lakbima.lk
2017-07-20 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.151.6800 , විකුණුම් මිල රු.155.4800 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.196.8000 , විකුණුම් මිල රු.203.4600 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.173.6700, විකුණුම් මිල රු.180.2000 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.157.7400 , විකුණුම් මිල රු.164.0300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.119.6100 , විකුණුම් මිල රු.124.3000 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.119.5300 , විකුණුම් මිල රු.124.8000 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.110.3500 , විකුණුම් මිල රු.114.3700 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3485, විකුණුම් මිල රු.1.3993 |

පොදුරාජ්‍ය මණ්ඩලයීය යොවුන් ක්‍රීඩා උළෙල අද  (19දා) බහමාස්හිදී ආරම්භ වේ.
මෙම ක්‍රීඩා උළෙල බහමාස්හි නසාවු නගරය කේන්ද්‍ර කර ගනිමින් ලබන 23 දා දක්වා රටවල් 64ක් නියෝජනය කරමින් අවුරුදු 14-18 වයස් සීමාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1050කට ආසන්න පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.
මෙවර 6 වැනි ‍පොදුරදමඬුලු යොවුන් ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩා 6ක් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 28 දෙනෙක් තරග බිමට පිවිසෙති.
ක්‍රීඩා උළෙ‍ලේ පැවැත්වෙන මලල ක්‍රීඩා, බොක්සිං, ජල ක්‍රීඩා, ජූඩෝ, සත් සාමාජික රග්බි සහ ටෙනිස් ක්‍රීඩා 6 සඳහා පමණක් ශ්‍රී ලංකාව සහභාගිවේ. මීට අමතරව බිච් වොලිබෝල්, බිච් පාපන්දු සහ පාපැදි යන ක්‍රීඩාද මෙවර ක්‍රීඩා උළෙලට ඇතුළත් වී තිබේ.
 
ශ්‍රී ලංකා කණ්ඩායම
 
සත් සාමාජික රග්බි
දුලංජන පියතිස්ස (ධර්මරාජ), ක්‍රිස්ටියන් ෆෙඩ්රික් (ශා. තෝමස්), ගැමුණු කුමාරසිංහ (ශා. ජෝශප්), දිමුත් ලියනගේ (ශා. අන්තෝනි), ජොනතන් වීරකෝන් (ත්‍රිත්ව), මොහොමඩ් සබිර් (ශා. අන්තෝනි), නදීෂ චමින්ද විතානගේ (ඉසිපතන), තනුජ් රාජරත්නම් (ත්‍රිත්ව), රවීන් ප්‍රනාන්දු (ශා. පීතර), අනුරුද්ධ අල්විස් (ශා. ජෝශප්), තුවාන් සබාර් (වෙස්ලි), විශ්ව රණරාජි (ත්‍රිත්ව)
 
මලල ක්‍රීඩා 
ප්‍රමෝද මධුභාෂණ - දුර පැනීම, තුන් පිම්ම (මාරිස්ටෙලා), නවෝද සංකල්ප  - මී. 400 කඩුලු (මහින්ද විදුහල), ෂෙහාන් කාරියවසම් - මී. 110 කඩුලු (ශා. ජෝශප්), කවින්ද්‍යා තත්සරණි - මී. 400 කඩුලු (අඹගමුව මැදි විදුහල), සචිනි දිව්‍යාංජලී - මී. 100, 200 (වත්තල ලයිසියම්), සඳුණි චවිප්‍රභාවි බණ්ඩාර - මී. 400 (කෑගල්ල ශා. ජෝශප්)
පිහිනුම් 
අකලංක පීරිස් (බම්බලපිටිය ශා. පීතර), කගිල් අබේසිංහ (ආසියානු ජාත්‍යන්තර පාසල), අවන්ති දෙව්මි පෙරේරා (සිරිමාවෝ බණ්ඩාරනායක), විනෝලි සෙනෙවිරත්න (සිරිමාවෝ බණ්ඩාරනායක විදුහල)
බොක්සිං 
කාවින්ද සංජය බණ්ඩාර (පිළිමතලාව ධීරානන්ද), මධුමාලි ප්‍රියදර්ශනී (නුවරඑළිය පල්‍ලේබෝවිල මහ විදුහල)
ජූඩෝ 
සූරිය තිසර කස්තුරිආරච්චි (නාවලපිටිය අනුරුද්ධ මහ විදුහල), සමිනා රිෆාස් (ගම්‍පොල ශා. ජෝශප් බාලිකා)
ටෙනිස්
විබුදු විජයබණ්ඩාර (කොළඹ ආනන්ද), අනිතා සේනාරත්න (කාන්තා විදුහල)
 
ප්‍රභාත් විදානපතිරණ

නෙස්‍ලේ ලංකා සමාගමේ නෙස්ටමෝල්ට් පූර්ණ අනුග්‍රාහකත්වය යටතේ අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කරන සමස්ත ලංකා පාසල් රාත්‍රී අර්ධ මැරතන් තරගාවලියේ පළමු අදියරයේදී බාලක ප්‍රථම ස්ථාන වවුනියාව දෙමළ මහා විදුහ‍ලේ එස්. කින්තුෂාන් (1.14.52)  දිනාගත් අතර, බාලිකා ප්‍රථම ස්ථානය මුලතිව් උදියාකඩ්ඩු මහා විදුහ‍ලේ එස්. සුදර්මතී (1.37.3) දිනා ගැනීමට සමත් වූහ.
යාපනය දුරෙයප්පා ක්‍රීඩාංගණය අසලින් ආරම්භ වූ කි.මී. 21.5ක දුරකින් යුත් මෙම අර්ධ මැරතන් තරගයට උතුර, උතුරු මැද සහ නැගෙනහිර පළාත් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සහභාගි වූහ.
බාලක දෙවැනි ස්ථානය මුලතිව් ඔඩ්ඩුසුඩාන් මහා විදුහ‍ලේ ජී. ජිනන්තානන් දිනාගත් අතර, තෙවැනි ස්ථානය යාපනය කොකුවිල් හින්දු විදුහ‍ලේ ආර්. රිනුජන්ට හිමිවිය.
බාලිකා දෙවැනි ස්ථානය මුලතිව් කචිලායිමඩු මහා විදුහ‍ලේ එස්. විතූෂාට දිනාගත් අතර, තෙවැනි ස්ථානය කිලිනොච්චි මධ්‍ය මහා විදුහ‍ලේ ටී. ඩෙන්සිකා සතුවිය.


ඡායාරූප - නිමල්සිරි එදිරිසිංහ

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් තරග සඳහා සහභාගි වූ ක්‍රීඩක  ක්‍රීඩිකාවන් පසුගියදා ‘ශ්‍රී ලංකා ඔලිම්පියන්ස්’ නමින් සංවිධානයක් පිහිටුවාගෙන තිබේ.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 1948 සිට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 96 දෙනකු ඔලිම්පික් තරග සඳහා සහභාගි වී ඇති අතර, ඉන් 68 දෙනකු මේ වන විට ජීවතුන් අතර පසුවෙති.
ශ්‍රී ලංකා ඔලිම්පියන්ස් සංවිධානයේ සභාපතිනිය ලෙස ශ්‍රියානි කුලවංශද, ‍ලේකම්වරිය ලෙස දමයන්ති දර්ශාද, භාණ්ඩාගාරික ලෙස අනුරුද්ධ රත්නායකද, උප සභාපති ලෙස සුගත් තිලකරත්නද මෙහිදී තෝරා පත්කරගෙන තිබේ.
මෙම සංවිධානයේ උපදේශකවරිය ලෙස ඔලිම්පික් පදක්කම්ලාභිනී සුසන්තිකා ජයසිංහ පත්කරගෙන තිබේ. 
සංවිධානය පිහිටුවාගත් අවස්ථාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු. 

ඉන්දියාවේ බුබනේෂ්වර්හිදී පැවැත්වෙන 22 වැනි ආසියානු ශූරතා මලල ක්‍රීඩා උළෙ‍ලේ අවසන් දිනය වූ ඊයේ (9දා) පත්‍රය මුද්‍රණයට යන අවස්ථාව වන විට ශ්‍රී ලංකාව වෙනුවෙන් රිදී පදක්කම් දිනාගැනීමට නදීෂා දිල්හානි ‍ලේකම්ගේ, රුමේෂිකා රත්නායක සහ නිමාලි ලියනාරච්චි සමත් වූහ.
මීට අමතරව ඊයේ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ගයන්තිකා අබේරත්න සමත්වූවාය. 
ක්‍රීඩා උළෙ‍ලේ ආරම්භක දිනයේදීම නදීෂා දිල්හානි ‍ලේකම්ගේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේදී මීටර් 58.11ක දක්ෂතාවක් දක්වමින් රිදී පදක්කම දිනා ගැනීමට සමත් වූවාය. 
රුමේෂිකා රත්නායක මීටර් 200 මූලික වටයේදී තත්පර 23.40ක දක්ෂතාවක් දක්වමින් ප්‍රථම ස්ථානය දිනා ගනිමින් අවසන් තරගයට සුදුසුකම් ලබා ගත් අතර ඊයේ පැවැති එම ඉසව්වේ අවසන් තරගයේදී තත්. 23.43 කාලයක් ලබමින් රිදී පදක්කම දිනා ගැනීමට සමත් වූවාය.  
ඊයේ මීටර් 800 කාන්තා අවසන් තරගයට සහභාගි වූ ශ්‍රී ලංකාවේ නිමාලි ලියනාරච්චි මි. 2.05.23ක කාලයක් ලබමින් රිදී පදක්කම දිනාගත් අතර, එම ඉසව්වටම සහභාගි වූ ගයන්තිකා අබේරත්න ලෝකඩ පදක්කම (මි. 2.05.27) දිනා ගැනීමට සමත් වූවාය.
පිරිමි මීටර් 800 තරගයට සහභාගි වූ ඉඳුනිල් හේරත් මූලික වටයේ තෙවැනි තරගයේදී මිනිත්තු 1.51.70ක කාලයක් වාර්තා කරමින් දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් විය. ඔහු සහභාගි වන මී. 800 අවසන් තරගයද ඊයේ රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබුණි. 
ශ්‍රී ලංකාවේ අජිත් ප්‍රේමකුමාර, දිලිප් රුවන්, ප්‍රදීප් කුමාර සහ ග්‍රේෂන් ධනංජය 4*400 සහාය දිවීමේ දෙවැනි මූලික තරගයේදී මි. 3.09.06ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් විය. මෙම ඉසව්වේ අවසන් තරගය ක්‍රීඩා උළෙ‍ලේ අවසන් තරග ඉසව්ව ලෙස ඊයේ රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබුණි. 
ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවන ශූර හිමාෂ එෂාන් මීටර් 100 මූලික වටයේ පළමු තරගයේදී සිව්වැන්නා බවට (තත්. 10.53) පත්වූ අතර, මූලික වටයේ තෙවැනි තරගයේදී විනෝජ් සුරංජය ද සිල්වා සිව්වැන්නා (තත්. 10.44) බවට පත්විය. 

ඉන්දියාවේ බුබනේෂ්වර්හිදී පැවැත්වෙන 22 වැනි ආසියානු ශූරතා මලල ක්‍රීඩා උළෙලට සහභාගි වී සිටින උස පැනීමේ ශූර මංජුල කුමාර විජේසේකර අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වී තිබේ.

මීට අමතරව මී. 400 ඉසව්වේ මූලික වටයේ තරගවලට සහභාගි වූ දිලිප් රුවන් සහ අජිත් ප්‍රේමකුමාර දෙවැනි වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

මංජුල කුමාර මූලික වටයේදී මීටර් 2.10ක දක්ෂතාවක් දක්වමින් අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේය.
මීටර් 400 මූලික වටයේ පළමු තරගයට සහභාගි වූ දිලිප් රුවන් කුමාර තත්පර 46.82ක දක්ෂතාවක් දක්වමින් පළමු ස්ථානය දිනා ගනිමින් දෙවැනි වටය සඳහා සුදුසුකම් ලැබිය.

මෙම තරගයේදී දිලිප් කුමාර හමුවේ ඉන්දියාව නියෝජනය කරමින් ඔලිම්පික් තරගවලටද සහභාගි වූ මුහාමද් අනාස් දෙවැනියා බවට පත්වීම කැපී පෙනෙන සිදුවීමක් විය.
මීටර් 400 මූලික වටයේ දෙවැනි තරගයට සහභාගි වූ අජිත් ප්‍රේමකුමාර තත්පර 46.82ක දක්ෂතාවක් දක්වමින් දෙවැනි වටය සඳහා සුදුසුකම් ලැබිය.

22 වැනි ආසියානු ශූරතා මලල ක්‍රීඩා උළෙල අද (6දා) ඉන්දියාවේ බුබනේෂ්වර් නගරයේදී ආරම්භවේ.
ඉන්දියාවේ ඔඩිසා ප්‍රාන්තයේ බුබනේෂ්වර් නගරයේ කාලිංග ක්‍රීඩාංගණය කේන්ද්‍රකරගනිමින්  අද සිට ලබන 9දා දක්වා පැවැත්වෙන මෙවර තරගාවලියට රටවල් 45ක් නියෝජනය කරමින්  ක්‍රීඩක ක්‍රීඩිකාවන් 650ක් සහභාගි වෙති.
මලල ක්‍රීඩා ඉසව් 42කින් සමන්විත මෙවර ආසියානු ශූරතා මලල ක්‍රීඩා උළෙල ලබන අගෝස්තු මස ලන්ඩන්හිදී පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියක් ලෙසින්ද සැලකේ.
තරගාවලියට පෙර පුහුණුවීමට බුබනේෂ්වර් ක්‍රීඩාංගණය හිමිවූ බැවින් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය ආරම්භ වීමට දින 10කට පෙරම ඉන්දියාව බලා පිටත්ව ගියේය.
ක්‍රීඩක ක්‍රීඩිකාවන් 23 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස මංජුල කුමාර වීරසේකර කටයුතු කරයි.
ශ්‍රී ලංකා කණ්ඩායම සමග  පුහුණුකරුවන් 6ක්, අතිරේක පුහුණුකරුවන් 5ක් සහ නිලධාරීන් දෙදෙනකුද  එක්වී සිටිති.

ශ්‍රී ලංකා කණ්ඩායම
පිරිමි :- හිමාෂ එෂාන් (මී. 100, 4*100), විනෝද් සුරංජන් (මී. 100, 200, 4*100), අජිත් ප්‍රේමකුමාර (මී. 400, 4*400), දිලිප් රුවන් (මී. 400, 4*400), ඉඳුනිල් හේරත් (මී. 800), මංජුල කුමාර වීරසේකර (උස පැනීම), දනුක ලියනපතිරණ (දුර පැනීම), සංජය ජයසිංහ (තුන් පිම්ම), වරුණ දයාරත්න (හෙල්ල), ඒ.එල්.එම්. අෂ්රොෆ් (4*100), ෂෙහාන් අඹේපිටිය (4*100), මොහොමඩ් සෆ්රාස් (4*100), ප්‍රදීප් කුමාර (4*400), ග්‍රේෂන් ධනංජය (4*400), කාලිංග කුමාරගේ (4*00)
කාන්තා :- රුමේෂිකා රත්නායක (මී. 100, 200), නිර්මලී මධුශිකා (මී. 400), ගයන්තිකා අබේරත්න (මී. 800), නිමාලි ලියනාරච්චි (මී. 800), නිලානි රත්නායක (මී. 3000 බාධක), විදුෂා ලක්ෂානි (තුන්පිම්ම), දිල්හානි ‍ලේකම්ගේ (හෙල්ල විසිකිරීම), දුලංජලී රණසිංහ (උස පැනීම)
නිලධාරීන් :- ලාල් චන්ද්‍රකුමාර (කළමනාකරු), යසරෝහන  සිල්වා (සහය කළමනාකරු)
පුහුණුකරුවන් :- කේ.ජී. භද්‍රා ගුණවර්ධන, සජිත් ජයලාල්, චමින්ද පෙරේරා, පිලිප් රංජිත්, ලුවිස් මිරැන්ඩෝ, ඒ.ජ්. රුද්‍රිගෝ
අතිරේක පුහුණුකරුවන් :- ඒ.ජී. නන්දාවතී, උමංග සුරේන්ද්‍ර, වී.
රත්නකුමාර, මධුක මාරසිංහ, සුජිත් අබේසේකර

ප්‍රභාත් විදානපතිරණ

Page 1 of 6

IMAGE

ගෙදරටම පැමිණ ගබ්සා කරන පොළොන්නරුවේ හොර වෙද්දු

IMAGE 2017 Jul 31 09:04
පොළොන්නරුව වැනි ඈත ප‍්‍රදේශවල මේ වන විට රහසිගතව සිදුවන මෙම නීති විරෝධී ගබ්සා ජාලය ජනාකීර්ණ...
Views - 76

ඕපදූප කතා ගැන ගයාත්‍රි පළමු වරට කතා කරයි

IMAGE 2017 Jul 30 18:35
මොනවද ගයාත්‍රි මේ අන්තර්ජාලයේ පැතිර යන කට කතා   කාලයක් තිස්සේ දැනගෙන හිටපු කීප දෙනෙක් මට...
Views - 801

නයිජීරියානුවන්ගේ ගැටවලට හසුවී සල්ලන්වන ලංකාවේ ගෑනු

IMAGE 2017 Jul 30 17:49
“මට ඔයාව මිතුරියක් කරගන්න ආසයි...... ඔයාට තෑගි දෙන්න......... නිතර ඔයා සමග කතා කරන්නත් ආසයි. හැබැයි...
Views - 1169

ජලනන්දන පිරිතෙන් වතුර නටවන්න පුළුවන් කියන්නේ බොරු! (Video)

IMAGE 2017 Jul 30 14:06
ජලනන්දන පිරිත ලක්ෂවාරයක් ජප කිරීමෙන් වතුර නැටවිය හැකිය යන මතයෙහි කිසිදු සත්‍යතාවයක් නැති...
Views - 542

නියඟය උහුලනු බැරිව දළුකාන ආදීවාසීහු වන වදිති

IMAGE 2017 Jul 28 12:40
නගරවාසීන්ට සාපේක්ෂව ගම්වාසීහු සොබාදහම නියමයන් පිළිගනිති. ගම්වාසීන්ටත් වඩා සොබාදහමේ...
Views - 1065

සොයුරා දැරියක කෙළෙසූ වරදට දඩුවමක් ලෙස දූෂණය වූ යුවතියක්

IMAGE 2017 Jul 28 10:52
කාන්තාවන්ට එරෙහිව ලිංගික අතවර සිදුවන රටවල් අතර දකුණු ආසියානු කලාපයේ රටවලටද හිමිවන්නේ...
Views - 4232

Please publish modules in offcanvas position.