Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - lakbimaonline@gmail.com youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

අපි රට දාලා ගියේ දේශපාලන පළිගැනීම් දරා ගන්න බැරුව

අරුණ ක්‍රිෂාන්ත සහ කෞෂිකා ගීතානි කියන්නේ පවු‍ලේ නාලිකාවෙ යාව ජීව සාමාජිකයෝ. අරුණ මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා අවුරුදු 21යි. කෞෂිකා මාධ්‍ය ක්‍ෂේත්‍රයට සම්බන්ධ වෙලා අවුරුදු 15යි. අරුණ ගුවන් විදුලි හා රූපවාහිනී සන්නිවේදකයෙක්. කෞෂිකා ක්‍රීඩා වැඩසටහන් නිවේදිකාවක් සහ ප්‍රවෘත්ති නිෂ්පාදිකාවක්. පහුගිය දවස්වල මේ දෙන්නා හිටි හැටියේ දරුවොත් එක්ක රට අතහැරලා කැනඩාවට ගියා. ගිය හේතුව දේශපාලන ප්‍රශ්නයක් කියලයි වටින් පිටින් ආරංචි වුණේ. කැනඩාවට ගියාට අන්තර්ජාලය හරහා අරුණවත් කෞෂිකාවත් සම්බන්ධ කරගන්න අපට පුළුවන් වුණා. රට අතහැර ගිය හේතුව ගැන අරුණ අපිත් එක්ක මේ විදියට කතා කළා. 
 
හදිස්සියේ ගම රට අතහැරලා යන්න හිතුවේ ඇයි? 
මේක හදිස්සියේ ගත්ත තීරණයක් නමෛයි. කාලයක් බලන් ඉඳලා අන්තිමට කරන්න දෙයක් නැති කමට ගත්ත තීරණයක්. 
 
මේ තරම් දැඩි තීරණ ගන්න මොකක්ද ඇති වෙච්ච ප්‍රශ්නය?
 දේශපාලන පළිගැනීම් තමයි. රස්සාවෙන් එළියට දාන්න බැරි කමට අපට පල නොකියා පලා බෙදුවා. 
 
ඒ කියන්නේ අරුණලා කෞෂිලා නාලිකාව ඇතුළේ දේශපාලනය කළා?
අපි විතරක් නමෛයි. කවුරුත් කරනවා. ජනාධිපතිවරණයේදී හිටපු නායකයා දිනවන්න වැඩ කළා. ජනාධිපතිවරණය ඉවර වුණත් එක්ක තමයි පලි ගැනීම ආරම්භ වුණේ. 
 
ඔය කියපු නායකයා දිනවන්න උදව් කරපු ස්වාධීන රූපවාහිනියේ සහ ලක් හඬ ගුවන් විදුලියේ සමහර අය වැඩ තහනමටත් ලක් වුණා. ඔය දෙන්නට එහෙම දෙයක් වුණේ නෑනේ? 
නෑ. ඒ වුණාට වෘත්තීය කරගෙන යන මානසික වාතාවරණයක් ඇති කළේ නෑ. අපේ වැඩ කප්පදු කළා. අපේ හැකියාවෙන් ප්‍රයෝජනයක් ගන්න දුන්නේ නෑ. මානසික වැට්ටවීම්, මානසික වද හිංසා පුළුවන් තරම් ඇති කළා. කෞෂිකාගේ ක්‍රීඩා වැඩසටහන් නැවැත්තුවා. ප්‍රවෘත්ති වොයිස් කළේ කෞෂි ඒක නතර කළා. එයාගේ රූපය  නොපෙන්වා වැඩ විතරක් ගත්තා. පස්සේ පස්සෙ කරන්න කෙනෙක් නැති වුණාම සමහර වැඩ දුන්නට අපි දෙන්නම වෙන දේ ගැන හරි හිතේ අමාරුවෙන් හිටියේ. කොහොම හරි අන්තිමට අපි නාලිකාව ඇතුළේ අවලංගු කාසි වුණා. 
 
දේශපාලනය කරනවා නම් දරා ගන්නත් ඕනෑ. ඇයි මේ ඊට එරෙහිව සටන් කරනවා වෙනුවට පලා ගියේ? 
අපේ අවසාන අරමුණ ඡන්දෙ ඉල්ලලා පාර්ලිමේන්තු යන්න නමෛයිනේ. එහෙම අරමුණක් තිබුණා නම් දරාගෙන ඉන්න තිබුණා. අනික අපිට ඕනෑ දෙයක් දරාගන්න පුළුවන්. දරුවන්ට කරදරයක් වෙනවා නම් තවත් බලන් ඉන්න බෑනේ. 
 
ඇයි දරුවන්ට ඇති වෙච්ච ප්‍රශ්න මොනවාද?
අපිට මරණ තර්ජන කරලා නිර්ණාමික දුරකථන ඇමැතුම් ආවා. දරුවන්ව මරනවා කිව්වා. සමහර දවස්වල රාත්‍රියේ වැඩ ඇරිලා එනකොට අපේ වාහන ෆලෝ කළා. අනතුරු කරන්න හැදුවා. අපි ‍පොලීසියේ ඇන්ට්‍රි පවා දාලා තියෙන්නේ. දරුවෝ ගැන බයයි නේ. ඒකයි මේ තීරණය ගන්න තවත් ප්‍රමාද නොවුණේ. 
 
ආයතනයේ සභාපති තුමාත් මාධ්‍යවේදියෙක්නේ. ඔහුට මේ අව නඩුව කිව්වේ නැද්ද? 
කිව්වා විතරක් ‍නෙවෙයි. ලියලාත් දුන්නා. මම හිතන්නේ ඔහුටත් මේ දේශපාලන ක්‍රමය ඉක්මවන්න පුළුවන් කමක් නෑ. 
 
ගියාට පස්සේ යාළු මිත්‍රයෝ කතා කළාද?
ඔව්. ගියා කියලා අපේ ගමන නතර වෙන්නේ නෑනේ. 
 
නොඑන්නම නමෛයි නේද ගියේ?
අ‍පෝ නෑ. අපිට නිදහසේ වැඩ කරන්න පුළුවන් දවසක් උදා වුණාම අපි ආයෙමත් එනවා. 
 
හිමංගි සුලක්ඛනා 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

ලිංගික උත්තේජන පෙති අකල්මරණවලට හේතුවක් ද?

IMAGE 2017 Nov 14 10:46
පුරුෂ ලිංගික උද්දීපනය සඳහා ගනු ලබන පෙති වර්ග වලින් අකල් මරණ සිදුවන බවට සමාජය පුරා පොදු...
Views - 577

වික්ටර්ට අපහාස වෙන බව දන්නවා නම් මම හොඳ කෙළියක් කරනවා

IMAGE 2017 Nov 13 13:02
සිනමාවේ හැමදාමත් දුෂ්ටකම් කරන විල්සන් කරූ පසුගිය දවස්වල ඉරාජ්ගේ මියුසික් වීඩියෝ එකක රඟපාලා...
Views - 3122

මේ මුතුකුඩ මැණිකේ නොගැළපෙන චරිත බාර ගන්නේ නැහැ

IMAGE 2017 Nov 13 12:35
අපි ඔබට මුතුකුඩ මැණිකේ කියන්නද? එහෙම නැත්නම් තිළිණි පෙරේරා කියන්නද? කැමැති නමක් කියන්න. මොකද...
Views - 1532

අයවැයෙන් වාහන මිල හරියටම අඩු වැඩි වෙන හැටි

IMAGE 2017 Nov 13 08:30
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගියදා (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2018 වසර සඳහා වන අයවැය...
Views - 2758

හොඳම නිළි සම්මානය ගන්න අධ්‍යක්ෂවරයා තනිවම ගිහින්

IMAGE 2017 Nov 12 19:05
ලාංකේය සිනමා නිළියක් පහුගියදා අන්තර්ජාතික සම්මාන උළෙලකදී හොඳම නිළියට හිමි සම්මානයෙන්...
Views - 3258

නීටා වේදිකාවට

IMAGE 2017 Nov 12 14:13
පසුගියදා පැවැති සුමති සම්මාන උළෙ‍ලේදී ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන යූ.ඩබ්.සුමතිපාල අනුස්මරණ...
Views - 2014

Please publish modules in offcanvas position.