lakbima.lk
2017-07-20 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.151.6800 , විකුණුම් මිල රු.155.4800 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.196.8000 , විකුණුම් මිල රු.203.4600 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.173.6700, විකුණුම් මිල රු.180.2000 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.157.7400 , විකුණුම් මිල රු.164.0300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.119.6100 , විකුණුම් මිල රු.124.3000 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.119.5300 , විකුණුම් මිල රු.124.8000 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.110.3500 , විකුණුම් මිල රු.114.3700 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3485, විකුණුම් මිල රු.1.3993 |

රනිලුයි යාළුවො හතළිහයි

අපි ඔට්ටුවක් අල්ලමුද? බිරිඳ පල් හිනාවක් පා මගෙන් ඇසුවාය. ඔයා මේ සුමානෙ ලියන දේ ගැන මම හරියට කියනවද නැද්ද කියලා.
මම මෝඩ හිනාවක් පා නිශ්ශබ්දව හුනිමි.
ඔයා ඔට්ටු අල්ලන්න බයයි පරදින නිසා බිරිඳ එවර කියා සිටියාය. අර්ජුන් ඇලෝසියස් රවි කරුණානායකට ලක්ෂරි එපාට්මන්ට් දෙකක් අරන් දීපු කතාව නේද ඔයා ලියන්නෙ?
මට හිනා ගියේය.
නෑ මම තනි වචනයෙන් කීවෙමි. මම ඔය අනික් මිනිස්සුන්ගෙ වාසනාවට ඊර්ෂ්‍යා කරන මිනිහෙක් ‍නෙවෙයි.
බිරිඳගේ මුහුණ රකුසු වෙස් ගත්තේය.
මුදල් ඇමතිට බිස්නස්කාරයෙක් ගෙවල් අරන් දීම වාසනාවක් ‍නෙවෙයි ඕ තදින් කීවාය. ඒක පට්ට ජාවාරමක්.
මම බිරිඳ අස්වසන්නට පටන් ගතිමි.
දැන් අපි මේ කුලී ගෙදරක ඉන්නව, ඒත් කවුරුවත් යාළුවෙක් ඉන්නවද අපිට මේක සල්ලි දීල අරන් දෙන්න? අඩු ගානෙ මේකෙ ගෙවල් කුලිය මාස් පතා දෙන්න? මම ඇයට කීවෙමි. ඉතින් අපිට ඒ වගේ හොඳ යාළුවො නෑයි කියල එහෙම යාළුවො ඉන්න රවි කරුණානායකට ඊර්ෂ්‍යා කිරීම කැතයිනෙ.
බිරිඳගේ මුහුණේ ප්‍රශ්නයක් මතු විය.
ඒ මොකද අනේ රවි කරුණානායකට හොඳ යාළුවො ඉන්නයි අපිට නැතිවෙන්නයි හේතුව? බිරිඳ ඇසුවාය. අපේ කරුමෙද?
මට ඉබේටම දිග සුසුමක් පිට විය.
අපේ අවාසනාව මම කීවෙමි. ඒගොල්ලන්ට වගේ අපිට රනිල් වික්‍රමසිංහ කෙනෙක් හිටියෙ නෑනෙ උපදෙස් දෙන්න.
මගේ කතාවෙන් බිරිඳ කලබල වූවාය.
රනිල් මිස්ටර් ක්ලීන් කියලනෙ ප්‍රසිද්ධ බිරිඳ කියා සිටියාය. එහෙව් මනුස්සය එක එකාට හොර වැඩ කරන හැටි ගැන උපදෙස් දෙයිද?
මට බිරිඳගේ කතාවෙන් ඇතිවූයේ කේන්තියකි.
දැක්කෙ නැද්ද රනිල් කියල තිබුණ එයා බුද්ධ දර්ශනය අනුව ජීවිතේ හැඩ ගස්ස ගත්ත කෙනෙක් කියල මම කීවෙමි. ඉතින් එයා තමන්ව ඇසුරු කරපු හැමෝටම උපදෙස් දීල තියෙනව බුදුහාමුදුරුවො දේශනා කරපු කළ්‍යාණ මිත්‍ර සේවනය ගැන.
බිරිඳ කට ඇරගෙන මගේ කතාව අසා සිටියාය.
ඉස්සෙල්ලම රනිල් ආදර්ශෙන්ම පෙන්නුව කළ්‍යාණ මිත්‍රයන්ට සලකන හැටි ගැන මම කීවෙමි. පුරවැසිකමවත් නැති අර්ජුන මහේන්ද්‍රන්ව මහ බැංකුවෙ ලොක්ක කරල මිනිහ පට්ට හොරකමකට ගෑවුණාමත් දිගටම එයාව ආරක්ෂා කරා. රනිල්ගෙ ගෝල බාලයො කළ්‍යාණ මිත්‍ර සේවනයේ වටිනාකම ඉගෙන ගත්තෙ ඒ ආදර්ශෙනුයි. ඊට පස්සෙයි අර්ජුන් ඇලෝසියස් එයාගෙ කළ්‍යාණ මිත්‍ර රවීට ගෙවල් දෙකක් අරන් දෙන්න ඇත්තෙ.
බිරිඳ මොහොතක් කල්පනා කර කතා කළාය.
අනේ දෙයියනේ රනිල් ඔහොම උපදෙස් දීපු යාළුවො කොච්චර විතර ඉන්නවද දන්නෑ.
මම වහාම ඊට පිළිතුරු දුනිමි.
මගේ හිතේ හතළිහක් මම කියා සිටියෙමි. ඒක නිසානෙ ඔය රනිල්ට හතළිහයි කිය කියා මේ දවස්වල හැමතැනම උත්සව තියන්නෙ.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

ගෙදරටම පැමිණ ගබ්සා කරන පොළොන්නරුවේ හොර වෙද්දු

IMAGE 2017 Jul 31 09:04
පොළොන්නරුව වැනි ඈත ප‍්‍රදේශවල මේ වන විට රහසිගතව සිදුවන මෙම නීති විරෝධී ගබ්සා ජාලය ජනාකීර්ණ...
Views - 71

ඕපදූප කතා ගැන ගයාත්‍රි පළමු වරට කතා කරයි

IMAGE 2017 Jul 30 18:35
මොනවද ගයාත්‍රි මේ අන්තර්ජාලයේ පැතිර යන කට කතා   කාලයක් තිස්සේ දැනගෙන හිටපු කීප දෙනෙක් මට...
Views - 797

නයිජීරියානුවන්ගේ ගැටවලට හසුවී සල්ලන්වන ලංකාවේ ගෑනු

IMAGE 2017 Jul 30 17:49
“මට ඔයාව මිතුරියක් කරගන්න ආසයි...... ඔයාට තෑගි දෙන්න......... නිතර ඔයා සමග කතා කරන්නත් ආසයි. හැබැයි...
Views - 1166

ජලනන්දන පිරිතෙන් වතුර නටවන්න පුළුවන් කියන්නේ බොරු! (Video)

IMAGE 2017 Jul 30 14:06
ජලනන්දන පිරිත ලක්ෂවාරයක් ජප කිරීමෙන් වතුර නැටවිය හැකිය යන මතයෙහි කිසිදු සත්‍යතාවයක් නැති...
Views - 539

නියඟය උහුලනු බැරිව දළුකාන ආදීවාසීහු වන වදිති

IMAGE 2017 Jul 28 12:40
නගරවාසීන්ට සාපේක්ෂව ගම්වාසීහු සොබාදහම නියමයන් පිළිගනිති. ගම්වාසීන්ටත් වඩා සොබාදහමේ...
Views - 1060

සොයුරා දැරියක කෙළෙසූ වරදට දඩුවමක් ලෙස දූෂණය වූ යුවතියක්

IMAGE 2017 Jul 28 10:52
කාන්තාවන්ට එරෙහිව ලිංගික අතවර සිදුවන රටවල් අතර දකුණු ආසියානු කලාපයේ රටවලටද හිමිවන්නේ...
Views - 4228

Please publish modules in offcanvas position.