lakbima.lk
2017-07-20 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.151.6800 , විකුණුම් මිල රු.155.4800 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.196.8000 , විකුණුම් මිල රු.203.4600 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.173.6700, විකුණුම් මිල රු.180.2000 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.157.7400 , විකුණුම් මිල රු.164.0300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.119.6100 , විකුණුම් මිල රු.124.3000 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.119.5300 , විකුණුම් මිල රු.124.8000 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.110.3500 , විකුණුම් මිල රු.114.3700 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3485, විකුණුම් මිල රු.1.3993 |

‍ලේලියට දුන් වද ගැන කියමින් හඬා වැටුණු නැන්දම්මා

අගනුවරට නොදුරු බේකරි ව්‍යාපාරයක යෙදී සිටි රම්‍යලතා අතිශය උත්සාහවන්ත කාන්තාවකි. සිය සැමියා විසින් පවත්වාගෙන එනු ලැබූ බේකරිය ඔහුගේ අකල් මරණයෙන් කෙටි කලකට පසු වසා දැමෙන තත්ත්වයට පත්විය. ඒ එම බේකරියෙන් ණයට ගනුදෙනු කළ සුළු ව්‍යාපාරිකයන් රම්‍යලතාගේ සැමියාගේ මරණයෙන් පසු එම ණය ගෙවීම රහසිගතවම පැහැර හැර තිබූ බැවිනි. ඒ කෙසේ හෝ ඒ තත්ත්වය මත සිඟමනට වැටීමට ඕන මෙන්න කියා තත්ත්වයක සිටි රම්‍යලතා ඉතා වෙහෙස මහන්සියෙන් යුතුව තම බේකරි ව්‍යාපාරය යළි පණ ගැන්වූ අතර වසර දහයක කාලයක් තුළදී එය ප්‍රදේශයේ ජනප්‍රියම බේකරිය බවට පත් කර ගැනීමට ඇයට හැකිවිය. 
රම්‍යලතා දරු තිදෙනකුගේ මවක වූ අතර සැමියා මිය යන විට පසළොස් හැවිරිදිව සිටි ඇගේ එකම පුතු පසුව රම්‍යලතාගේ හොඳම ව්‍යාපාර සහායකයා ද විය. මීට වසර පහකට පෙර තම බේකරියේ ඩිලිවරි කටයුතු සඳහා සැහැල්ලු ට්‍රක් රථයක් මිලට ගැනීමට රම්‍යලතාට හැකි වූ අතර එහි රියැදුරු වශයෙන් කටයුතු කරන ලද්දේ ද ඇගේ එකම පුතුය. 
ඒ කෙසේ හෝ එම රථයෙන් ඩිලිවරි යන අතරේ රම්‍යලතාගේ පුතු අද්දර ප්‍රදේශයක අඩු ආදායම්ලාභී නිවෙසක යුවතියක හා සබඳතාවයක පටලැවිණි. සකලවිධ දුසිරිත්වලින් පිරි පරිසරයක වෙසෙන යුවතියක හා මෙලෙස පෙම් සබඳතාවයක් ඇති කර ගැනීම රම්‍යලතාට සේම ඇගේ දියණියන්ට ද කෙසේවත් ඉහිළුම් නොදෙන්නක් විය. එහෙත් තම මවගේ සේම සොයුරියන්ගේ කීමට අකීකරු වූ ඔහු එම තරුණිය හා රහසිගතව විවාහවී ඇය නිවසට කැඳවාගෙන ආවේය. ඒ මීට සිව් වසරකට පමණ පෙරදීය. 
ශීඝ්‍රයෙන් දියුණුවන ව්‍යාපාරයක කළමනාකරු වන තම පුතු; තම සොයුරා සිදු කරගත් මේ ‘අපරාධය’ පිළිබඳව ඔහුගේ මව සහ සොයුරියෝ මහත් සේ කිපුනහ. ඒ අනුව ඔවුන්ගේ එම වෛරයේ ද්වේෂයේ ගොදුර බවට පත්වීමට සිදුවූයේ එම අලුත් මනාලියටයි. එම තරුණයා සමග ඔවුන්ගේ නිවසේ පදිංචියට පැමිණි මුල් දිනවල සිට ඇය තම නැන්දණියගේ සහ නෑණාවරුන්ගේ දැනුම් බැනුම් නින්දා අපහාස වලට ලක්වූ අතර පසුකාලීනව නැන්දණියගේ ගුටිබැට වලට ලක්වීමට පවා ඇයට සිදුවිය. තම සැමියාගේ මරණයෙන් පසු හිඟානොකා හිඟාකමින් ජීවත් වූ තමන් සහ දරු තිදෙනා යන්තම් ඒ තත්ත්වයෙන් ගොඩ ඒමට වෙර දරන අතරේ නැවත සිඟන්නියක බලහත්කාරයෙන් තම පවුල තුළට රිංගා ගෙන ඇති බව රම්‍යලතා තම ‍ලේලියට ඇසෙන සේ ඥාතිමිත්‍රාදීන් සමග පවා කීවාය. එහෙත් ඒ වන විට මුලුමනින්ම පාහේ ව්‍යාපාරික කටයුතුවලට නැඹුරු වී සිටි රම්‍යලතාගේ පුතුට ද තම බිරිඳ පිළිබඳව සොයා බැලීමේ අවකාශයක් නොවිණි. එමෙන්ම තම බිරිඳ සහ මව අතර පවතින මෙම විරසකයේ දී එක් පර්ශ්වයක් නියෝජනය කිරීමට ද ඔහු අකමැති වන්නට ඇත.
කෙසේ හෝ එක්තරා දිනයක නැන්දණිය විසින් ලී කැබැල්ලකින් හිසට එල්ල කරන ලද ප්‍රහාරයකින් රෝහල්ගත කරන ලද ඇගේ ‍ලේලිය ඉන්පසු ආගිය අතක් නැතිවිය. ඒ වනවිට ඇගේ පවු‍ලේ සාමාජිකයන් ද ඒ මේ අතර විසිර ගොස් සිටි අතර ඇගේ එම අතුරුදන්වීම සම්බන්ධ කිසිදු හෝඩුවාවක් දැනගත නොහැකිවිය. මේ අතර මීට වසරකට පමණ සිට රම්‍යලතාගේ හැසිරීම් කමෛන් වෙනස් වන අයුරක් පුතුට සහ දියණියන් දෙදෙනාට වැටහිණ. කලින් බෙහෙවින් ක්‍රියාශීලීව සිටි ඇය අලස සෝමාරි දිවි පවෛතකට යොමු වූවාය. එසේම ඉන්පසුව තම ‍ලේලියට කුමක් වූයේද යන්න පිළිබඳව විමසා බලන ලෙස තම පුතුට සහ දියණියන්ට නිතර කියන්නට වූ ඇය ‍ලේලියට සිදු කළ අපරාධය තමන්ට ‘දිට්ඨධම්මවේදනීය’ ලෙස පලදුන් බව කියමින් හඬා වැටෙන්නට විය. එමෙන්ම සුළු දෙයකින් පවා කෝප ගැන්වුණු රම්‍යලතා කෙරෙන් පෙර තිබූ පිරිසිදු කමද ගිලිහී ගොස් ඇය කමෛන් ගොමස්කඩවලින් වැසුණු මිනිස් සිරුරක් බවට පත්වූයේ ඒ වන විට තම පුතු උරදී සිටින බේකරි කර්මාන්තයෙන් මාසිකව රුපියල් ලක්ෂ ගණනින් මුදල් ගලා එන අතරේය. 
ඒ කෙසේ හෝ රම්‍යලතාගේ මෙම අසාමාන්‍ය හැසිරීම් රටාව නිසා ඇය මනෝ වෛද්‍යවරයකු  වෙත යොමු කිරීමට ඇගේ දරුවෝ තීරණය කළහ. 
ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් කියලා බණ ‍පොතේ තියන විදිහටම සමහරුන්ට තමන්ගේ ප්‍රියතමයන්ගෙන් වෙන්වීමෙන් තදබල හිත් වේදනාවක් වගේම ඒ හා බැඳුණු දිගුකාලීන වියෝග අර්බුදය Prolonged griefdis order කියන තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒත් මේ තත්ත්වය ඊට වෙනස්. මේ අම්මා තමන්ගේ ‍ලේලියට ඒ විදිහට බරපතළ විදිහට සලකන්න මේ අම්මාගේ දුක්බර කටුක අත්දැකීම් එහෙමත් බලපාන්න ඇති. ඒ අතරේ මොනවා වුණත් මම මේ කරන්නේ වැරදි වැඩක්ය කියන වරදකාරී හැඟීමත්; feeling of guilt මේ අම්මාගේ හිත ඇතු‍ලේ තිබුණා වෙන්න පුළුවන්. කොහොම නමුත් පහුවෙනකොට විෂාදය depression කියන රෝග තත්ත්වයට මේ අම්මා පත්වෙලා තියනවා. එතකොට හිතේ යටපත් කරගෙන හිටපු  අර වරදකාරී හැඟීම වතුර යට හංගාගෙන තියන රබර් බෝලයක් වගේ උඩට ආවා. 
 
මානසික රෝගයක් වැළඳෙන ඕනෑම කෙනෙක් තමන්ගේ පවු‍ලේ අය ඥාති මිත්‍රාදීන්  එතකොට සමාජය හමුවේ ඒ රෝග ලක්ෂණ ප්‍රකට කරන්නේ තමන්ගේ ජීවිතය හා තමන් ජීවත්වන පරිසරය සහ සමාජ වටපිටාව මුල් කර ගත් කරුණු පදනම් කරගෙනයි. 
එසේ කී මනෝ වෛද්‍යවරයා ඒ වන විට රම්‍යලතාට වැළඳී තිබූ විශාද රෝග තත්ත්වයට ඖෂධීය ප්‍රතිකාර දෙන අතරේ ඇගේ මානසික පීඩනය හා වේදනාව දුරු කෙරෙන ඥානක චර්යාත්මක චිකිත්සාද නියම කරන ලදී. 
කෙසේ හෝ තම නැතිවුණු ‍ලේලිය සහ තමන් වෙතින් ඇයට සිදුවූ කටයුතුකම් පිළිබඳව රම්‍යලතා මුල්වරට ප්‍රකෘති ලෙසින් සිතීමට පෙළඹෙන ලද්දේ ඉන්පසුවය. 
 
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ විශේෂඥ මනෝ වෛද්‍ය රුමි රූබන් M.B.B.S. M.D.Psy විසඳුම් ඉදිරිපත් කරයි
 
සටහන දමයන්ති ගමගේ 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

ගෙදරටම පැමිණ ගබ්සා කරන පොළොන්නරුවේ හොර වෙද්දු

IMAGE 2017 Jul 31 09:04
පොළොන්නරුව වැනි ඈත ප‍්‍රදේශවල මේ වන විට රහසිගතව සිදුවන මෙම නීති විරෝධී ගබ්සා ජාලය ජනාකීර්ණ...
Views - 71

ඕපදූප කතා ගැන ගයාත්‍රි පළමු වරට කතා කරයි

IMAGE 2017 Jul 30 18:35
මොනවද ගයාත්‍රි මේ අන්තර්ජාලයේ පැතිර යන කට කතා   කාලයක් තිස්සේ දැනගෙන හිටපු කීප දෙනෙක් මට...
Views - 797

නයිජීරියානුවන්ගේ ගැටවලට හසුවී සල්ලන්වන ලංකාවේ ගෑනු

IMAGE 2017 Jul 30 17:49
“මට ඔයාව මිතුරියක් කරගන්න ආසයි...... ඔයාට තෑගි දෙන්න......... නිතර ඔයා සමග කතා කරන්නත් ආසයි. හැබැයි...
Views - 1166

ජලනන්දන පිරිතෙන් වතුර නටවන්න පුළුවන් කියන්නේ බොරු! (Video)

IMAGE 2017 Jul 30 14:06
ජලනන්දන පිරිත ලක්ෂවාරයක් ජප කිරීමෙන් වතුර නැටවිය හැකිය යන මතයෙහි කිසිදු සත්‍යතාවයක් නැති...
Views - 539

නියඟය උහුලනු බැරිව දළුකාන ආදීවාසීහු වන වදිති

IMAGE 2017 Jul 28 12:40
නගරවාසීන්ට සාපේක්ෂව ගම්වාසීහු සොබාදහම නියමයන් පිළිගනිති. ගම්වාසීන්ටත් වඩා සොබාදහමේ...
Views - 1060

සොයුරා දැරියක කෙළෙසූ වරදට දඩුවමක් ලෙස දූෂණය වූ යුවතියක්

IMAGE 2017 Jul 28 10:52
කාන්තාවන්ට එරෙහිව ලිංගික අතවර සිදුවන රටවල් අතර දකුණු ආසියානු කලාපයේ රටවලටද හිමිවන්නේ...
Views - 4227

Please publish modules in offcanvas position.