lakbima.lk
2017-07-20 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.151.6800 , විකුණුම් මිල රු.155.4800 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.196.8000 , විකුණුම් මිල රු.203.4600 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.173.6700, විකුණුම් මිල රු.180.2000 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.157.7400 , විකුණුම් මිල රු.164.0300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.119.6100 , විකුණුම් මිල රු.124.3000 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.119.5300 , විකුණුම් මිල රු.124.8000 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.110.3500 , විකුණුම් මිල රු.114.3700 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3485, විකුණුම් මිල රු.1.3993 |

පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉන්දියාවට ලකුණු 304 ක ජයක්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 304 ක ජයක් ලැබූ ඉන්දියාව තරග 3 කින් සමන්විත තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත්විය.
ලකුණු 550 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකාවට දෙවැනි ඉනිමේ රැස් කර ගත හැකිවූයේ ලකුණු 245 ක් පමණි. ශ්‍රී ලංකා පිතිකරුවන් දෙවැනි ඉනිමේද අසාර්ථක වීම නිසා අවසානයේ දැවැන්ත පරාජයක් ලැබිය.
ශ්‍රී ලංකා දෙවැනි ඉනිම වෙනුවෙන් දිමුත් කරුණාරත්න හතරේ පහර 9 ක් සහිතව ලකුණු 97 ක් ලබාගත් අතර නිරෝෂන් දික්වැල්ල හතරේ පහර 10 ක් සහිතව ලකුණු 67 ක් ලබා ගත්තේය.
මෙම තරගයේදී අසේල ගුණරත්න ආබාධයකට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ක්‍රීඩකයන් 10 දෙනෙකුගෙන් ක්‍රීඩා කිරීමට සිදුවූ අතර රංගනගේ අතේ පන්දුවක් වැදීම හේතුවෙන් ඔහුද දෙවැනි ඉනිමේ පන්දුවට පහර දීමට නොපැමිණියේය.
ඉන්දියාව වෙනුවෙන් දෙවැනි ඉනිමේදී පන්දුවෙන් දස්කම් දැක්වූ අෂ්වින් සහ ජඩේජා කඩුලු 3 බැගින් බිඳ හෙලීමට සමත්විය.
ඉන්දියාව දෙවැනි ඉනිමේදී කඩුලු 3 ට ලකුණු 240 ක් ලබා ඉනිම අත්හිටුවූ අතර නායක විරාත් කෝලි සිය 17 වැනි ටෙස්ට් ශතකය වාර්තා කරමින් නොදැවී ලකුණු 103 ක් ලබා ගත් අතර අභිනව් මුකුන්ඩ් ලකුණු 81 ක් ලබා ගත්තේය.
ඉන්දියාව වෙනුවෙන් මුල් ඉනිමේ ශතකයක් රැස් කළ ෂිකර් ධවාන් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 3 සිට 7දා දක්වා එස්.එස්.සී පිටියේදී පැවැත්වේ.
 
මංගල ධර්මප්‍රේම ගාල්ලේ සිට

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

ගෙදරටම පැමිණ ගබ්සා කරන පොළොන්නරුවේ හොර වෙද්දු

IMAGE 2017 Jul 31 09:04
පොළොන්නරුව වැනි ඈත ප‍්‍රදේශවල මේ වන විට රහසිගතව සිදුවන මෙම නීති විරෝධී ගබ්සා ජාලය ජනාකීර්ණ...
Views - 70

ඕපදූප කතා ගැන ගයාත්‍රි පළමු වරට කතා කරයි

IMAGE 2017 Jul 30 18:35
මොනවද ගයාත්‍රි මේ අන්තර්ජාලයේ පැතිර යන කට කතා   කාලයක් තිස්සේ දැනගෙන හිටපු කීප දෙනෙක් මට...
Views - 796

නයිජීරියානුවන්ගේ ගැටවලට හසුවී සල්ලන්වන ලංකාවේ ගෑනු

IMAGE 2017 Jul 30 17:49
“මට ඔයාව මිතුරියක් කරගන්න ආසයි...... ඔයාට තෑගි දෙන්න......... නිතර ඔයා සමග කතා කරන්නත් ආසයි. හැබැයි...
Views - 1165

ජලනන්දන පිරිතෙන් වතුර නටවන්න පුළුවන් කියන්නේ බොරු! (Video)

IMAGE 2017 Jul 30 14:06
ජලනන්දන පිරිත ලක්ෂවාරයක් ජප කිරීමෙන් වතුර නැටවිය හැකිය යන මතයෙහි කිසිදු සත්‍යතාවයක් නැති...
Views - 539

නියඟය උහුලනු බැරිව දළුකාන ආදීවාසීහු වන වදිති

IMAGE 2017 Jul 28 12:40
නගරවාසීන්ට සාපේක්ෂව ගම්වාසීහු සොබාදහම නියමයන් පිළිගනිති. ගම්වාසීන්ටත් වඩා සොබාදහමේ...
Views - 1060

සොයුරා දැරියක කෙළෙසූ වරදට දඩුවමක් ලෙස දූෂණය වූ යුවතියක්

IMAGE 2017 Jul 28 10:52
කාන්තාවන්ට එරෙහිව ලිංගික අතවර සිදුවන රටවල් අතර දකුණු ආසියානු කලාපයේ රටවලටද හිමිවන්නේ...
Views - 4227

Please publish modules in offcanvas position.