lakbima.lk
2017-07-20 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.151.6800 , විකුණුම් මිල රු.155.4800 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.196.8000 , විකුණුම් මිල රු.203.4600 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.173.6700, විකුණුම් මිල රු.180.2000 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.157.7400 , විකුණුම් මිල රු.164.0300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.119.6100 , විකුණුම් මිල රු.124.3000 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.119.5300 , විකුණුම් මිල රු.124.8000 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.110.3500 , විකුණුම් මිල රු.114.3700 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3485, විකුණුම් මිල රු.1.3993 |

ලංකාවට උචිත ව්‍යවස්ථාවක් අවශ්‍ය කර තිබේ

Thisu

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ අතුරු වාර්තා කෙටුම්පත සඳහා දැනට යෝජනා වී ඇති බලය බෙදාහැරීමේ ඒකකය සම්බන්ධයෙන් පරස්පර මතවාදයන් ගැටෙන්නට පටන් ගෙන තිබේ. බලය බෙදාහැරීම යන මූලික සංකල්පයට දේශපාලන පක්ෂ සියල්ල එකඟ නමුත්, බලය බෙදිය යුතු ඒකකය සම්බන්ධයෙන් විවිධ අදහස් සහ යෝජනා ඉදිරිපත් වී ඇත. බලය බෙදාහැරීමේ මූලික ඒකකය පළාත් විය යුතු බව බහුතර පක්ෂවල මතය වුවත් සුළු ජාතික පක්ෂ විසින් ඉදිරිපත් කර තිබෙන යෝජනාව අනුව බලය බෙදෙන ඒකකය සම්බන්ධයෙන් නිශ්චිත අදහසක් ගම්‍ය නොවීම ගැටලුවක් බව ඇතැම් පාර්ශ්ව පෙන්වා දෙති.
සුළු ජාතික පක්ෂ දිස්ත්‍රික්කයක හෝ පළාතක සුළුතරයක් වන  හා බහුතර පුරවැසියන් ගෙන් කරුණු කිහිපයකින් වෙනස් වන ජනවාර්ගික ආගමික හෝ වෙනත් ලැදියාවන් ඇති ප්‍රජාවන් (Communities of Interest) සඳහා හැකි සෑම අවස්ථාවකම වෙනම ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාල පිහිටුවීම මෙම යෝජනා සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන කණ්ඩායම්හි එකඟත්වයක් තිබෙන බවක් පෙනෙන්නට නැත. පළාත සම්බන්ධයෙන් නිසි නිර්වචනයක් නොමැති බැවින් එය ගැටලුවක් බව පවසන ප්‍රධාන පක්ෂවල නියෝජිතයන්ගේ මතය වී තිබෙන්නේ ජනවාර්ගික පදනම සහිතව බලය බෙදීම අහිතකර ප්‍රතිඵල ගෙනදිය හැකි බවය.
බලය බෙදාහැරීමේ ප්‍රධාන ඒකකය පළාත විය යුතු බව ශ්‍රී ලනිපය මූලධර්මයක් ලෙස පිළිගන්නා නමුත්, දැනට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන පළාත් සභා දෙකක් හෝ වැඩි ගණනක් එක්කොට පළාත් ආණ්ඩුවක් බිහි කිරීමට තිබෙන හැකියාව තහවුරු කෙරෙන වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කළ යුතු බවට යෝජනා කිරීමට ඔවුන් කටයුතු කරමින් සිටිති. ජාතික ඒකාබද්ධ කමිටුව ව්‍යවස්ථාවේ තිබෙන මෙම වගන්තිය දෙමළ නිජභූමියක් නිර්මාණය කිරීමට ඉඩ සලසන බැවින් දැනට ව්‍යවස්ථාවේ පවතින 154 (3) වගන්තිය ඉවත් කළ යුතු බවට යෝජනා කර තිබේ.
එමෙන්ම අතුරු වාර්තාවට යෝජනා ඉදිරිපත් කරන ජාතික ඒකාබද්ධ කමිටුව පළාතක ව්‍යුහාත්මක වෙනසක් කරන්නේ නම් එම පළාතේ ජනයාගෙන් පමණක් නොව ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයේම අනුමැතිය ලැබිය යුතු බව කියා සිටී. කෙසේ නමුත් මෙවැනි යෝජනා සම්බන්ධයෙන් හෝ වෙනත් යෝජනා සම්බන්ධයෙන් ජනමත විචාරණයකට නොයා යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලික ස්ථාවරය වී තිබේ. දැනට පවතින ව්‍යවස්ථාව සඳහා සංශෝධන ඉදිරිපත් කළ හැකි නමුත්, ජනමත විචාරණයකට යා යුතු අන්දමේ යෝජනා ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරුද්ධය.
නව ව්‍යවස්ථා සංශෝධනයෙන් උතුරු නැගෙනහිර පළාත් එක් ඒකකයක් ලෙස පිළිගත යුතු යැයි දෙමළ ජාතික සන්ධානය යෝජනා කර තිබේ. නමුත් ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවේ සඳහන් වන්නේ පළාත් ඒකාබද්ධ කිරීමක් නොකළ යුතු බවය. ජාතික හෙළ උරුමයේද යෝජනාව වී ඇත්තේ සුළු ජාතීන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමට හොඳම ආකෘතිය ඒකීය රාජ්‍ය බවත් බලය විමධ්‍යගත කිරීමක් සිදුවන්නේ නම් එය විය යුත්තේ දිස්ත්‍රික්ක පදනම් කරගත් ක්‍රමයකට අනුව බවය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා සංශෝධන විවිධ මට්ටම්වලින් ඉදිරිපත් වන අතරම ජනමත විචාරණයකට යා යුතු අන්දමේ වගන්තිද ඒ සඳහා ඇතුළත් කිරීමට සුළු ජාතික පක්ෂ මෙන්ම ප්‍රධාන ධාරාවේ ඇතැම් පක්ෂද උත්සාහ දරමින් සිටින බව පෙනේ. ලෝකයේ විවිධ රටවල් විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයේදී ඒ සඳහා භාවිත කළ ක්‍රමවේද ඒ අයුරින්ම මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයේදී ගැළපීමට උත්සාහ දරන බව පෙනේ. මෙය කොහෙත්ම ප්‍රායෝගික යථාර්ථයක් වන්නේ නැත. මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද සංශෝධනය විය යුත්තේ මේ රටේ සහ කලාපයේ පවතින විෂය මූලික තත්ත්වයන් සැලකිල්ලට ගනිමිනි. 
අප මෑතකදී විශේෂ අවධානය යොමු කරන ලද දකුණු අප්‍රිකානු ව්‍යවස්ථාවද සකස් කරනු ලැබුයේ එහි පැවැති විෂය මූලික තත්ත්වයන්ට අනුරූපීවය. එහි නව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ ආරම්භක සැසිය පවත්වන ලද්දේ 1994 මැයි 22 වැනිදාය. එය සිය දෙවන සැසියේදී 44 දෙනෙකුගෙන් සමන්විත මෙහෙයුම් කමිටුවක් පත් කරගනු ලැබිය. ව්‍යවස්ථා සම්පාදක ක්‍රියාවලියේ කළමනාකරණ ව්‍යුහයක් ගොඩ නැගීම, ඒවා කළමනාකරණය එම කමිටුවේ වගකීම විය. ඊට අතිරේකව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය තේමා කමිටු 6ක් ඇතිකර ගත්තේය. ඒ හැම කමිටුවකටම නීති සහ ප්‍රතිපත්ති පිළිබඳ විශේෂඥයන් 
වූහ. ව්‍යවස්ථාව නිර්මාණය කරගැනීමේ කටයුත්ත සඳහා මහජනයා සහභාගි කරවා ගැනීම අතින් මෙන්ම ඒ සම්බන්ධයෙන් මහජනයා දැනුවත් කිරීම අතින්ද අප්‍රිකානු ව්‍යවස්ථා සම්පාදක වැඩපිළිවෙළ ඉදිරියෙන් සිටී. එමෙන්ම දකුණු අප්‍රිකාවේ ඇතිවූ නව ජාතික රාජ්‍යයේ පැවැත්මට අවශ්‍ය දකුණු අප්‍රිකානු ජාතියක් ගොඩනැගීම හා ප්‍රජාතන්ත්‍රවාදී රටක් ගොඩනැගීම ඔවුන්ගේ අරමුණ විය. නොබෙදුන දකුණු අප්‍රිකාවක් ඔවුන්ගේ ප්‍රතිසංස්කරණවල තේමාව විය. එබැවින් අපේ ව්‍යවස්ථා සම්පාදක ක්‍රියාවලියේද මූලික හරය විය යුත්තේ ඒකීය ව්‍යවස්ථාවක් තුළ පවතින ගැටලු නිරාකරණය කරගැනීමය. ජන වාර්ගික පදනම් මත බෙදුණු රාජ්‍යයක් ගොඩනැගීම සඳහා කෙරෙන යෝජනා පළමු වටයේම පරාජය විය යුතුය.
 
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

ගෙදරටම පැමිණ ගබ්සා කරන පොළොන්නරුවේ හොර වෙද්දු

IMAGE 2017 Jul 31 09:04
පොළොන්නරුව වැනි ඈත ප‍්‍රදේශවල මේ වන විට රහසිගතව සිදුවන මෙම නීති විරෝධී ගබ්සා ජාලය ජනාකීර්ණ...
Views - 71

ඕපදූප කතා ගැන ගයාත්‍රි පළමු වරට කතා කරයි

IMAGE 2017 Jul 30 18:35
මොනවද ගයාත්‍රි මේ අන්තර්ජාලයේ පැතිර යන කට කතා   කාලයක් තිස්සේ දැනගෙන හිටපු කීප දෙනෙක් මට...
Views - 797

නයිජීරියානුවන්ගේ ගැටවලට හසුවී සල්ලන්වන ලංකාවේ ගෑනු

IMAGE 2017 Jul 30 17:49
“මට ඔයාව මිතුරියක් කරගන්න ආසයි...... ඔයාට තෑගි දෙන්න......... නිතර ඔයා සමග කතා කරන්නත් ආසයි. හැබැයි...
Views - 1166

ජලනන්දන පිරිතෙන් වතුර නටවන්න පුළුවන් කියන්නේ බොරු! (Video)

IMAGE 2017 Jul 30 14:06
ජලනන්දන පිරිත ලක්ෂවාරයක් ජප කිරීමෙන් වතුර නැටවිය හැකිය යන මතයෙහි කිසිදු සත්‍යතාවයක් නැති...
Views - 539

නියඟය උහුලනු බැරිව දළුකාන ආදීවාසීහු වන වදිති

IMAGE 2017 Jul 28 12:40
නගරවාසීන්ට සාපේක්ෂව ගම්වාසීහු සොබාදහම නියමයන් පිළිගනිති. ගම්වාසීන්ටත් වඩා සොබාදහමේ...
Views - 1060

සොයුරා දැරියක කෙළෙසූ වරදට දඩුවමක් ලෙස දූෂණය වූ යුවතියක්

IMAGE 2017 Jul 28 10:52
කාන්තාවන්ට එරෙහිව ලිංගික අතවර සිදුවන රටවල් අතර දකුණු ආසියානු කලාපයේ රටවලටද හිමිවන්නේ...
Views - 4227

Please publish modules in offcanvas position.