Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - lakbimaonline@gmail.com youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ඇමැතිකම අතහැර රන්ජන් ‍පොලිස් සේවයට

මුලින්ම නළුවෙක් වෙලා මේ වෙනකොට දේශපාලනඥයෙක් බවට පත්ව සිටින රන්ජන් රාමනායක ඉදිරියේදී නීතිය අකුරටම ඉටුකරන ‍පොලිස් නිලධාරියෙක් වෙන්න යන බවට හැඟවෙන ඡායාරූප පෙළක් පසුගිය දිනවල අන්තර්ජාලයේ හුවමාරු වුණා. ඒ ගැන ඇත්ත දැන ගන්නයි රන්ජන්ව මෙලෙස අපි ‘රිද්ම’ කතාබහට එක්කර ගත්තේ. 
 
රන්ජන් රාමනායක කියන්නේ දේශපාලනඥයෙක්ද?  එහෙමත් නැත්නම් නළුවෙක්ද ? 
රන්ජන් රාමනායක කියන්නේ ජනතා කලාකරුවෙක් 
 
එතකොට රන්ජන් රාමනායක දේශපාලනඥයෙක් කියලා හඳුන්වලා දෙන්න ඔබ කැමතිම නැද්ද?
අපේ රටේ තිබෙන්නේ බොහෝ දුරට අපිරිසිදු දේශපාලනයක්. ඒ නිසා හොඳ දේශපාලනඥයෙක් දිහා වුණත් මිනිස්සු බලන්නේ වැරදියට. මම දේශපාලනය කරන්නේ ජනතාව වෙනුවෙන්. ජනතාව අතරට ගියාම මිනිස්සු මට රන්ජන් අයියා, අපේ රන්ජන් පුතා, රන්ජන් මල්ලි කියලා  කතා කරනවා. ඒ කවුරුත් මට ඇමැතිතුමා කියන්නේ නැහැ. 
 
දේශපාලනය කරන්න ගිහින් රන්ජන් රාමනායක කියන කවුරුත් ආදරය කරන නළුවාගේ ප්‍රතිරූපයට හානි වුණා කියලා හිතෙන්නේ නැද්ද?
එහෙම හිතන්නේ නැහැ. ඉස්සර මගේ වටේ හිටියේ රන්ජන් රාමනායකට ආදරය කරපු ප්‍රේක්ෂකයන් විතරයි. නමුත් අද මගේ දේශපාලනයට වගේම නළුකමටත් ආදරය කරන පිරිසකුත් ඉන්නවා. හැබැයි දේශපාලනඥයෙක් ලෙස මට අකමැති පිරිසකුත් නැතුවා ‍නෙවෙයි.
 
ඉදිරියේදී රන්ජන් රාමනායක ඇමැතිකමෙන් අයින් වෙලා ‍පොලිස් නිලධාරියෙක් වෙන්න යනවා කියන කතාවේ ඇත්ත නැත්ත මොකක්ද? 
ඔව්, මම නීතිය අකුරටම ඉටු කරන ‍පොලිස් නිලධාරියෙක් වෙන බව ඇත්ත. නමුත් ඒ තිරගත වීමට නියමිත ‘බොස්’ කියන චිත්‍රපටය වෙනුවෙන්. බොස් කියන්නේ මගේම අධ්‍යක්ෂණයක්.
 
බොස් චිත්‍රපටයට අමතරව මේ දිනවල ඔබ නිරත වෙනත් කලා කටයුතු මොනවද කියලා ඇහුවොත් ?
‘ඩොක්ටර් නවලියන්’ කියන මම අධ්‍යක්ෂණය කළ තවත් චිත්‍රපටයක් තිරගත වීමට නියමිතයි. ගමක ඉන්න චණ්ඩියෙක් දොස්තර කෙනෙක් වෙන විදිහ තමයි එහිදී මම නිරූපණය කරන්නේ. 
 
වන්ෂොට්, බොස්, ලීඩර් මේ වගේ නායකත්වය ඉස්මතු වන චිත්‍රපටම කරන්නේ ඔබේ දේශපාලන ජීවිතය ඉස්මතු කරන්න කියලා සමහරු කියනවා
මට රඟපෑමෙන් මාව දේශපාලනඥයෙක් විදිහට ඉස්මතු කරගන්න මට වුවමනාවක් නැහැ. මගේ දේශපාලන වෘත්තියේ ක්‍රියාකාරකම් එක්ක මාව කොහොමත් ඉස්මතු වෙනවා. ඒ වගේම මඩ ප්‍රහාරත් මට එල්ල වෙනවා. බොහෝ දෙනා මට අද කියන්නෙත් හොරු අල්ලන ඇමැති කියලානේ. 
 
“මගේ මේ හැම වෑයකමක්ම ඇමැතිකම රැක ගැනීමට නෙමේ හොරු අල්ලා ගැනීම පිණිසයි“ මේ වගේ ඡායාරූප සටහන් සමාජ මාධ්‍ය තුළින් ප්‍රචාරය කිරීමෙනුත් ඔබට නැති ජනප්‍රියත්වයක් මතු කරගන්න හදනවා කියලත් සමහරු චෝදනා කරනවා.
මට වෙනම ඉස්මතු වෙන්න කිසිම වුවමනාවක් නැහැ. මොකද රන්ජන් රාමනායක කියන්නේ මේ වෙනකොටත් රටම ආදරය කරන නළුවෙක්. ඒ වගේම රටම හඳුනන දේශපාලනඥයෙක්. මගේ ෆේස් බුක් ගිණුම ගොඩක් වෙලාවට මෙහෙය වන්නේ මම ‍නෙවෙයි. ඒකට මට වෙනම කණ්ඩායමක් ඉන්නවා. එහෙම නැතුව මම අන්තර්ජාලයට ගිහිල්ලා මේ වගේ සටහන් හුවමාරු කර කර ඉස්මතු වෙන්න හදන්නේ නැහැ.
 
ඔබේ ෆේස්බුක් ගිණුම මෙහෙයවීමට කණ්ඩායමක් සිටීම ඔබේ පෞද්ගලිකත්වයට ප්‍රශ්නයක් ‍නෙවෙයිද?
ලංකාවේ හතර වෙනියට විශාලම ෆේස්බුක් වබේ පිටුව තියෙන්නේ මටයි. ඒ තරමට මට මිතුරු මිතුරියන් ඉන්නවා. ඉතින් මට ෆේස්බුක් එක වෙත තනියම අවධානය යොමු කරන්න වෙලාවක් නැහැ. නමුත් විවේක ලැබෙන හැම වෙලාවකම මම මගේ මිතුරන්ට පෞද්ගලිකවම ප්‍රතිචාර දක්වනවා.
 
ආණ්ඩුවෙන් අයින් වෙන්න කිව්වොත් අයින් වෙනවා කියන කතාව මොකක්ද? 
මට දේශපාලනයට ආරාධනා කළේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා. ඉතින් එතුමා මට යන්න කියලා කිව්වොත් එතුමාට හිස නමලා මම අයින් වෙනවා. 
 
රන්ජන් රාමනායක සඳහටම තනිකඩව ඉන්න තීරණය කරලා තියෙනවා කියන්නේ ඇත්තක්ද? 
මට මාවම අවබෝධ කරගන්නත් කාලය මදිවෙලයි තියෙන්නේ. ඉතින් මම කොහොමද තව කෙනෙක්ව අවබෝධ කරගන්නේ. අනිත් එක රන්ජන් රාමනායකට ආපු හැම අභියෝගයක්ම දිනුවේ තනිකඩව ඉඳලා. දෙන්නෙක් එක්ක එකතු වෙලා තීරණ ගන්නවාට වඩා මේ විදිහට තනිකඩව ඉඳගෙන ගන්න තීරණ හොඳයි. කසාඳ බැන්දොත් මම වුණත් ගන්න තීරණ දෙපැත්තකට වැනෙන්න ඉඩ තියෙනවා. 
 
සමන්මලී නැලිගම

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

ලිංගික උත්තේජන පෙති අකල්මරණවලට හේතුවක් ද?

IMAGE 2017 Nov 14 10:46
පුරුෂ ලිංගික උද්දීපනය සඳහා ගනු ලබන පෙති වර්ග වලින් අකල් මරණ සිදුවන බවට සමාජය පුරා පොදු...
Views - 577

වික්ටර්ට අපහාස වෙන බව දන්නවා නම් මම හොඳ කෙළියක් කරනවා

IMAGE 2017 Nov 13 13:02
සිනමාවේ හැමදාමත් දුෂ්ටකම් කරන විල්සන් කරූ පසුගිය දවස්වල ඉරාජ්ගේ මියුසික් වීඩියෝ එකක රඟපාලා...
Views - 3122

මේ මුතුකුඩ මැණිකේ නොගැළපෙන චරිත බාර ගන්නේ නැහැ

IMAGE 2017 Nov 13 12:35
අපි ඔබට මුතුකුඩ මැණිකේ කියන්නද? එහෙම නැත්නම් තිළිණි පෙරේරා කියන්නද? කැමැති නමක් කියන්න. මොකද...
Views - 1532

අයවැයෙන් වාහන මිල හරියටම අඩු වැඩි වෙන හැටි

IMAGE 2017 Nov 13 08:30
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගියදා (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2018 වසර සඳහා වන අයවැය...
Views - 2758

හොඳම නිළි සම්මානය ගන්න අධ්‍යක්ෂවරයා තනිවම ගිහින්

IMAGE 2017 Nov 12 19:05
ලාංකේය සිනමා නිළියක් පහුගියදා අන්තර්ජාතික සම්මාන උළෙලකදී හොඳම නිළියට හිමි සම්මානයෙන්...
Views - 3258

නීටා වේදිකාවට

IMAGE 2017 Nov 12 14:13
පසුගියදා පැවැති සුමති සම්මාන උළෙ‍ලේදී ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන යූ.ඩබ්.සුමතිපාල අනුස්මරණ...
Views - 2014

Please publish modules in offcanvas position.