lakbima.lk
2017-07-20 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.151.6800 , විකුණුම් මිල රු.155.4800 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.196.8000 , විකුණුම් මිල රු.203.4600 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.173.6700, විකුණුම් මිල රු.180.2000 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.157.7400 , විකුණුම් මිල රු.164.0300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.119.6100 , විකුණුම් මිල රු.124.3000 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.119.5300 , විකුණුම් මිල රු.124.8000 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.110.3500 , විකුණුම් මිල රු.114.3700 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3485, විකුණුම් මිල රු.1.3993 |

පාගමනින් කතරගම එන අමුත්තෝ

“ලංකාවේ ජනයා විදේශිකයන් හරිම සුහදශීලී බවක් දක්වනවා. එකම දෙවියකු ජාතින් කීප දෙනෙකු එක්ව අදහන එකම රට ලංකාව පමණයි.”

මේ රටේ ජාතින් අතර හොඳ සමගියක් ඇති බව පේනවා යැයි ඇමෙරිකාවේ හවායින් ප්‍රදේශයේ සිට පැමිණි වෛද්‍ය විශේෂඥයකු වන වෛද්‍ය ඩැනියල් මහතා පවසයි.

වෛද්‍ය ඩැනියල් මහතා ලබන 24වැනි දින පැවැත්වෙන  කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යට එක්වීම පිණිස ඔකඳ සිට කුමන ජාතික වන උද්‍යානයට පැමිණ යාල වනය ඔස්සේ පාද වන්දනාවෙන් පැමිණෙමින් සිටි.

ඩැනියල් මහතා සමඟ ඇමෙරිකාවේ සිට පැමිණි මාධ්‍යවේදීන් ඇතුළු ව්‍යාපාරික බැතිමතුන් කණ්ඩායමක්ද සමග එක්ව පා ගමනට එක්ව සිටිති.

වැඩිදුරටත් ‘ලක්බිමට’ අදහස් දක්වමින් ඩැනියල් මහතා පැවැසුවේ,

“ඇමෙරිකාවේ සිට ලංකාවට පැමිණ සිටි විද්‍යාඥ ආතර් සී ක්ලාක් මහතා මගේ හොඳම මිතුරා. මම 1985දී ඔහුව හමුවීමට ලංකාවට ආවා. ඒ දවස්වල ලංකාවේ ජාතින් අතර යුද ගැටුම් තිබුණා. ඒත් මම ලංකාවට ආවා. ඇවිත් යාල නැරඹුවා. අනුරාධපුර ශ්‍රී මහා බෝධිය වඳින්න ආතර් සි ක්ලාක් මාව එක්ක ගෙන ගියා. එදාට වැඩිය දැන් ලංකාව ගොඩක් දියුණු වෙලා මට හරිම සතුටුයි. අපි කෙටි කාලයකින් ඔකඳට ආවා. පාද යාත්‍රාව මට අලුත් අත්දැකීමක් වෙයි. මගේ මිතුරා සූරියකුමාර මහතා මාව මේ පාද වන්දනාවට එක්කර ගත්තා. මේ රටේ ජනයා අපි විදේශිකයන් කියලා වෙන් කරන්නේ නැහැ. රසකැවිළි දෙනවා. විවිධ ආහාර දෙනවා.  මම මේ ගමනේ දී විවිධ භාෂාවන් කතා කරන අය දැක්කා. කතරගම මුරුගන් දෙවියෝ අදහන අය ගොඩක් මම දැකලා තියෙනවා. මම රටවල් ගණනාවක සංචාරය කරලා තියෙනවා. ලංකාවේ වගේ මිනිසුන් අතර ඇති සුහදශීලීබව වෙනත් රට වලදි දැකලා නැහැ. මේ පාද වන්දනාවට මගේ ජීවිතේ ආධ්‍යාත්මික සංවර්ධනයට රුකුලක් වෙයි කියලා හිතෙනවා. වෛද්‍ය ඩැනියල් මහතා පැවැසීය.”

මෙම පාද වන්දනාව සඳහා  පැමිණි ඇමෙරිකාවේ හවායින් හි පදිංචිව සිටින සූරිය කුමාර මහතා  මෙසේ කීය.

“මම ඇමෙරිකාවේ වසර 40ක් ජීවත් වෙනවා. මම කතරගම දෙවියන් මෙන්ම බුදුන් වහන්සේට ගරු කරන පුද්ගලයෙක්. ලෝකයේ කිසිම රටක නැති හොඳ සංස්කෘතියක් ලංකාවේ තියෙනවා. මෙම පාද වන්දනාව ඈත අතීතයට ඇදීයන වන්දනා ගමනක්. ඇමෙරිකාවේ මගේ සේවකයන් යාළුවෝ මේ පාද වන්දනාව සඳහා පැමිණියා. අපි ආගමික සහජීවනය සම්බන්ධ වීඩියෝ වැඩසටහනක් ද කරන්න ඇමෙරිකා මාධ්‍යවේදින් කීප දෙනකු ද අප හා මෙම පාද වන්දනාවට එක් වී සිටිනවා. හරිම සුන්දර අත්දැකීමක් වෙයි.”

මෙම පාද වන්දනාව සඳහා එක්ව සිටින ‍පෝලන්ත ජාතික ප්‍රසම්යු මහතා

“මම ලංකාවට ආවේ ආධ්‍යාත්මික සුවයක් ලබන්න අද ලෝකයේ දියුණුවත් සමග මිනිසුන් පීඩාවට පත්වෙලා වැඩ කරනවා. බාහිර ලෝකයෙන් මිදිලා සිත දියුණු කරගන්න මානසික සුවය ලබන්න කවුරුත් හුරු වන්නේ නැහැ. මම ජීවිතයට අලුත් දෙයක් එක්කර ගන්නා අයෙක්. මට මේ පාද වන්දනාවෙන් අලුත් අත්දැකීමක් ලබාගන්න පුළුවන් වෙයි.”

යාපනයේ සිට දින 40ක කාලයක් ගෙවා පාද වන්දනාවෙන් කුමන ජාතික වන උද්‍යානයට පැමිණ සිටින ආධ්‍යාත්මික කටයුතු හා සම්බන්ධ පරීක්ෂණයක යෙදී සිටින ඕස්ට්‍රේලියා ජාතික බෙන් විච්චයිට් මහතා මෙසේ පැවසීය.

“ විවිධ රටවල් අතර ජාතින් වශයෙන් වෙන් වෙලා යුද්ධ කර ගන්නවා.  මිනිස්සු මැරෙනවා. ලංකාවේ කතරගම දෙවියන් වන්දනාවේ යන පාද චාරිකාව මගින් ලෝකයට හොඳ පණිවුඩයක් දෙන්න පුළුවන්. මේ ගමනට සිංහල, දෙමළ අය වගේම ලෝකයේ විවිධ රටවල අය මෙම පාද වන්දනාවට එක්ව සිටිනවා. සියලුම දෙනා සමඟියෙන් මේ පාද වන්දනාව සිදු කරනවා. ‍පොලීසිය, යුද හමුදාව මේ එන ජනතාවට අවශ්‍ය වෛද්‍ය උපකාර ආහාර ලබාදීම ජලය ලබා දීම කරමින් උපකාර කරනවා. මෙය තමයි ලෝකයේ තිබිය යුතු සාමය. රටවල් අතරට බෙදිලා ජාතින් අතරට බෙදිලා යුද වැදීම නිෂ්පල කරුණක්. එකම දෙවියෙක් එකට එක්වෙලා වඳින්න පුළුවන් නම් එකම ඉර හඳ යට ඉන්න අපිට සමගියෙන් ජීවත්වීම මොන තරම් පහසු දෙයක්ද ඒ මහතා පැවැසීය.”

මෙම පිරිස ලබන 19වැනි දින කතරගම පුදබිම වෙත ළඟා වීමට නියමිතය.

පසුගිය 15වැනි දින සවස වන විට පාද වන්දනාව සඳහා 1453ක් පමණ කුමන ජාතික වනඋද්‍යානය ඔස්සේ පාද වන්දනාව සඳහා එක්ව සිටිති.

මේ අතර කතරගම දේවාලය වන්දනා කිරීම සඳහා උතුරේ සිට පා ගමනින් පැමිණෙන බැතිමතුන් හට සංග්‍රහ කටයුතු සහ අවශ්‍ය පහසුකම් සැලසීමට නාවික හමුදාව පියවර ගෙන ඇත.

 ඒ අනුව, ගිණිකොන නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ පානම, ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනයට අනුයුක්ත නාවික පුද්ගලයන් පිරිසක් පසුගිය ජූලි 15 වන දින සිට මෙම සත්කාර සේවය ආරම්භ කරන ලදී. අගෝස්තු මස 2 වන දින දක්වා මෙම සත්කාර්යය සිදු කිරීමට නියමිතව ඇත.

දුෂ්කර ගමන් මාර්ගයක් ඔස්සේ පා ගමනින් පැමිණෙන එම බැතිමතුන්ගේ සියළුම අවශ්‍යතාවයන් සපුරාලීමට නාවික හමුදාව කටයුතු සම්පාදනය කොට ඇත. ඔවුන් හට අවශ්‍ය ආහාර, පානීය ජලය හා වියළි ආහාර ද්‍රව්‍ය ලබා දීම ඒ අතරින් ප්‍රධානය. එමෙන්ම දුෂ්කර මාර්ගයන් ඔස්සේ ගමන් කිරීම සඳහා අවශ්‍ය උදවු උපකාර ලබා දීමටත්, වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමටත් ගිණිකොන නාවික විධානය විසින් පියවර ගෙන ඇත.








 

කතරගම කේ.ඩී. දේවප්‍රිය

 

 

 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

ගෙදරටම පැමිණ ගබ්සා කරන පොළොන්නරුවේ හොර වෙද්දු

IMAGE 2017 Jul 31 09:04
පොළොන්නරුව වැනි ඈත ප‍්‍රදේශවල මේ වන විට රහසිගතව සිදුවන මෙම නීති විරෝධී ගබ්සා ජාලය ජනාකීර්ණ...
Views - 70

ඕපදූප කතා ගැන ගයාත්‍රි පළමු වරට කතා කරයි

IMAGE 2017 Jul 30 18:35
මොනවද ගයාත්‍රි මේ අන්තර්ජාලයේ පැතිර යන කට කතා   කාලයක් තිස්සේ දැනගෙන හිටපු කීප දෙනෙක් මට...
Views - 796

නයිජීරියානුවන්ගේ ගැටවලට හසුවී සල්ලන්වන ලංකාවේ ගෑනු

IMAGE 2017 Jul 30 17:49
“මට ඔයාව මිතුරියක් කරගන්න ආසයි...... ඔයාට තෑගි දෙන්න......... නිතර ඔයා සමග කතා කරන්නත් ආසයි. හැබැයි...
Views - 1165

ජලනන්දන පිරිතෙන් වතුර නටවන්න පුළුවන් කියන්නේ බොරු! (Video)

IMAGE 2017 Jul 30 14:06
ජලනන්දන පිරිත ලක්ෂවාරයක් ජප කිරීමෙන් වතුර නැටවිය හැකිය යන මතයෙහි කිසිදු සත්‍යතාවයක් නැති...
Views - 539

නියඟය උහුලනු බැරිව දළුකාන ආදීවාසීහු වන වදිති

IMAGE 2017 Jul 28 12:40
නගරවාසීන්ට සාපේක්ෂව ගම්වාසීහු සොබාදහම නියමයන් පිළිගනිති. ගම්වාසීන්ටත් වඩා සොබාදහමේ...
Views - 1060

සොයුරා දැරියක කෙළෙසූ වරදට දඩුවමක් ලෙස දූෂණය වූ යුවතියක්

IMAGE 2017 Jul 28 10:52
කාන්තාවන්ට එරෙහිව ලිංගික අතවර සිදුවන රටවල් අතර දකුණු ආසියානු කලාපයේ රටවලටද හිමිවන්නේ...
Views - 4227

Please publish modules in offcanvas position.