අවසන් කටයුතු සඳහා ප්‍රින්ස්ගේ නිසල සිරුර රෝහලෙන් නිදහස් කර ගැනීමට ඇයට සිදු වූයේය. 
මෙසේ ප්‍රින්ස්ගේ රෝහල් බිල ගෙවා ගැනීමට නොහැකිව අසීරු අඩියකට පත්ව සිටි ප්‍රින්ස්ගේ නැඟණියට සහනයක් ලබාදීමට කලාකරුවන් පිරිසක් එක්වූයේ ප්‍රින්ස්ට ගෞරවාන්විත සමුදීමක් ලබාදෙන බවට ‍පොරොන්දු වෙමින්. මෙම කර්තව්‍යයෙහි මූලිකත්වය ගනු ලැබුවේ කීර්ති පැස්කුවල්, ටිරෝන් මද්දුමගේ, සේනක උබේසිංහ, මධුමාධව අරවින්ද සහ නුවන් සමරසිංහ ඒ අනුව ඔවුන්ගේ සංවිධායකත්වයෙන් මහරගම තරුණ සේවා සභා රඟහ‍ලේදී ආදරණීය ප්‍රින්ස් ලෙන්ගතු සහෝදරත්වයේ ගෞරවාන්විත සමුදීම නමින් ප්‍රසංගයක් ප්‍රින්ස්ගේ රෝහල් බිල ගෙවා දැමීම සඳහා මුදල් එක් රැස් කිරීමේ අරමුණ ඇතිව පසුගියදා පැවැත්වුණා. 
ප්‍රසංගයෙන් අනතුරුව සංවිධායක කමිටු සභාපති කීර්ති පැස්කුවල් ඒ පිළිබඳ අප සමග දැක්වූයේ මෙවන් අදහසක්. 
 
'ප්‍රින්ස් වෙනුවෙන් පැවැත්වූ සංගීත ප්‍රසංගය ඉතා සාර්ථකව නිමාවට පත් වුණා. ගීත ගායනයට එක්වීමට ‍පොරොන්දුව සිටි ගායක ගායිකාවන් 29 දෙනාගෙන් 27 දෙනෙකුම එම වේදිකාවේ ගීත ගායනා කළා.'' 
ඔහු පැවැසූ විදිහට බලා‍පොරොත්තු වූවාටත් වැඩි මුදලක් ප්‍රසංගයෙන් එක් රැස් කර ගැනීමට හැකිවී තිබුණා. විසිපන් ලක්ෂ දසදහසක මුදලක් ප්‍රින්ස්ගේ රෝහල් බිල ලෙස ගෙවිය යුතුව තිබුණා. ප්‍රින්ස් ප්‍රතිකාර ලැබූ නවලෝක රෝහලෙන් එයින් ලක්ෂ 10ක මුදලක් අඩු කළා. ප්‍රසංගයේදී පරිත්‍යාග ලෙස සහ ප්‍රවේශ පත් විකිණීමෙන් අපට අවශ්‍යව තිබූ මුදලටත් වැඩි මුදලක් එකතුවී තිබුණා. අපට එලෙස වැඩිපුර ලැබි තිබූ රුපියල් ලක්ෂ 5 1/2ක්. ඒ අනුව මුදලින් ලක්ෂ 4ක් ප්‍රින්ස්ගේ නැඟණියට ලබාදීමටත් ඉතිරි ලක්ෂ 1  1/2ක මුදල අද වන විට අසරණ වී සිටින කලාකරුවන් කිහිප දෙනෙකු අතරේ බෙදා දීමටත් අප තීරණය කළා. 
එම ‍පොරොන්දුව පසුගියදා (25) නවලෝක රෝහල් පරිශ්‍රයේදී එලෙසින්ම ඉටු කෙරුණා. එහිදී ප්‍රින්ස්ගේ රෝහල් බිල සඳහා හිඟ මුදල ගෙවා දැමීමෙන් අනතුරුව ප්‍රින්ස්ගේ නැඟණිය වෙත ලක්ෂ 4ක මුදලක් ප්‍රදානය  කෙරුණ ඉතිරි මුදල කලාකරුවන් 6 දෙනෙකුට රුපියල් 25.000 බැගින් පරිත්‍යාග කෙරුණා. එම කලාකරුවන් වූයේ අයිරින් ද අල්විස්, බර්ටි ගුණතිලක, ධම්මික පී. රත්නායක සමන්ති ලැනරෝල්, සුමින්ද සිරිසේන, සහ රුවන් වීරසේකර ප්‍රින්ස්ගේ නැඟණියගේ අතින්මයි එම මුදල් කලාකරුවන් වෙත ප්‍රදානය කෙරුණේ. 
මෙය කලාකරුවන් ගේ එකමුතුකම විදහා දැක්වුණු අවස්ථාවක් ලෙස හඳුන්වන්නට පුළුවන්. මේ එකතුමුතුකම සහ ප්‍රින්ස්ට ගෞරවාන්විත සමුදීමක් ලබා දීමට අපට හැකියාව ලැබුණා. අද අසරණව සිටින කලාකරුවන් වෙත කරන ලද පරිත්‍යාගයේ පින් බලයෙන් ජාති ජාතිත් ප්‍රින්ස්ට මෙවන් අකල් මරණයක් සිදු නොවේවා යන්න අපගේ ප්‍රාර්ථනයයි. ප්‍රින්ස් වෙනුවෙන් කළ මෙම උතුම් කාර්යය නිම වීමෙන් පසු කීර්ති පැස්කුවල් මහතා එලෙස කියා සිටියා. 
 
කිෂාන් කනංකෙ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

ලිංගික උත්තේජන පෙති අකල්මරණවලට හේතුවක් ද?

IMAGE 2017 Nov 14 10:46
පුරුෂ ලිංගික උද්දීපනය සඳහා ගනු ලබන පෙති වර්ග වලින් අකල් මරණ සිදුවන බවට සමාජය පුරා පොදු...
Views - 577

වික්ටර්ට අපහාස වෙන බව දන්නවා නම් මම හොඳ කෙළියක් කරනවා

IMAGE 2017 Nov 13 13:02
සිනමාවේ හැමදාමත් දුෂ්ටකම් කරන විල්සන් කරූ පසුගිය දවස්වල ඉරාජ්ගේ මියුසික් වීඩියෝ එකක රඟපාලා...
Views - 3122

මේ මුතුකුඩ මැණිකේ නොගැළපෙන චරිත බාර ගන්නේ නැහැ

IMAGE 2017 Nov 13 12:35
අපි ඔබට මුතුකුඩ මැණිකේ කියන්නද? එහෙම නැත්නම් තිළිණි පෙරේරා කියන්නද? කැමැති නමක් කියන්න. මොකද...
Views - 1532

අයවැයෙන් වාහන මිල හරියටම අඩු වැඩි වෙන හැටි

IMAGE 2017 Nov 13 08:30
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගියදා (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2018 වසර සඳහා වන අයවැය...
Views - 2758

හොඳම නිළි සම්මානය ගන්න අධ්‍යක්ෂවරයා තනිවම ගිහින්

IMAGE 2017 Nov 12 19:05
ලාංකේය සිනමා නිළියක් පහුගියදා අන්තර්ජාතික සම්මාන උළෙලකදී හොඳම නිළියට හිමි සම්මානයෙන්...
Views - 3258

නීටා වේදිකාවට

IMAGE 2017 Nov 12 14:13
පසුගියදා පැවැති සුමති සම්මාන උළෙ‍ලේදී ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන යූ.ඩබ්.සුමතිපාල අනුස්මරණ...
Views - 2014

Please publish modules in offcanvas position.