lakbima.lk
2017-07-20 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.151.6800 , විකුණුම් මිල රු.155.4800 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.196.8000 , විකුණුම් මිල රු.203.4600 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.173.6700, විකුණුම් මිල රු.180.2000 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.157.7400 , විකුණුම් මිල රු.164.0300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.119.6100 , විකුණුම් මිල රු.124.3000 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.119.5300 , විකුණුම් මිල රු.124.8000 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.110.3500 , විකුණුම් මිල රු.114.3700 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3485, විකුණුම් මිල රු.1.3993 |

“සිඳූ” තේමා ගීතය නිර්මාණය වුණේ මේ විදියටයි

ඇවිත් එක්කන් යන්න මම හිමේ තනි වෙලා අම්මේ” කියනකොට බොහෝ මව්වරුන්ට නෙතඟට කඳුළක් වැටෙනා බව නම් නොරහසක්. මේ විදිහට මව් පුතු සෙනෙහස ගැන අපට කියා දෙන “සිඳූ” තේමා ගීතය ගැන බොහෝ දෙනා නොදත් කතාවයි මේ විදිහට දිග හැරෙන්නේ.
“අම්මා ළඟ නැති දුකට මගේ පණ අඬනවද” කියලා මමත් මගේ පුතාගෙන් හිතින් අහනවා කියලා සමහර අම්මාවරු මට කතා කරලා මේ ගීතේ තියෙන සංවේදීභාවය මාත් එක්ක බෙදා ගන්නවා. මේ නිසාම මාත් ගීතයත් එක්කම දැන් ජීවත් වෙන්න පටන් අරගෙන” 
තමන්ට හැඟෙන ආත්ම තෘප්තිය ගැන සිඳූ තේමා ගීතය ගායනා කරන යශෝධා ප්‍රියදර්ශනී හැඟීම්බරව අපත් සමග මේ විදිහට බෙදා හදා ගත්තා.
සිඳූ තේමා ගීතය ගයන්න අවස්ථාව ලැබුණු විදිහ ගැන ඇය මේ විදිහට සිහිපත් කළා. 
“මම දෙරණ ඩී්‍රම් ස්ටාර් 6 වන අදියර යටතේ දෙවන තැන ලබාගැනීමත් සමගම සිඳූ තේමා ගීතය ගායනයට ආරාධනා ලැබිම කියන්නේ මට මගේ ස්වාධීන ගායනයකට ලැබුණු පළමු අවස්ථාවයි. ඒ අවස්ථාව මගේ ගායන ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය වුණා කිව්වොත් නිවැරදියි.
යශෝධාගේ ගායන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වූ සිඳූ තේමා ගීතයට ලැබෙන ප්‍රතිචාර මොනවද කියලා අපි අහපු ප්‍රශ්නෙට ඇය අපට දුන්නේ මේ වගේ උත්තරයක්.
“සිඳූ තේමා ගීතයට මට වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්නේ අම්මලාගෙන්. මට හරියට දැනෙන්නේ ගීය කියනකොට මගේ අම්මා මට දක්වන ආදරයේ නිම කළ නොහැකි මහමෙරක වටිනාකම. මටත් ගීතය කියනකොට ඇඬෙනවා. සිඳූ තේමා ගීතය නිසාම තමයි මට දෙවැනි ඉනිම තේමා ගීතයටත් අවස්ථාව ලැබුණේ. යුග ගායනයට දායක වෙන කවීශ් ඉඳුවර ගැනත් කියන්නට ඕනේ. ඔහු මට ලබාදුන්න සහයෝගය විශිෂ්ටයි. මට හිතෙනවා ලැබෙන ප්‍රතිචාරත් එක්ක අපි දෙන්නම ගීතයට සාධාරණයක් ඉටු කළා කියලා” 
සිඳූ තේමා ගීතයට පුතුගේ හැඟීමෙන් හඬ එකතු කරන කවීශ් ඉඳුවර දෙරණ ලිට්ල් ස්ටාර් පස්වන අදියරේ දක්ෂතම පුංචි තරුව ලෙස 
අභිෂේක ලැබූ දක්ෂයෙක්. දැනට 8 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන කවීශ් ‘සිඳූ” තේමා ගීතය ගැන කතා කළේ මේ විදිහටයි.
“තේමා ගීතය ලියපු ජානක සිරිවර්ධන සර් තමයි මට මේ සඳහා අවස්ථාව ලබා දුන්නේ. යශෝධා අක්කා වගේම ජානක සර් මට විශාල මග පෙන්වීමක් කළා ගීතය ගායනා කරන්න. ඒ නිසා මට බයක් දැනුණේ නැහැ. මගේ පාස‍ලේ යාළුවෝ මේ ගීතය ගොඩාක් අගය කරනවා. ටෙලිනාට්‍ය පටන් ගන්නකොට අම්මයි තාත්තයි ඉක්මනින්ම දුවගෙන එනවා මගේ කටහඬ අහන්න. මේ ගීතය නිසාම චිත්‍රපට කිහිපයක   ගීත ගායනයටත් මට ආරාධනා ලැබුණා.”
සිඳූ තේමා ගීතයට වචන හරඹ එකතු කරපු ජානක සිරිවර්ධනටත් අපට කියන්න කතාවක් තිබුණා.
“සිඳූ තේමා ගීතය කියන්නේ මලීගෙයි සිඳූගෙයි කතාවම නෙමේ. මේ ගීතය තම පුංචි දරුවා වෙනුවෙන්ම දරුවන්ව අතහැර දමා මැදපෙරදිග ගෘහ සේවයට යන සියලු අම්මාවරුන්ගේ කතාවයි. විශේෂයෙන් කියන්න ඕනේ මේ ගීතය සංගීතවත් කළ ජානක ෆොන්සේකා මට අවශ්‍යම දේ සංගීතයෙන් ප්‍රතිනිර්මාණය කළා කියලා”.
 
සිඳූ තේමා ගීතය
 
රණ්ඩුවක් උනේ නෑ කියන්නම් දිවුරලා
අම්මේ මට කරුවලයි හඳ මගෙන් හැඟිලා
කලුවරට මුවා වී හඳ ළඟම ඉන්නවා
හඳේ හා පැටවු නෑ උන් පුතා හොයනවා
 
එන්න දුර වැඩියි නම් හීනෙකින් වත් එබෙනවද
දන්න කෙනෙකුන් අතේ මගේ හිත එවනවද
දෙන්නා දෙතැනක තියා මොන පවන් ගලනවද
අම්මා ළඟ නැති දුකට මගේ පණ අඬනවද
 
වදී වැහි පිණි හිසට රන් වියන් තැනේවා
නොඹී ඇල් දිය කුසට රජ බොජුන් ඉදේවා
ඒ මුකුත් නැති වුණත් අම්මේ හෙට හිනැහිලා
ඇවිත් එක්කන් යන්න මම හිමේ තනිවෙලා, අම්මේ
 
ගායනය - යශෝධරා ප්‍රියදර්ශනී / කවිශ් ඉඳුවර
පද රචනය - ජානක සිරිවර්ධන
සංගීතය - ජානක ෆොන්සේකා 
 
සමන්මලී නැලිගම

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

ගෙදරටම පැමිණ ගබ්සා කරන පොළොන්නරුවේ හොර වෙද්දු

IMAGE 2017 Jul 31 09:04
පොළොන්නරුව වැනි ඈත ප‍්‍රදේශවල මේ වන විට රහසිගතව සිදුවන මෙම නීති විරෝධී ගබ්සා ජාලය ජනාකීර්ණ...
Views - 71

ඕපදූප කතා ගැන ගයාත්‍රි පළමු වරට කතා කරයි

IMAGE 2017 Jul 30 18:35
මොනවද ගයාත්‍රි මේ අන්තර්ජාලයේ පැතිර යන කට කතා   කාලයක් තිස්සේ දැනගෙන හිටපු කීප දෙනෙක් මට...
Views - 797

නයිජීරියානුවන්ගේ ගැටවලට හසුවී සල්ලන්වන ලංකාවේ ගෑනු

IMAGE 2017 Jul 30 17:49
“මට ඔයාව මිතුරියක් කරගන්න ආසයි...... ඔයාට තෑගි දෙන්න......... නිතර ඔයා සමග කතා කරන්නත් ආසයි. හැබැයි...
Views - 1166

ජලනන්දන පිරිතෙන් වතුර නටවන්න පුළුවන් කියන්නේ බොරු! (Video)

IMAGE 2017 Jul 30 14:06
ජලනන්දන පිරිත ලක්ෂවාරයක් ජප කිරීමෙන් වතුර නැටවිය හැකිය යන මතයෙහි කිසිදු සත්‍යතාවයක් නැති...
Views - 539

නියඟය උහුලනු බැරිව දළුකාන ආදීවාසීහු වන වදිති

IMAGE 2017 Jul 28 12:40
නගරවාසීන්ට සාපේක්ෂව ගම්වාසීහු සොබාදහම නියමයන් පිළිගනිති. ගම්වාසීන්ටත් වඩා සොබාදහමේ...
Views - 1060

සොයුරා දැරියක කෙළෙසූ වරදට දඩුවමක් ලෙස දූෂණය වූ යුවතියක්

IMAGE 2017 Jul 28 10:52
කාන්තාවන්ට එරෙහිව ලිංගික අතවර සිදුවන රටවල් අතර දකුණු ආසියානු කලාපයේ රටවලටද හිමිවන්නේ...
Views - 4227

Please publish modules in offcanvas position.