Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - lakbimaonline@gmail.com youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     


b
අවශ්‍ය ද්‍රව්‍ය
පාන්පිටි අඬු කෝප්ප 1 1/2
බිත්තර 2 යි
බේකිං පවුඩර් තේ හැඳි 1/2
පිටිකිරි තේ හැඳි 1
සීනි මේස හැඳි 1
අයිසිං ක්‍රීම් ටිකක්
ලුණු ඉතාම ස්වල්පයක්

සාදන ආකාරය
බිත්තරවල කහමද සහ සුදුමද වෙන් කරන්න. පාන් පිටිවලට
බිත්තර කහමද, බේකිං පවුඩර්, පිටිකිරි, සීනි, ලුණු දමා හොඳහැටි මිශ්‍ර කරන්න. වතුර ටිකක් එකතු කර ඉතාම උකුවට බැටරයක් සාදා ගන්න.





දැන් පෑන් එකක් රත් කර එයට බටර් ස්වල්පයක් ආ‍ලේප කරමින් කුඩා ප්‍රමාණයේ එකම තරමකට පෑන් කේක් සාදා ගන්න. දැන් පෑන් කේක් එකක් ගෙන එහි අයිසිං ක්‍රීම් ආ‍ලේප කරන්න. ඒ මත තවත් පෑන් කේක් එකක් තබන්න. දැන් ඒ මතද අයිසිං ක්‍රීම් ආ‍ලේප කරන්න. මේ ආකාරයට පෑන් කේක් හතරක් එක මත තබමින් සැන්විචය නිම කරගන්න. දැන් එය වෙන් නොවන සේ දෙකට කපා තරමක් පළල් කර පිඟානක් මත තබා පිළිගන්වන්න.


Q
අවශ්‍ය ද්‍රව්‍ය
බිත්තර 3යි
පාන්පිටි අඬු කෝප්ප 1 1/2
චොක්ලට් පවුඩර් මේස හැඳි 2
සීනි මේස හැඳි 2
කිරිපිටි මේස හැඳි 2
මී පැණි ටිකක්
බටර් ටිකක්

සාදන ආකාරය
පාන්පිටි, චොක්ලට් පවුඩර් හොඳහැටි මිශ්‍ර කරන්න. දැන් එයට කිරි පිටිද එකතු කරන්න. බිත්තර, සීනි, ලුණු ඉතා ස්වල්පයක් දමා හොඳින් කලවම් කරන්න. දැන් එයට වතුර ටිකක් එකතු කර උකු බැටරයක් සාදාගන්න. දැන් වොෆුල් මැෂිමකට දමා මෙයින් වොෆුල් සාදා ගන්න. දැන් උණුවෙන්ම එහි කුහරවලට බටර් ටිකක් වත් කරන්න. ටික වේලාවක් තබා එය වොෆල් තුළට උරාගත් විට පිඟානක තබා උඩින් මී පැණි රේඛාවක් ලෙස වත්කර පිළිගන්වන්න.

Page 1 of 6

IMAGE

ලිංගික උත්තේජන පෙති අකල්මරණවලට හේතුවක් ද?

IMAGE 2017 Nov 14 10:46
පුරුෂ ලිංගික උද්දීපනය සඳහා ගනු ලබන පෙති වර්ග වලින් අකල් මරණ සිදුවන බවට සමාජය පුරා පොදු...
Views - 577

වික්ටර්ට අපහාස වෙන බව දන්නවා නම් මම හොඳ කෙළියක් කරනවා

IMAGE 2017 Nov 13 13:02
සිනමාවේ හැමදාමත් දුෂ්ටකම් කරන විල්සන් කරූ පසුගිය දවස්වල ඉරාජ්ගේ මියුසික් වීඩියෝ එකක රඟපාලා...
Views - 3122

මේ මුතුකුඩ මැණිකේ නොගැළපෙන චරිත බාර ගන්නේ නැහැ

IMAGE 2017 Nov 13 12:35
අපි ඔබට මුතුකුඩ මැණිකේ කියන්නද? එහෙම නැත්නම් තිළිණි පෙරේරා කියන්නද? කැමැති නමක් කියන්න. මොකද...
Views - 1532

අයවැයෙන් වාහන මිල හරියටම අඩු වැඩි වෙන හැටි

IMAGE 2017 Nov 13 08:30
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගියදා (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2018 වසර සඳහා වන අයවැය...
Views - 2758

හොඳම නිළි සම්මානය ගන්න අධ්‍යක්ෂවරයා තනිවම ගිහින්

IMAGE 2017 Nov 12 19:05
ලාංකේය සිනමා නිළියක් පහුගියදා අන්තර්ජාතික සම්මාන උළෙලකදී හොඳම නිළියට හිමි සම්මානයෙන්...
Views - 3258

නීටා වේදිකාවට

IMAGE 2017 Nov 12 14:13
පසුගියදා පැවැති සුමති සම්මාන උළෙ‍ලේදී ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන යූ.ඩබ්.සුමතිපාල අනුස්මරණ...
Views - 2014

Please publish modules in offcanvas position.