Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - lakbimaonline@gmail.com youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

'අවුරුදු පහයි වැඩ කෝටියයි' ලොකු වුණාම මේකප් ආටිස් කෙනෙක් වෙන්නලු කැමති

හාරකෝටියේ ‘දෝණි’ එහෙම නැත්නම් සැබෑ ජීවිතේ ජාන්වි අප්සාරි අබේවර්ධන කියන්නේ කලා ලොවට පායා එන දඟකාර පුංචි තාරකාවියක්. තම සහජ කුසලතාව නිසාම මේ වන විටත් මේ අවුරුදු පහක පුංචි සිඟිතිය දැන් හැමදෙනා අතරම ජනප්‍රියයි. 
 
දෝණි ගැන දැන ගන්න ගොඩක් දෙනා බලාගෙන ඉන්නවා. ඉස්සෙල්ලාම ඔයා ගැන විස්තර ටිකක් කියන්නකෝ? 
මගේ නම ජාන්වි අප්සාරි අබේවර්ධන, මගේ වයස අවුරුදු පහයි මාස අටයි. මිනුවන්ගොඩ ධම්මාරාම ප්‍රාථමික විද්‍යාලයේ          පළමු ශ්‍රේණියේයි මම ඉගෙන ගන්නේ. 
 
මේ විදියට නිළියක් වුණේ කොහොමද? 
අම්මයි, තාත්තයි, අක්කයි මමයි දවසක් ඕර්ඛිඩ් එකේ තිබුණ ප්‍රදර්ශනයක් බලන්න ගියා. අපේ වාහනේ නතර කරලා එහා පැත්තට පාර පනිනකොට මාමා කෙනෙක් තාත්තාට කිව්වා වෙළෙඳ දැන්වීමකට මාව දෙන්න පුළුවන්ද කියලා. පස්සේ චාමර සමරවික්‍රම කියන කැමරාකරණ මාමා සද්ධා මංගල සූරියබණ්ඩාර මාමා ළඟට අපිව එක්කගෙන ගියා. ඒ මාමා තමයි ජාන්වි අද ඉඳලා ඔයාගේ නම “දෝණි’ කියලා කිව්වේ. 
 
ඉතින් ජාන්වි ගැන පාස‍ලේ යාළුවෝ මොකද කියන්නේ? 
යාළුවෝ මට දැන් කියන්නේ දෝණි කියලා. ටීච මට කියනවා ජාන්වි ටිකක් දෝණි වෙලා පෙන්නන්න කියලා. එතකොට මම හාරකෝටියේ දෝණි වෙලා රඟපානකොට යාළුවෝ අත්පුඩි ගහනවා. 
 
දෝණි ලොකු වුණාම කැමති නිළියක් වෙන්නද? 
මම මේකප් කරන්න ගොඩක් ආසයි. ඒ නිසා මම ලොකු වුණාම මේකප් ආටිස් කෙනෙක් වෙනවා. හැබැයි ඉතින් රඟපාන්න ලැබුණොත් ඒකත් කරනවා. 
 
අපි ඊළඟට මේ කතාවට එකතු කරගත්තේ ජාන්විගේ ආදරණීය තාත්තාවයි. 
ශම්මි අබේවර්ධන නම් ඔහු සමග කළ කතා බහයි මේ. 
 
ජාන්විගේ තාත්තා විදිහට ජාන්විගේ දක්ෂතාව ගැන මොනවාද හිතෙන්නේ? 
මගේ පුංචි දුව ජාන්වීට රඟපාන්න සහජ හැකියාවක් තිබෙනවා. ඒ නිසා සද්ධා සර් මට නිතරම කියනවා දුවට හොඳ අනාගතයක් තියෙනවා. හරි නිර්මාණවලට විතරක් එයාව යොමු කරන්න කියලා. 
 
ජාන්වි රංගනයෙන් දායක වුණ වෙනත් නිර්මාණ මොනවාද? 
චාමර පීරිස්ගේ ත්‍රිමාන ටෙලි නාට්‍යයේ ෂෙනුගේ චරිතය, ප්‍රාණ ටෙලි නාට්‍යයේ මතිගේ චරිතය, කඩවර අඩවියේ විජීය බණ්ඩාර කුමාරයාගේ පුංචි කා‍ලේ චරිතය. දැනට රංගනය යෙදුණු නිර්මාණ විශේෂයෙන් කියන්න ඕනේ කඩවර අඩවියේ මගේ දූ කරන පිරිමි චරිතය විශිෂ්ට ගණයේ රඟපෑමක් ලෙස බොහෝ දෙනාගේ ඇගයීමට ලක් වුණා. ඒ වගේම උසස් පෙළ කියන චිත්‍රපටයේ සිඟිති කියන ප්‍රධාන චරිතය කරන්නෙත් මගේ පුංචි දෝණියි.
ඒ චිත්‍රපටයේ ටේලර් එක දැකපු බොහෝ දෙනා කිව්වා ඒ චිත්‍රපටය තිරගත වුණාම ජාන්වි ගැන රටම හඳුනාගනිවි. එයා ඒ 
තරමටම දක්ෂ ලෙස රඟපාලා තිබෙනවා කියලා. 
 
අපි ඊළඟට කතා කළේ ජාන්විගේ ආදරණීය අම්මා එක්කයි.  නිලංකා නයනමාලි වන ඇය තමන්ගේ දුව ගැන අපි අහපු එකම ප්‍රශ්නෙට උත්තර දුන්නේ මේ විදියටයි.
 
අම්මා කෙනෙක් විදිහට පුංචි දුවව රඟපෑමට යොමු කරද්දී බය හිතුනේ නැද්ද? 
මට කිසිම බයක් දැනුණේ නැහැ. මොකද එයාට දැන් හාරකෝටියේ කලා පවුලක්ම ඉන්නවානේ. අනික අපි කවදාවත් අපිට මේ ගාණ ඕනේ කියලා මුදල් ඉල්ලලා නැහැ. මොකද දෙමාපියන්ට කවදාවත්  දරුවන්ගේ වටිනාකම මිල කරන්න බැරි නිසා. එයා දැනට ආසාවෙන් රඟපානවා. කවදා හරි දවසක ඇතියි කියලා හිතුණොත් රඟපෑමෙන් අයින්වෙන්නත් මගේ දෝණිට ඉඩකඩ නිදහස තියෙනවා. 
 
සමන්මලී නැලිගම

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

ලිංගික උත්තේජන පෙති අකල්මරණවලට හේතුවක් ද?

IMAGE 2017 Nov 14 10:46
පුරුෂ ලිංගික උද්දීපනය සඳහා ගනු ලබන පෙති වර්ග වලින් අකල් මරණ සිදුවන බවට සමාජය පුරා පොදු...
Views - 577

වික්ටර්ට අපහාස වෙන බව දන්නවා නම් මම හොඳ කෙළියක් කරනවා

IMAGE 2017 Nov 13 13:02
සිනමාවේ හැමදාමත් දුෂ්ටකම් කරන විල්සන් කරූ පසුගිය දවස්වල ඉරාජ්ගේ මියුසික් වීඩියෝ එකක රඟපාලා...
Views - 3122

මේ මුතුකුඩ මැණිකේ නොගැළපෙන චරිත බාර ගන්නේ නැහැ

IMAGE 2017 Nov 13 12:35
අපි ඔබට මුතුකුඩ මැණිකේ කියන්නද? එහෙම නැත්නම් තිළිණි පෙරේරා කියන්නද? කැමැති නමක් කියන්න. මොකද...
Views - 1532

අයවැයෙන් වාහන මිල හරියටම අඩු වැඩි වෙන හැටි

IMAGE 2017 Nov 13 08:30
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගියදා (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2018 වසර සඳහා වන අයවැය...
Views - 2758

හොඳම නිළි සම්මානය ගන්න අධ්‍යක්ෂවරයා තනිවම ගිහින්

IMAGE 2017 Nov 12 19:05
ලාංකේය සිනමා නිළියක් පහුගියදා අන්තර්ජාතික සම්මාන උළෙලකදී හොඳම නිළියට හිමි සම්මානයෙන්...
Views - 3258

නීටා වේදිකාවට

IMAGE 2017 Nov 12 14:13
පසුගියදා පැවැති සුමති සම්මාන උළෙ‍ලේදී ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන යූ.ඩබ්.සුමතිපාල අනුස්මරණ...
Views - 2014

Please publish modules in offcanvas position.