lakbima.lk
2017-07-20 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.151.6800 , විකුණුම් මිල රු.155.4800 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.196.8000 , විකුණුම් මිල රු.203.4600 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.173.6700, විකුණුම් මිල රු.180.2000 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.157.7400 , විකුණුම් මිල රු.164.0300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.119.6100 , විකුණුම් මිල රු.124.3000 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.119.5300 , විකුණුම් මිල රු.124.8000 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.110.3500 , විකුණුම් මිල රු.114.3700 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3485, විකුණුම් මිල රු.1.3993 |

මහනුවර ඇසළ පෙරහැරේ විශේෂාංග

ඕනෑම පෙරහැරක විශේෂාංග පෙළගැස්මක් හෙවත් සන්දර්භයක් තිබේ. ඒ සන්දර්භය සකස්වනුයේ පෙරහැරේ ආධ්‍යාත්මික, සංස්කෘතික හා සෙන්දර්යාත්මක බව සුරැකෙන පරදිය. ඒ අනුව මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය මේ විශේෂාංග විස්තරය ද ඔබගේ දැනුවත්බව උදෙසා මෙලෙස ඉදිරිපත් කරමු

1. ආරක්ෂක රථය :- ඇසළ පෙරහැරට මෑත ඉතිහාසයේදි එක්වු අංගයකි.පෙරහැර ගමන් ගන්නා මාර්ගයෙහි ඉඩකඩ සලසා දීමත්, ආරක්ෂාව තහවුරු කිරීමත්මෙමගින් සිදුවේ.

2. කස කරුවන්- පෙරහැරේ මුලින්ම ගමන් ගන්නා කස කරුවන් තම කස සකස් කර ගනුයේහණ හෙවත් නියඳ පඳුරු තුළින් කපා ගත් හණ පත් ලෑල්ලක බැද හණ පතෙහි මතුපිටගෑවිට මතුවන නුල් ගෙන වේලා සකස්කර ගැනීමෙනි. අඩි 7 ක් පමණ දිගට අග හීන්වනසේ අඹරා බැඳගන්නා කසය අල්ලා ගන්නා කොටස අතට පහසු වනසේ ලණුවලින් හෝ වෙනත්ද්‍රව්‍යයකින් බැද ගැනිම සිරිතය. පැරණියේදි රජදරුවන් බැහැරට ගමන් ගන්නා විටරජු ඉදිරියෙන් කස පුපුරුවමින් යැම සිරිත විය. රජු එන මග ඉඩකඩ සලසාගැනීමටත්, රජු ලඟ ලඟඑන බව ඇ`ගවීමටත් කස කරුවන් යොදාගන්නා ලදී. එම සිරිතබුද්ධ පුජාමය මංගල්ලයන්හීදි පෙරහැර ගමන් ගන්නා මාර්ගයෙහි ඉඩකඩ සලසාගැනීමටත්, පෙරහැර ලඟ එන බව සංනිවේදනය කිරීමටත් කස කරුවන් යොදා ගැනීමසිදුවේ. අතිතයේ පෙරහැර පැවැත්වීමේ එක් අරමුණක් වුයේ කලට වැසි ලබාගැනීමය.දළදා කරඩුව දොරට වැඞීමේදී වැස්ස ලැබෙන බවට විශ්වාසයක් පවති. කස පිපිරවීමතුළින් වැස්සට පෙර දසත විහිදෙන විදුලිය කෙටීමේ හඩ හා ස්වරුපය සංකේතවත්කෙරේ.

3. ගිනිබෝල කරුවන්- පෙරහැර ගමන් ගන්නා මාර්ගය දෙපස ආලෝකමත් කිරීමත් මගහෙලි පෙහෙලි කර දීමත් ලඟ ලඟ එන පෙරහැරෙහි ආකර්ෂණය වර්ධනය කොට නරඹන්නන්ගේනෙත් සිත් පැහැර ගෙන පෙරහැර කෙරෙහි යොමු කරවා බුද්ධාලම්බන ප්‍රීතියදැනවීමත් මෙමගින් සිදුවේ.

4. බෞද්ධ කොඩි - මේ ලඟ ලඟ ඉදිරියට ඇදෙන්නේ බෞද්ධ ආගමික පෙරහැරක් බවනිරූපණය කර දක්වයි. මෙහිදී එක් ජාතික කොඩියක් ද රැුගෙන යනු ලැබේ. එමගින්මෙම පෙරහැර ජාතික උත්සවයක් ද වන බව අඟවයි.

5. දිසා කොඩිය (රෙදි) - පළමුව හතරකෝරළේ - ඉරහඳ මහ කොඩිය දෙවනුව හත් කෝරළේසිංහයා මහ කොඩිය ඌවේ හංසයා මහකොඩිය මාතලේ සුදු මහ කොඩිය සබරගමුව කහපාටපටරෙදි මහ කොඩිය තුන් කොරලේ බේරුන්ඩ මහ කොඩිය (දෙහිස් උකුස්සා) වලපනේ මයුරමහ කොඩිය උඩපලාත නෙළුම් මහා කොඩිය නුවර කලාවිය ගජසිංහ මහ කොඩිය වෙල්ලස්සේකොටියා මහ කොඩිය බිම්තැන්නේ ගිරවා මහ කොඩියා තමන්කඩුව වලහා මහ කොඩිය යන මෙමදිසාවන් 12 සංකේතවත් කෙරෙන දිසා කොඩි 12 ක් ද, 1 උඩුනුවර 6 හේවා හැට 2 යටිනුවර 7 කොත්මලේ 3 තුම්පනේ 8 උඩ බුලත්ගම 4 හාරිස්පත්තුව 9 පාත බුලත්ගම 5 දුම්බර යන නවයට වෙන්වු කොඩි නවය රටේ රාළ වරුන්ගේ යටතේ පැවති රට යන පාලනඒකකය සංකේතවත් කිරීම සඳහා ද යොදා ගන්නා ලදී. මෙම කොඩි තුළින් ඒ ඒ දිසාව හාරට නියෝජනය කරමින් දිසාවේ වරු හා රටේ රාළලා තම නිල පිරිස සම`ග තමන්ට නියමිතකොඩිය රැුගෙන පෙරහැරට සහභාගි වීම සාම්ප්‍රදායික චාරිත්‍රයක් විය. අද එමනිලකරුවන් සම්බන්ධ නොවන නමුත් මෙම කොඩි රැුගෙන යාම තුළින් සංකේතවත් කරනුයේපැරණි මහනුවර රාජධානියට අයත් දිසා හා රට නිරූපනය කොට එම බලාධිකාරය සංකේතවත්කිරීමයි.

6. පිත්තල දිසා කොඩි - අංක 5 හා බැඳේ.

7. කඩු ගෙනයන්නෝ- පෙරහැරට ආරක්ෂාව සැපයීම සංකේතවත් කරමින් පැරණි පෙරහැරපෙළගැස්මේ සිට පැවත එන අංගයකි. පෙර රජ දවස රාජකිය හමුදාවේ කඩු ගත් හමුදාවමෙයට සහභාගි වුහ.

8. හස්තියෙකු පිට ගමන් ගන්නා පෙරමුණේ රාළ- මහනුවර රාජ සමයේ අවසාන භාගයේඑක්ව තිබූ අංගයකි. අලියෙකු පිට නැගී යන මොහු නිලකරුවන්ගේ රාජකාරිවාර්තා,ශ්‍රී දළදා මාළිගාවේ දේපල පිළිබද වාර්තා හා පෙරහැර ගමන් ගන්නාමාර්ගය පිළිබඳ වාර්තා සහිත ලේකම් මිටිය සංකේතවත් කරමින් රිදී මංජුසාවක බහාරැුගෙන යාම සිදුකරයි. මොහු සුදු තුප්පොට්ටියකින්, සුදු හැට්ටයකින් හා හිස්වැසුමකින් සැරසී සිටී.

9. හේවිසිකරුවෝ- දවුල්, තම්මැට්ටම්, හොරණෑව, තාලම්පට, කොම්බුව, හක්ගෙඩිය, ගෙජ්ජි යන වාද්‍ය භාණ්ඩයන් භාවිතා කෙරෙති. පුජා හා සංනිවේදනයට විවිධ ගමන්පද වාදනය කරමින් ඉදිරියට ඇදී යන ඔවුහු පෙරහැරේ චමත්කාරය වර්ධනය කරති. එසේමමොවුහු පෙරහැරේ තේජසද ගාම්භීරත්වය ද වර්ධනය කරති. ශ්‍රී දළදා මාලිගාවේහේවිසි පරම්පරා හතරම දවුල් කණ්ඩායමට ඇතුලත් වීම සුවිශේෂි ලක්ෂණයකි. දවුල්ගැසීමට පැරණියේදි සමත්කම් දැක්වූවන් අතර වැල්ලේතොට පරපුර, මොළදණ්ඩ පරපුර, හේවාවිස්ස, උඩුවෙල, කහල්ල, උඩුපිහිල්ල යන පරපුරවල් බෙහෙවින් දක්ෂ වූහ. එසේමමෙම පරම්පරා අතර මොළගොඩ, ඉහලවෙල, මාලගම්මන වැනි පරපුරවල් වර්තමානයේදී දප්‍රසිද්ධියට පත්වී ඇත.

10. ගජනායක නිලමේ- රජතමය අංකුසයක් අතින් ගෙන අලියෙකු පිට ගමන් කරන මොහුඇත් පන්තියේ නායකත්වය ගත් තැනැත්තා ලෙස පෙර සිටම සංකේතවත් කෙරිණි. පුජාමයමංගල්ලයන්හි අලි ඇතුන් සහභාගි වීම පැරණි රජකාලයේ සිට පැවත එන චාරිත්‍රයකි.විශේෂයෙන් වැසිබර මේඝය සංකේතවත් කර දැක්විම අලි ඇතුන්ගෙන් ඉටුවේ. අනුරපුරපොළොන්නරුව ආදී පැරණි යුගයන්හි අලි ඇතුන්ට අමතරව අසුන් ද පෙරහැරට සහාගිකරවා ගත් බව දක්නට ලැබේ.

11. හොරණෑ වාදකයෝ - දේශීය පංචතූර්ය වාදනයේ සුසිර කොටසට අදාලව මිහිරිනාදයක් උපදවන නළා විශේෂයක් වශයෙන් හොරණෑවට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි.හේවිසි වාදනයේදී ද හොරණෑව යොදා ගනී. 2006වසරේ සිට ශ්‍රී දළදා මාලිගාවේපෙරහැරට අළුතින් එක් කළ අංගයකි. ජයමංගල ගාථා, ගජගා වන්නම ඇතුළු භක්තියප්‍රකාශවන විවිධ නාද මාලා මෙම හොරණෑ වාදන කණ්ඩායම භාවිතයට ගෙන ඇත.

12. චාමර නැටුම :- ශ්‍රී දළදා වහන්සේට සහ රජවරුන් ඇතුලු ප්‍රභුන්ට පවන්සැලීම සඳහා චාමරය යොදාගෙන ඇත. එම කාර්යය විදහා දක්වමින් පසු කාලයක රාජසභානර්තනයක් වශයෙන් චාමර නැටුම සංවිධානවී ඇත. මෙවලමක් අතැතිව නර්තනයේ යෙදෙනනිසා මෙය ගැමි නැටුමක් ලෙස ද හැඳින්වීමට හැකිය. එහෙත් මේ සඳහා යොදාගෙන ඇතිගායන සහ චලන දෙස බලන විට ගැමි නැටුමක් වශයෙන් හැඳින්වීමට නොහැකිය. කෙසේ වුවද හුදු විනෝදය සඳහා සරල බෙර පද හා නර්තන ඇසුරු කර ගනිමින් නිර්මාණය වී ඇතිචාමර නැටුම මෙම පෙරහරේ සුවිශේෂ තැනක් ගනී.

13. ලී කෙලි කණ්ඩායම :- ඉතා සරල වූ නැටුම් විශේෂයකි. ගෝත්‍රික නැටුම්වලින් ශේෂ වූ නර්තන අංගයකි. හුදු විනෝදය ප්‍රකාශ කිරීම සඳහා සරල බෙරපද සරලකවි, රංග රටා හා සරල චලන යොදා ගනිමින් තාලානුකූලව ලී එකිනෙක ගට්ටනය කරමින්නිර්මාණය වූ ගැමි නැටුම් අංගයකි. උඩරට නැටුම් සම්ප්‍රදායානුකුලව සකසා ගෙනඇති මෙම නර්තන කාර්යේදි පැරණියේදි සමත්කම් දැක්වුන් අතර, උඩුවෙල, පරණගම, ෙල්වල, පරපුරවල් ප්‍රධාන තැනක් ගනි.

14. පන්තේරු කණ්ඩායම- උඩරට නර්තන සම්පප්‍රදායේ විශේෂ වූ නර්තන අංගයකි.සූවිසි විවරණ, සත්සතියල පන්සාලිස්වසල වැනි නර්තන අවස්ථා පන්තේරු නැටුමෙන්වර්ණවත් වී ඇත. පත්තිනි දේවියන්ගේ සළඹ අනුසාරයෙන් පන්තේරුව සැකසී ඇතිබවප්‍රකට මතයකි. ගැටබෙරය හෙවත් උඩරට බෙරය මෙහිදී වාදනය සඳහා යොදාගනී. උඩරටනර්තනයට අදාලව සුවිශේෂ කුසලතා දක්වමින් නර්තනයේ යෙදීම පන්තේරු නැටුමේ විශේෂලක්ෂණයකි. හිස බදින රෙද්ද කරවට බදින සුරය, කඩුක්කන්තෝඩු, වළලූ, පිජාමාව, අදින රෙද්ද, පච්චවඩම, සිලම්ඹු, කළුලේන්සුව, හවඩිය ඇඳුම් ආයිත්තම් අතර දක්නටහැකිය. අතීතයේදී ඌරුපොල, වේරකේ, අලපලාවල, බූටාවත්ත, බටුගොඩ, මැදගොඩ, කඩිගමුව, බටගල්ල, පාතහේවාහැට පරපුරවල් නම් දැරූහ.

15. තාලම් කණ්ඩායම :- ගැමි නැටුම් විශේෂයකි. තාල වාද්‍ය භාණ්ඩයක්වනතාලම්පට අත ඇතිව, සරල නැටුම් හා ඒ සඳහා නියමිත ගායනා යොදා ගනිමින් ගැටබෙරයේ වාදනයට අනුව සකස්වී ඇති සරළ නැටුම් අංගයකි.

16. හවඩි ද`ගයා :- ලී කෙළි නැටුමෙන් වර්ධනය වූ චමත්කාර නැටුම් අංගයකි.මෙහි විශේෂත්වය වනුයේ ලී කෙළි නැටුමට යොදාගන්නා පොලූ සහ ලණු යොදා ගනිමින්අලංකාර රටා වියමනක් නිර්මාණය කිරීමයි. කණ්ඩායම වටේට නටමින් මැද කණුවක්යොදාගනිමින් ඒ වටා රටා ගෙතීම සහ එම ගෙතීම නැවත ආපසු යථා පරිදි නිදහස් කිරීමනර්තනයේ යෙදෙමින්ම කෙරෙන සුවිශේෂ කාර්යයකි. මෙයද, ගැමි නැටුම් අංගයකි.

17. නෛයියංඩි කණ්ඩායම- හිසවෙස් ආභරණ රහිතව නෛයන්ඩි රංගාභරණයෙන් සැරසුනුප්‍රවීන ශිල්පීන් විසින් ඉදිරිපත් කරන උඩරට සම්ප්‍රරදායික නැටුමකි. ගැටබෙරයවාදනය සඳහා යොදා ගන්නා අතර උඩරට නැටුමට අදාලවූ කවි ගායනා යොදාගනී.(කණ්ඩායම් දෙකකි) උඩරටට ආවේනික නැටුම් විශේෂයකි. වෙස් නැටුමට පෙරාතුවහැදෑරිය යුතු නැටුම් විශේෂයකි. වෙස් නැටුමට පෙර කලඑලි රංගනයට ද යොදා ගනි.අවුල් හැරය, බන්ඩි වළලූ, උරබාහුව, සිලම්බු, රැුළි මන්තය, යට කලිසම, අටිරියකඅදින රෙද්ද, පච්චවඩමල ආදියෙන් ඇඳුම් ආයිත්තම් සමන්විත වේ. අතීතයේ වෙස්නැටුමට සමත්කම් දැක්වූයේ නාරම්පනාව, ඇලඔටුව ගල්දොල යන පරපුරවලය. උඩරට නර්තනසම්ප්‍රදායට අදාලව නර්තන අංගයකි.

18. කඩු සරඹ :- කඩු සරඹ පදනම් කර ගනිමින් ජන නැටුමක් වශයෙන් ජනප්‍රිය වූනර්තන අංගයකි. ප්‍රශස්ති සහ හටන් ගී මෙහි ගායනා වශයෙන් යොදා ගනී.

19. පන්තේරු නැටුම :- අංක 14 හා බැදේ

20. අත් රබන් :- ශ්‍රී ලංකාවේ රබන් වාදන අතර මහ රබන් අත් රබන් සහ විරිදුරබන් වශයෙන් කොටස් තුනකට වෙන් කළ හැකිය. මෙහි අත්රබන් කොටසට අයත්ව අතින්වාදනය කරමින් රබාන කරකවමින් සුවිශේෂවූ ශිල්ප දක්වමින්, උඩ දැමීම දෑත් වටාකර කැපීම ආදි ශිල්ප දැක්වීම මෙහි වැදගත් ලක්ෂණයකි. රබන් වාදනයට අදාල කවිගායනා සහ ප්‍රශස්ථ ගායනා යොදා ගනී.යට කලිසම මදක් ඉහළින් අදි, දුඹුරු පාටරෙද්ද, මන්තය, අවුල් හැරය කඩුක්කන්, සිලම්ඹු, ඇදුම් පැළදුම් වශයෙන් භාවිතාකෙරේ.

21. තාලං නැටුම :- අංක 15 හා බැදේ

22. පන්තේරු නැටුම :- අංක 14 හා බැදේ

23. වේවැල් නැටුම :- වේවැල් අතින් ගෙන රංග රටා නිර්මාණය කරමින් රංගනයේයෙදෙන විශේෂිත වූ ගැමි නැටුමකි. මෙහි නැටුමට වඩා ආකර්ශණීය වූ රංග රටාසමූහයකින් යුක්තය. දික්වූ වේවැල් කෙලවර අල්ලාගෙන කණ්ඩායමේ එකිනෙකාමාරුවෙමින් ෙප්‍රක්ෂක සිත් ඇද ගනිමින් රංගනයේ යෙදේ. ගායන හා වාදන සඳහාවිශේෂ තැනක් හිමි නොවේ.

24. උඩැක්කි නැටුම :- ආතත භාණ්ඩයක් වන උඩැක්කිය අතින් ගෙන එක් අතකින්වාදනය කරමින් බුදු ගුණ ගයමින් එයටම ආවේණික වූ රංග වස්ත‍්‍රාභරණයකින් සැරසීසරල නැටුමක් ඉදරිරිපත් කිරීම මෙහි විශේෂත්වයයි. පෙරහර අංගයක් වශයෙන්සැකසීමේදී විශේෂිත වූ රංග රටා යොදාගනිමින් අත් වාරු ආදිය ඇතිව වාදනයේයෙදෙමින් රංගනයේ යෙදේ.

25. නෛයියංඩි කණ්ඩායම :- අංක 17 හා බැදේ

26. කඩු නැටුම් කණ්ඩායම :- අංක 18 හා බැදේ

27. තම්මැට්ටම් වාදන කණ්ඩායම :- පංච තූර්ය්‍ය වාදන භාණ්ඩයක් හා හේවිසිවාදන භාණ්ඩයක් වශයෙන් විශේෂ තැනක් ගන්නා තම්මැට්ටම පමණක් යොදා ගනිමින්ඉදිරිපත් කරන වාදන කණ්ඩයකි. 2006 වසරේ සිට මෙම පෙරහරට අළුතින් එක්කළ ඉතාවැදගත් වූත් ශාස්ත‍්‍රීය වශයෙන් වටිනාකමකින් යුතු වූත් දක්ෂ වාදනකණ්ඩායමකි. තම්මැට්ටම් වාදනය සඳහා උඩුනුවර, ඇරව්වාවල, හේවාවිස්ස, යකාවෙල, රිදීගම යන පරපුරවල් නම්දරා සිටියහ.

28. රබන් රංගන කණ්ඩායම :- අංක 20 හා බැදේ

29. පන්තේරු නැටුම :- අංක 14 හා බැදේ

30. පතුරු නැටුම් කණ්ඩායම :- ලී පතුරක් අතැතිව නටන ගැමි නැටුමකි. නැටුමටආවේණික කවි ගායනා සහ වාදන යොදාගෙන ඇත. ගැමි නැටුමක් වශයෙන් ප්‍රචලිත වූපතුරු නැටුම විචිත්‍ර වූ රංග රටා හා චලන යොදා ගනිමින් තාලයට අනුව අත් හාපාද සමග ඝට්ඨනය කරමින් නර්තනයේ යෙදෙන නිර්මාණාත්මක නර්තන අංගයකි.

31. උඩැක්කි නැටුම :- අංක 24 හා බැදේ

32. වෙස් කණ්ඩායම :- උඩරට නැටුමේ මුදුන් මල් කඩ වූ වෙස් නැටුම ශ්‍රීලංකාවේ පමණක් නොව විදේශයන්හි ද ප්‍රචලිත නැටුම් විශේෂයකි.ප්‍රවීන ශිල්පීන්විසින් මෙම නැටුම ඉදිරිපත් කෙරේ. උඩරට නැටුමට අදාල කවි ගායනාකරමින්ප්‍රරවීන වාදන ශිල්පීන්ගේ බෙර වාදනයට අනුව ඉදිරිපත් කරන මෙම වෙස්නැටුමශ්‍රී දළදා කරඬුව සහ ගරු දියවඩන නිළමේ තුමා ඉදිරියේ කණ්ඩායම් දෙකක්වශයෙන් රංගනයේ යෙදේ. මහනුවර ඇසළ පෙරහරේ සුවිශේෂ වූ මෙන්ම ගෞරවාදරයටපාත‍්‍රවූ නර්තනය වන්නේද උඩරට වෙස් නැටුමයි. මෙම නර්තන අංගය මහනුවර ඇසළපෙරහැර මංගල්ලයට එක්වී ඇත්තේ ක්‍රි.ව 1919සිට බව කියවේ.

33. කාරිය කරවන කෝරාළ- ඔහුට අයත් සුවිශේෂී කාර්යයන් අතර වැඩමවන පෙරහැරකරඬුව භාරව ගමන් කිරීම වැදගත් රාජකාරියක් වශයෙන් සැලකේ. සුදු තුප්පොට්ටිය, සුදු හැට්ටය හා හිස් වැසුම ඔහුගේ නිල ඇදුමයි.

34. නාගසිංහම්- නානුමුර මංගල්ලය හා විශේෂ උත්සව මංගල්ලයන්හිදි ශ්‍රී දළදාමාලිගාවේ සිදු කෙරෙන වාදනයන් අතර මෙය ද වැදගත් තැනක් ගනි. නාගසිංහම්, තබ්බෝරුව, උඩැක්කිය, කයිතාලම ඔවුන්ගේ වාද්‍ය භාණ්ඩයි. මෙය හින්දු බලපෑමතුළින් සකස් වූවක් ලෙස කල්පනා කරති.

35. උඩු වියන් සහිත පාවඩ මතින් කරඩුව වඩමවන මංගල හස්ති රාජයා සම`ග දෑලේඇතුන් දෙදෙනා:- පෙරහැර කරඩුව වැඩමවන හස්ති රාජයා වශයෙන් වසර පනහක් පමණතිස්සේ අද ජාතික උරුමයක් බවට පත්ව ඇති රාජා ඇතා යොදා ගන්නා ලදි. ඉන්පසුබොහෝ විට වසරින් වසරට වෙනත් ඇතුන් මේ සඳහා යොදාගෙන ඇත.

36. බෞද්ධ කොඩි 02 රැගෙන යාම

37. කවිකාර මඩුව :- ශ්‍රී දළදා මාළිගාවේ කවිකාර මඩුව මෙයට සහභාගි වේ.

38. මල් පහන් ගෙනයන්නෝ- මෙයද පැරණියේ පවතින චාරිත්‍රයකි. මෑත අතීතයේදි නැවත ඇති විය.

39. වෙස් නැටුම්- අංක 32 හා බැදේ

40. දියවඩන නිලමේතුමා- ක්‍රි. ව. 1814සිට දියවඩන නිලමේවරු 19දෙනෙකු නිලකාර්යයෙහියෙදි ඇති අතර 19වන දියවඩන නිලමේවරයා වශයෙන් ප‍්‍රදීප් නිලංග දෑලදියවඩන නිලමේවරයා මෙම පෙරහැරට සහභාගි වේ.

41. දෙපස මුරායුධ කරුවන් හා මුතුකුඩය :-

42. බුරුම කොඩි 02 ක්

43. ගම් දහයේ විදානේවරු :- අතීතයේදි විදානේවරු 09 දෙනෙකු සහභාගි වූ අතරවර්තමානයේදී 13 දෙනෙකු සහභාගි වෙති. මොවුහු නිල ඇදුමින් සැරසී දියවඩනනිලමේතුමාට පසු පසින් ගමන් කරති.

44. මෙතැන් සිට දළදා මාලිගාව පෙරහැරට පසු නාථ, විෂ්ණු, කතරගම, පත්තිනිසව්මහා දේවාලයන්හි පෙරහැර අනුපිළිවෙලට ගමන් කෙරෙනු ඇත. සිව්මහා දේවාලයන්හිපෙරහැර නාථ විෂ්ණු කතරගම පත්තිනි යන සිව්මහා දේවාලයන්ගෙන් නාථ විෂ්ණුපත්තිනි දේවාල තුන ශ්‍රී දළදා මාළිගාව ආසන්නයේ පිහිටා ඇති අතරල මහනුවරශ්‍රී කතරගම දේවාලය කොටුගොඩැල්ල වීදියේ නගරය මධ්‍යයේ පිහිටා ඇත. මෙයින් නාථහා පත්තිනි දේවාල දෙක දළදා මාළිගා චතුරශ්‍රය තුළ ප්‍රාකාරයකින් වටවීතිබෙනු දැකිය හැකිය. ශ්‍රී දළදා මාළිගාවේ සතර මංගල්ලයන්හිදි මෙම සිව් මහාදේවාලය ද වැදගත් වේ. විශේෂයෙන් 1753වර්ෂයෙන් පසු කිර්ති ශ්‍රී රාජසිංහ රජුදවස සිට වර්තමානය දක්වා ශ්‍රී දළදා මාලිගාව පෙරටුකොට මෙම දේවාල හතර නාථවිෂ්ණු කතරගම පත්තිනි යන අනු පිළිවෙලට පෙරහැරේ ගමන් කරනු දක්නට ලැබේ. ශ්‍රීනාථ දේවාලය ඇසළ පෙරහැර මංගල්ලයේ පෙළගැස්ම අනුව ශ්‍රී දළදා මාළිගාවේපෙරහැරට පසුපසින් ගමන් කෙරෙන පළමු දේවාල පෙරහැර නාථ දේවාලයේ පෙරහැරයි. නාථදේවාලය කැපවී ඇත්තේ මතු බුදුවන නාථ දෙවියන් වෙනුවෙනි. ගම්පල රාජධානිය කොටගත් තුන්වන වික්‍රමබාහු රජු (ක්‍රි.ව 1360-1375) නව රාජධානියක් පිහිටුවීමසඳහා රාජපුරුෂයන් මගින් ජය භූමියක් සෙවීය. ඒ අනුව සෙංකණ්ඩ නම් බමුණාරාජපුරුෂයන්ගේ ඉල්ලීම අනුව තමා සිටි ලෙන අසලින් ගල්කැට කිපයක් රැුගෙන ඉන්එක් ගල් කැටක් අසල තිබු පදුරකට වීසි කළ විට ඉන් සුදු හාවෙකු මතු විය. තවත්ගල් කැටයක් වීසි කළ විට සිවෙලෙකු මතු වු අතර, එම සිවලා විසින් හාවාලූහුබදිනු ලැබීය. හාවා තමා සැගවී සිටි පදුර අසල ගස්බිලය දක්වා දුවවිත් ආපසුහැරී සිවලා පසුපස ලූහු බැන්දේය යන සිද්ධියක් දල කොටියකු විසින් ලූහුබදිනුලැබු මුවෙක් මෙම භූමියට පැමිණ ආපසු හැරී කොටියා පසුපස ලූහුබදින ලදසිද්ධියක් ද, යන ආශ්චර්යවත් දේ අනුව මෙය ජයභූමියක් වශයෙන් සෙංඛණ්ඩ නම්බමුණා වෙතින් දැන රජතුමාට දැන්වීමෙන් පසු තුන්වන වික්‍රමබාහු රජතුමා විසින්මෙම ස්ථානයෙහි සෙංකඩගලපුරය හා නාථ දේවාලය ගොඩ නැන්වු බව කියවේ. බමුණාගේනමින් එම නගරය සෙංකඩගලපුරය නම් වී ඇතැයි පුරා වෘත්තයන්ගෙන් කියැවේ. එසේමචුලබෝධි වංශයට අනුව දෙවන පෑතිස් රජු දවස නාථ නම් බ‍්‍රහක්මණයෙකු විසින් ගෙනඑන ලද දෙතිස් පලරුහ බෝධින් වහන්සේ රෝපණය කළ තැන එම බමුණා නමින් නාථ නම් වීයැයි පැවසෙන මතයක් ද පවති. මෙම දේවාල ගොඩනැගිල්ල සෙංකඩගලපුර ඇති පැරණිමගොඩ නැගිල්ලකි. ශ්‍රී දළදා මාළිගාවටත් පෙරාතුව මෙම ගොඩනැගිල්ල ඉදිකළ බවකියවේ. මහනුවර රජවරු ඔටුනු පැළදවීම. කඩු කරලීම සිදුකළේ ද රජුට නමක්තැබීමේදි පුස්කොළ වල ලියන ලද නම් කිපයක් නාථ දෙවියන් ඉදිරියේ තබා නමක්තෝරාගැනිම සිදුකළේ ද නාථ දෙවියන් ඉදිරියේය. කප් සිටුවීමේදි කපෙහි මුල් කොටසබෙදාදෙනුයේ ද, දිය කැපුම් මංගල්ලයේදි පළමුව ගැටඹේ තොටට බැසීමට හැක්කේ දලනාථ දේවාලයටයි. නාථ දෙවියන්ගේ වර්ණය කහ වශයෙන් දල හංසයා රථය වශයෙන් ද යොදාගැනේ. මෙම දේවාලයේ පෙරහැර පෙළගැසෙනුයේ ද දළදා මාලිගාවේ පෙළගැස්මට බොහෝසෙයින් සමානවය. විෂ්ණු දේවාලය ඇසල පෙරහැරෙහි ගමන් ගන්නා දේවාල පෙරහැර අතරදෙවනුවට ගමන් කරනුයේ විෂ්ණු දේවාලයේ පෙරහැරයි. ගුරුළු වාහනාරුඩව දසඅවතාරයෙන් පෙනිසිටිමින් සියලූ ලෝ සතුනට සෙත් ශාන්තිය සලසන මතු බුදු බව පතන, බුද්ධ ශාසන භාරධාරිව ආරක්ෂාව සලසන විෂ්ණු දෙවියන් වෙනු වෙන් මෙම දේවාලයකැප කොට ඇත. මෙම දෙවියන් වෙනුවෙන් කැපවු ප්‍රධාන දේවාල කිපයක්ම දිවයිනේපිහිටා තිබේ. කොලොන්තොට සිට මහනුවරට විහිදී ඇති ප්‍රධාන මාර්ගයෙහි පිහිටාතිබෙන අලූත් නුවර දේවාලය විෂ්ණු දෙවියන් උදෙසා කැපවුනු එවැනි පැරණිතමදේවාලයකි. පැරණියේදි මහනුවර ඇසල මහා පෙරහැරට පෙරින් පෙරහැර පැවැත්වෙන අලූත්නුවර දේවාලයේ සිට කප පේකොට සිව් මහා දේවාලයන්ට කප් සිටුවීම සඳහා භාරදුන්බව කියවේ. මහනුවර රාජධානියෙහි විෂ්ණු දේවාලය ගොඩනැගිමෙන් අනතුරුව මහ දේවාලයවශයෙන් එය හැදින්වීමට පටන් ගති. රජවරුන් අභිශේෂකයෙන් පසු නළල් පටය බදිනුලැබීමේ චාරිත‍්‍රය ඉටුකරනු ලැබුයේ මෙම දේවාලයේ සිට බව කියවේ. ඇසළ මහාපෙරහැරේ කප් සිටුවීමට කප බෙදා දෙන දේවාලය වශයෙනුත් පෙරහැරින් පසු සිදුවනවලියක් නැටුම පැවැත්වෙන දේවාලය වශයෙනුත් මෙම දේවාලය සුවිශේෂ ස්ථානයක් ගනි.කතරගම දේවාලය 14 වන සියවසරේදි පමණ ආරම්භ වූ බව සැලකෙන මහනුවර කතරගම දේවාලය16වන සියවසරේදි වඩාත් ජනප්‍රිය විය. මෙම දේවාලය ස්කන්ධකුමාර හෙවත් කතරගමදෙවි නමින් කැපවී ඇත. කැති නැකතින් උපන් කතරගම දෙවියන් උදෙසා කෙරුණුප්‍රධාන දේවාලය රුහුණේ කතරගම පිහිටා ඇත්තේය. මුහුණු සයකින් හා අත්දොළොසකින් රක්න වර්ණයෙන් මයුරාපිට වැඩ සිටින කතරගම දෙවියන් උදෙසා කෙරෙනනර්තනයන් අතර කාවඩි නැටුම සුවිශේෂි තැනක් ගනි. පත්තිනි දේවාලය ශ්‍රී දළදාමාලිගා චතුරස්‍රයේ පිහිටුවා ඇති පැරණි ගොඩනැගිලි වලින් එක් ගොඩනැගිල්ලක්වශයෙන් පත්තිනි දේවාලය ද සැලකේ. පති භක්තිය රැකි උත්තම කාන්තාවක් ලෙසපුජෝපහාරයට පත්වන පත්තිනි දේව මැණියන් සත් වාරයක් ඉපදී ඇතැයි, ජනප්‍රවාදයන්හි දැක්වේ. වරෙක ජලයෙන් දල තවත් වරෙක මලෙන් ද තවත් වරෙක නයිකදුලෙන් ද, තවත් විටෙක කදුරු පොත්තෙන් දල තවත් විටෙක පිණි බිදුවෙන් ද, තවත්වරෙක හෙණෙන් ද, අවසන අඹෙන් ද, උපන් බව පත්තිනියාදින්නෙහි සඳහන් වේ.විශේෂයෙන් පත්තිනි ඇදහිල්ල තුළින් කුඩා දරුවන්ට හා කාන්තාවන්ට සෙත් සැලසෙනබව විශ්වාස කෙරෙන අතර, සැඟවුණු ලෙඩ රෝග, කුෂ්ට රෝග, සුවපත් කරගැනිමට හාදරුවන් නොමැති අයට දරුවන් ලබාගැනිමට භාර හාර වන, උත්තම දේවතාවියක් ලෙසපත්තිනි දේව මැණියෝ අදහති. පත්තිනි දේවාලයේ පෙරහැර ඇසළ පෙරහැරේ අවසානයටගමන් ගන්නා දේවාල පෙරහැරයි. මෙම දේවාල පෙරහැරේ වැඩමවන ඇතා පිට බැඳිරන්සිවිගෙය තුළ තැම්පත් කර තිබෙනුයේ පත්තිනි දේව මැණියන්ගේ රනින් නිමවුකුඩා ප්‍රතිමා වහන්සේ නමයි.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

ගෙදරටම පැමිණ ගබ්සා කරන පොළොන්නරුවේ හොර වෙද්දු

IMAGE 2017 Jul 31 09:04
පොළොන්නරුව වැනි ඈත ප‍්‍රදේශවල මේ වන විට රහසිගතව සිදුවන මෙම නීති විරෝධී ගබ්සා ජාලය ජනාකීර්ණ...
Views - 70

ඕපදූප කතා ගැන ගයාත්‍රි පළමු වරට කතා කරයි

IMAGE 2017 Jul 30 18:35
මොනවද ගයාත්‍රි මේ අන්තර්ජාලයේ පැතිර යන කට කතා   කාලයක් තිස්සේ දැනගෙන හිටපු කීප දෙනෙක් මට...
Views - 796

නයිජීරියානුවන්ගේ ගැටවලට හසුවී සල්ලන්වන ලංකාවේ ගෑනු

IMAGE 2017 Jul 30 17:49
“මට ඔයාව මිතුරියක් කරගන්න ආසයි...... ඔයාට තෑගි දෙන්න......... නිතර ඔයා සමග කතා කරන්නත් ආසයි. හැබැයි...
Views - 1165

ජලනන්දන පිරිතෙන් වතුර නටවන්න පුළුවන් කියන්නේ බොරු! (Video)

IMAGE 2017 Jul 30 14:06
ජලනන්දන පිරිත ලක්ෂවාරයක් ජප කිරීමෙන් වතුර නැටවිය හැකිය යන මතයෙහි කිසිදු සත්‍යතාවයක් නැති...
Views - 539

නියඟය උහුලනු බැරිව දළුකාන ආදීවාසීහු වන වදිති

IMAGE 2017 Jul 28 12:40
නගරවාසීන්ට සාපේක්ෂව ගම්වාසීහු සොබාදහම නියමයන් පිළිගනිති. ගම්වාසීන්ටත් වඩා සොබාදහමේ...
Views - 1060

සොයුරා දැරියක කෙළෙසූ වරදට දඩුවමක් ලෙස දූෂණය වූ යුවතියක්

IMAGE 2017 Jul 28 10:52
කාන්තාවන්ට එරෙහිව ලිංගික අතවර සිදුවන රටවල් අතර දකුණු ආසියානු කලාපයේ රටවලටද හිමිවන්නේ...
Views - 4227

Please publish modules in offcanvas position.