lakbima.lk
2017-07-20 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.151.6800 , විකුණුම් මිල රු.155.4800 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.196.8000 , විකුණුම් මිල රු.203.4600 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.173.6700, විකුණුම් මිල රු.180.2000 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.157.7400 , විකුණුම් මිල රු.164.0300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.119.6100 , විකුණුම් මිල රු.124.3000 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.119.5300 , විකුණුම් මිල රු.124.8000 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.110.3500 , විකුණුම් මිල රු.114.3700 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3485, විකුණුම් මිල රු.1.3993 |

නයිජීරියානුවන්ගේ ගැටවලට හසුවී සල්ලන්වන ලංකාවේ ගෑනු

“මට ඔයාව මිතුරියක් කරගන්න ආසයි...... ඔයාට තෑගි දෙන්න......... නිතර ඔයා සමග කතා කරන්නත් ආසයි. හැබැයි ඔන්න ඔයා කැමති වුණත් නැතත් මම ඔයාට තෑගි එවනවා.....” 
එය ගල්කිස්ස නගරයේ ව්‍යාපාරික කාන්තාවකට මීට මාස දෙකකට පෙර ලැබුණු දුරකථන ඇමතුමකි. එම ඇමතුම ලැබුණේ විදේශයක සිට ඉංග්‍රීසියෙනි. ඇය සිතුවේ කවුරුන් හෝ තමන් විහිළුවකට ගෙන ඇති බවයි. එම ඇමතුම සම්බන්ධයෙන් ඇය වැඩිදුර නොසිතුවාය. 59 හැවිරිදි තමන්ට මොන මඟුල්ද? කියා හිත හදා ගත්තාය. එහෙත් ඇයට එසේ සිත හදාගෙන පාඩුවේ සිටීමට කිසිසේත් නොහැකි විය. එම දිනයට ආසන්නම දිනයක නැවතත් පෙර පරිදිම ඇයගේ ජංගම දුරකථනය වෙත පෙර කී විදේශීය දුරකථනයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් කතා කළ පුද්ගලයා පවසා සිටියේ “මම ඔයාට කැමතියි. ඔයා භාරගත්තත් නැතත් ඔයාට තෑගි පාර්සලයක් එව්වා. ඔයාට ශ්‍රී ලංකාවේ කෙනෙක් දුරකථන ඇමතුමක් දෙයි. තෑගි පාර්සලය ආවම ඒක රේගුවෙන් නිදහස් කරගන්න” යනුවෙනි. විනෝදකාමී දිවියකට ඇළුම් කළ ඇයගේ සිතෙහි විවිධාකාර හැඟීම් උත්පාදනය වීමට පටන් ගත්තේ එම ඇමතුමින් අනතුරුවය. මේ අතර තවත් දිනෙක විදේශීය මිතුරා කතා කොට මම ඔයාට තෑගි පාර්සලයක් එව්වා කියා නැවතත් ඇයට ඇමතුමක් ලැබුණි. එම ඇමතුම සනාථ කරමින් මෙරටේ පාර්සල් බෙදා හරින සමාගමක නියෝජිතයෙක් යැයි කියාගත් පුද්ගලයෙකු ඇයගේ දුරකථනයට ඇමතුමක් ලබාදී පැවැසුවේ ඇයගේ නමට විදේශයේ සිට පාර්සලයක් එවා ඇති බවත් එය රේගුවෙන් නිදහස් කර ගැනීමට රුපියල් ලක්ෂ තුනක් අවශ්‍ය බවයි. එය මෙම ගිණුම් අංකයට ඉක්මනින්ම බැර කරන ලෙසත් පවසා පෞද්ගලික බැංකු ආයතනයකට අයත් ගිණුම් අංකයක් ඇයට ලබා දී තිබිණි. අතමිට මුදල් යහමින් ගැවසෙන ඇයට තෑගි පාර්සල් සිහිනය මල්පල ගන්වාලීමේ ආශාවෙන් මත්ව වහාම ගොස් එම ලක්ෂ තුනේ මුදල තැන්පත් කළේ තවත් එක් වරක්වත් නොසිතාය. ඊට පසුදිනම නැවතත් ඇයගේ ජංගම දුරකථනයට පාර්සල් බෙදා හරින නියෝජිතයා යැයි කියාගත් පුද්ගලයා ඇමතුමක් ගෙන මිස් මාර වැඩේනේ මිස්ගෙ නමට ආපු පාර්සලය රේගුවේදී ස්කෑන් පරීක්ෂාවක් කළා. ඒකේ තිබෙන්නේ සල්ලි වගයක්නේ. ඒක නිසා රේගුවට වෙනමම ගාණක් ගෙවන්න ඕන ඒකට රුපියල් ලක්ෂ හතරක් ඉල්ලනවා. ඒකත් අර ගිණුමටම දාන්න එම කාන්තාවගේ සිතට දැනුණේ අහම්බෙන් පෙර පිනටදෝ වාසනාවක් තමන්ගේ හිස මත කඩා වැටී ඇති බවයි. එසේ සිතමින් මේ සම්බන්ධය රහසක් හැටියට තබා ගනිමින් එම ඇමතුමෙන් ඉල්ලා සිටි රුපියල් ලක්ෂ හතරද ගිණුමේ තැන්පත් කළාය.  
කාලයත් ක්‍රමයෙන් ගෙවී ගිය අතර පාර්සලය සම්බන්ධයෙන් කිසිම හෝඩුවාවක් එකී කාන්තාවට නොලැබිණි. පසුව ඉකුත් දිනයකදී නැවතත් පෙරකී පුද්ගලයාගේ ඇමතුමක් ඇය වෙත ලැබුණි.  
මිස්ට ආපු පාර්ස‍ලේ විශාල මුදලක් අඩංගු පාර්සලයක් නිසා එයාලා මිස්ව සැක කරනවා. මිස්ට විරුද්ධව එයාලා ක්‍රියා කරන්නත් පුළුවන්. මම ඒ වාර්තාව අරගෙන රේගු නිලධාරීන්ට දෙන්නම්. මිස් අර ගිණුමට රුපියල් ලක්ෂ තුනක් තැන්පත් කරන්නකෝ ඒක දීලා මම ෂේප් කරගන්නම්. 
කාන්තාවගේ මොළයට සැකයේ ඡායාවක් ඇතුළත් වූයේ එම මොහොතේදීය. තමන් කාගේ හෝ වංචාවකට හසුවී ඇති බවට සැක පහළ වී ක්‍රියාත්මක වූ ඇය බස්නාහිර පළාත් දකුණ භාර නියෝජ්‍ය ‍පොලිස්පති වසන්ත වික්‍රමසිංහ වෙත ගොස් මෙම සිද්ධි දාමය පවසා පැමිණිලි කළාය. නියෝජ්‍ය ‍පොලිස්පති වරයා විසින් මෙම පැමිණිලි කාරියව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති උප ‍පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා වෙත යොමු කිරීමෙන් අනතුරුව ඔහුගේ උපදෙස් මත එහි උප ‍පොලිස් පරීක්ෂක ශාන්ත ලක්ෂ්මන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ ‍පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කළෝය.
ඒ අනුව වංචාකරු නීතියේ රැහැනට කොටු කර ගැනීමට අවශ්‍ය සැලසුම් සකස් කොට පැමිණිලිකාර කාන්තාව සතුව ඇති ජංගම දුරකථන අංක සහ බැංකු ගත කළ ගිණුම් අංක ‍පොලීසිය භාරයට ගැණිනි.
සියලු කරුණු වාර්තා කොට අධිකරණය හමුවට ගොස් එම බැංකු ගිණුම් අත්හිටුවා අධිකරණ නියේජගයක් ගෙන එම බැංකු ගිණුම්හිමිකරුවන්ද සොයා ‍පොලීසිය හඹා ගියේය.
මෙහිදී රඹුක්කන ප්‍රදේශයේ පුද්ගලයකුගේ නමට ගිණුම් දෙකක්ද මීගමුව ප්‍රදේශයේ තරුණයින් දෙදෙනකුගේ නමට ගිණුම් දෙකකද තොරතුරු ‍පොලීසියට ලැබි තිබිණි. මීට අමතරව දුරකථන අංක විශ්‍ලේෂණ වාර්තා අනුව එම දුරකථන අංක භාවිතා වී තිබුණේ මීගමුව ප්‍රදෙශය අවට බවටද සනාථ විය. ඒ අනුව අදාළ පුද්ගලයින් තිදෙනාවම ‍පොලීසියට ගෙන්වා ප්‍රශ්න කෙරුණි. එහිදී අනාවරණය වූයේ මෙම ජාවාරම කර ඇත්තෙ නයිජීරියන් ජාතිකයකු වූ 29 හැවිරිදි තරුණයෙකි.
රඹුක්කන පදිංචි තරුණයා මෙම නයිජීරියානුවා සමග මිතුරු වී ඇත්තේ මීගමුව මුහුදු වෙරළේදීය. හිතවත්කම කොච්චරද කීවොත් නයිජීරියානුවා මෙම මිතුරා සමග ඔහුගේ රඹුක්කන නිවසටද ගොස් දින දෙක තුන ගත කළේය. මෙසේ මිතුරුකමින් සිට පවසා ඇත්තේ තමන් රෙදි පිළි ව්‍යාපාරයක් කරන බවයි. තමන් විදේශිකයකු බැවින් තම මව් රටේ සිටින සහෝදරයා වෙතින් මුදල් ගෙන්වා ගැනීමට මෙරටේ ගිණුමක් තමන්ට ආරම්භ කිරීමට නොහැකි හෙයින් එය කරදෙන ලෙස ඔහු ඉල්ලීමක් කර තිබුණි. විදේශයෙන් මුදල් ගෙන්වා ගෙන තමන්ටද උදව් කිරීමට ‍පොරොන්දු වූ අතර සිය මිතුරාගේ යහපත් ගති පැවතුම්වලට වශී වූ හෙයින් තමන් එක ගිණුමක් නොව දෙකක්ම විවෘත කොට එහි පාස් ‍පොත සහ ඒ.ටී.එම්. කාඩ්ද මිතුරාට ලබා දුන් බව ඔහු කියා තිබුණි. එම බැංකු ගිණුම් අරම්භ කර  දින කිහිපයක් ගෙවී යාමෙන් අනතුරුව නයිජීරියානුවාගේ දුරකථනයද විසන්ධි වූ බව එම තරුණයා ‍පොලීසියට පැවැසීය.
මෙම ප්‍රකාශ සියල්ල ඔස්සේ විමර්ශනය කළ ‍පොලීසිය මෙහි සැකකාර නයිජීරියානුවා මීගමුව ප්‍රදේශයේ සැරිසරමින් මේ වන විටත් සිටින බවට තොරතුරු අනාවරණය කර මීගමුව ‍පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප ‍පොලිස් පරීක්ෂක ආනන්ද හේරත් දැනුවත් කොට ඔහුගේ සහයෝගයෙන් මීගමුවේ පදිංචි සිද්ධියට අදාළ ගිණුම් හිමිකරුවන් යොදවා සැකකාර නයිජීරියානු ජාතිකයා හෝටලයක සිට පිටතට පැමිණෙමින් සිටියදී අල්ලා ‍පොලීසියට භාර දී තිබිණි.
මෙම සැකකරු ඔකොන්කෝව් චිගෝෂියා ක්‍රිස්ටෝපර් නමැති 29 හැවිරිදි නයිජීරියානු ජාතිකයෙකි. මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කළ විමර්ශනවලදී හෙළි වී ඇත්තේ ජාත්‍යන්තර ඇමතුම් පහසුකම් සහිත රෝමින් පහසුකම් යටතේ මෙරට සිටම මෙම නයිජීරියානුවා ජාවාරම කර ඇති බවය. අත්අඩංගුවට පත් සැකකරු සන්තකයේ තිබි ජංගම දුරකථන හයක් සිම් හයක් ලැප්ටොප් පරිගණක තුනක් අන්තර්ජාල සම්බන්ධතාවක් සහ ජංගම දුරකථන නැවත පණ ගන්වනයක් සහ මුදල් රුපියල් එක්ලක්ෂ තිස්දහසක් ‍පොලීසිය විසින් සොයාගෙන තිබිණ. සැකකරු ගල්කිස්ස මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 14 දක්වා රක්ෂිත භාරයට පත් කර ඇත. මෙහිදී ‍පොලීසිය පවසන්නේ මේ සම්බන්ධයෙන් පැමිණිලි ලැබි තිබෙන්නේ එකක් බවත් මෙවැනි විදේශීය දුරකථන අංක උපයෝගි කර ගනිමින් තෑගි ලබා දෙන බව පවසා ගිණුම් අංක වෙත මුදල් බැර කර ගත් බවට හසු වූ පුද්ගලයින් වෙතොත් වහාම මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයට පැමිණිලි කරන ලෙසය. මෙවැනි ජාවාරම්කරුවන් රෙදිපිළි වෙළෙඳාම කරන මුවාවෙන් ජනතාව රවටා මුදල් ජාවාරම් කරන අතර දෙහිවල, ගල්කිස්ස, මීගමුව වැනි ප්‍රදේශයන්හි මොවුන් සැරිසරණ බවත් ‍පොලීසිය පවසන්නේය.
මුහුණු ‍පොතෙන් හෝ මහමගදී අහම්බෙන් හමුවී හිතවත්කම් ගොඩනගා ගන්නා පුද්ගලයින්ගේ ජාවාරම්වලට ගොදුරු නොවන ලෙසත් ‍පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
 
අයිරංගි එදිරිසිංහ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

ගෙදරටම පැමිණ ගබ්සා කරන පොළොන්නරුවේ හොර වෙද්දු

IMAGE 2017 Jul 31 09:04
පොළොන්නරුව වැනි ඈත ප‍්‍රදේශවල මේ වන විට රහසිගතව සිදුවන මෙම නීති විරෝධී ගබ්සා ජාලය ජනාකීර්ණ...
Views - 70

ඕපදූප කතා ගැන ගයාත්‍රි පළමු වරට කතා කරයි

IMAGE 2017 Jul 30 18:35
මොනවද ගයාත්‍රි මේ අන්තර්ජාලයේ පැතිර යන කට කතා   කාලයක් තිස්සේ දැනගෙන හිටපු කීප දෙනෙක් මට...
Views - 796

නයිජීරියානුවන්ගේ ගැටවලට හසුවී සල්ලන්වන ලංකාවේ ගෑනු

IMAGE 2017 Jul 30 17:49
“මට ඔයාව මිතුරියක් කරගන්න ආසයි...... ඔයාට තෑගි දෙන්න......... නිතර ඔයා සමග කතා කරන්නත් ආසයි. හැබැයි...
Views - 1166

ජලනන්දන පිරිතෙන් වතුර නටවන්න පුළුවන් කියන්නේ බොරු! (Video)

IMAGE 2017 Jul 30 14:06
ජලනන්දන පිරිත ලක්ෂවාරයක් ජප කිරීමෙන් වතුර නැටවිය හැකිය යන මතයෙහි කිසිදු සත්‍යතාවයක් නැති...
Views - 539

නියඟය උහුලනු බැරිව දළුකාන ආදීවාසීහු වන වදිති

IMAGE 2017 Jul 28 12:40
නගරවාසීන්ට සාපේක්ෂව ගම්වාසීහු සොබාදහම නියමයන් පිළිගනිති. ගම්වාසීන්ටත් වඩා සොබාදහමේ...
Views - 1060

සොයුරා දැරියක කෙළෙසූ වරදට දඩුවමක් ලෙස දූෂණය වූ යුවතියක්

IMAGE 2017 Jul 28 10:52
කාන්තාවන්ට එරෙහිව ලිංගික අතවර සිදුවන රටවල් අතර දකුණු ආසියානු කලාපයේ රටවලටද හිමිවන්නේ...
Views - 4227

Please publish modules in offcanvas position.