lakbima.lk
2017-07-20 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.151.6800 , විකුණුම් මිල රු.155.4800 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.196.8000 , විකුණුම් මිල රු.203.4600 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.173.6700, විකුණුම් මිල රු.180.2000 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.157.7400 , විකුණුම් මිල රු.164.0300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.119.6100 , විකුණුම් මිල රු.124.3000 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.119.5300 , විකුණුම් මිල රු.124.8000 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.110.3500 , විකුණුම් මිල රු.114.3700 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3485, විකුණුම් මිල රු.1.3993 |

සංචාරක පාකිස්තානු යුද හමුදා රග්බි පිල සහ ශ්‍රී ලංකා යුද හමුදා රග්බි පිල අතර අවසන් තරගය සහ යුද හමුදා අන්තර් රෙජිමේන්තු රග්බි අවසන් තරගය අද (28දා) පැවැත්වේ.යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ්  සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ තුරඟ තරග පිටියේදී අද පස්වරු 4.00 සිට තරග පැවැත්වේ.

ඩයලොග් ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් රග්බි තරගාවලියේ සමස්ත ශූරතාව දිනා ගැනීමට රොෂාන් වීරරත්නගේ නායකත්වයෙන් යුත් මොබිටෙල් ඊගල්ස් සමත්විය.

මහනුවර පැවැති පළමු අදියරේ ශූරතාව සහ කොළඹ පැවැති දෙවැනි අදියරේ අනුශූරතාව දිනා ගැනීමට මොබිටෙල් ඊගල්ස් සමත්විය.

දෙවැනි අදියරේ අවසන් තරගයේදී මොබිටෙල් ඊගල්ස් ලකුණු 26-12 කින් පරාජය කළ ඊසි වුල්ව්ස් සමස්ත අනුශූරතාව දිනා ගත්තේය.

කොළඹදී පැවැති පාසල් තරගාවලියේ අවසන් මහ තරගයෙන් ශා. ජෝසප්ට එරෙහිව ලකුණු 7-5 ක ජයක් ලැබූ මහනුවර කිංග්ස්වුඩ් පාසල් ශූරතාව දිනා ගත්තේය. කිංග්ස්වුඩ්ට මහනුවර පැවැති පළමු අදියරේ තෙවැනි තැන හිමිවිය.

පාසල් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස දක්ෂිණ අතුකෝරලද වැඩිම ලකුණු ලාභියා ලෙස ඉෂාර කුරේද සම්මාන ලැබිය.
ග්ලැඩියේටර්ස් ලකුණු 22-19 කින් පරාජය කළ එටිසලාට් පැන්තර්ස් පළඟ ශූරතාව දිනා ගත් අතර වෙස්ලි ලකුණු 36-05 කින් පරාජය කළ ශා.පීතර පාසල් පළඟ ශූරතාව දිනා ගත්තේය.

සොෆ්ට්ලොජික් වොරියර්ස් ලකුණු 34-19 කින් පරාජය කළ ඇක්සස් කිංග්ස් බඳුන ශූරතාව දිනා ගත් අතර ඉසිපතන ලකුණු 19-12 කින් පරාජය කළ විද්‍යා විදුහල පාසල් බඳුන ශූරතාව දිනා ගත්තේය.

ඩ්‍රැගන්ස් ලකුණු 28-17 කින් පරාජය කළ වයිපර්ස් පලිහ ශූරතාව දිනාගත් අතර සහිරා ලකුණු 31-05 කින් පරාජය කළ ශා. අන්තෝනි පාසල් පලිහ ශූරතාව දිනා ගත්තේය.

මංගල ධර්මප්‍රේම

අන්තර් පාසල් සත්සාමාජික රග්බි තරගාවලියේ අවසන් මහා තරගයේ දී ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය කණ්ඩායම ඉසිපතන විද්‍යාලය ලකුණු 19-14ක් ලෙස පරාජයට පත්කරමින් අඛණ්ඩව දෙවන වසරටත් තරගාවලියේ ශූරතාවය ඔවුන් සතුකර ගන්නට සමත් විය.

කොළඹ තුරඟ තරග ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවති මෙම වසරේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ පසුගිය වසරේ දී ද අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් දෙකම වීම විශේෂත්වයකි.

තොරතුරු මූලාශ්‍ර - Dialog

.

මයිලෝ ජනාධිපති කුසලාන අන්තර් පාසල් රග්බි තරගාවලියේ අවසන් මහ තරගයෙන් ඉසිපතන විදුහල ලකුණු 19-13 කින් පරාජය කළ ශා.ජෝසප් විදුහල කුසලාන දිනා ගැනීමට සමත්විය.
මෙය රග්බි ඉතිහාසයේ ශා. ජෝසප් විදුහල කුසලානක් දිනාගත් පළමු අවස්ථාව ලෙස වාර්තා ‍පොතට එක්වෙයි.
ශා. ජෝසප් උත්සාහක දිනුම් 2 ක් සහ දඬුවම් පහර 3ක් මගින් ලකුණු රැස් කළ අතර ඉසිපතන උත්සාහක දිනුම් 2 ක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු ලබා ගත්තේය.
අවසන් තරගයේදී මෙන්ම තරගාවලිය පුරා විශිෂ්ට දස්කම් දැක්වූ චතුර සෙනවිරත්න තරගාවලියේ වීරයා ලෙස නම් කරනු ලැබිය.
තරගයේ පළමු අර්ධය අවසන් වන විට ශා. ජෝසප් ලකුණු 8-5 ක් ලෙස පෙරමුණේ පසුවිය.
තරගය ආරම්භයේදීම චතුර සෙනවිරත්න වාර්තා කළ උත්සාහක දිනුමේ ප්‍රවර්තනය සචිත් සිල්වා වෙතින් ගිලිහී ගියද ලකුණු 
5-0 ක් ලෙස ශා. ජෝසප් පෙරමුණ ගත්තේය.
ඉසිපතන විදුහ‍ලේ ඩෙවින් ගුණරත්න වාර්තා කළ උත්සාහක දිනුමේ ප්‍රවර්තනය චමෝද් ප්‍රනාන්දු වෙතින් ගිලිහී යාමෙන් ලකුණු තත්ත්වය 5-5 ක් විය.
ප්‍රථම භාගයේ අවසන් මොහොතේ චතුර සෙනවිරත්න දඬුවම් පහරක් සාර්ථකව නිම කිරීමෙන් ශා. ජෝසප් ලකුණු 8-5 ක් ලෙස පෙරමුණ ගත්තේය.
දෙවැනි භාගය ආරම්භයේදී ඉසිපතන විදුහ‍ලේ චමෝද් ප්‍රනාන්දු දඬුවම් පහරක් නිම කිරීමෙන් ලකුණු තත්ත්වය 8-8ක් ලෙස සමවිය.
ඉන් පසු තරිඳු ද අල්විස් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර ප්‍රවර්තනය අසාර්ථක වීමෙන් ලකුණු 13-8 ක් ලෙස ශා. ජෝසප් පෙරමුණ ගත්තේය.
ඉන් ස්වල්ප වේලාවකට පසු ඉසිපතන විදුහ‍ලේ චමෝද් ප්‍රනාන්දු වාර්තා කළ උත්සාහක දිනුම විනිසුරු ප්‍රතික්ෂේප කළේය. පන්දුව නීති විරෝධී ආකාරයෙන් භාරදුන් බවට විනිසුරු තීරණය කර තිබුණි.
ඉන් පසු තියුණු සටනක් පැවැති අතර චතුර සෙනවිරත්න දඬුවම් පහර 2 ක් සාර්ථකව නිම කිරීමෙන් ශා. ජෝසප් ලකුණු 
19-8 ක් ලෙස කුසලානට ලංවිය.
අවසන් මොහොතේ ඉසිපතන වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට වී. කේ. සබානායක සමත් වුවද ශා. ජෝසප්ට ලකුණු 19-13 ක ජයක් හිමිවිය.
ජයග්‍රාහී ශා. ජෝසප් විදුහ‍ලේ පුහුණුකරු ලෙස නිලුෆර් ඉබ්‍රාහිම් කටයුතු කළේය.
 
මංගල ධර්මප්‍රේම

ඩයලොග් අන්තර් ක්‍රීඩා සමාජ සත් සාමාජික රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට නාවික හමුදාව සමත් විය.
තුරඟ තරග පිටියේදී දින 2ක් පුරා පැවැති මෙම තරගාවලියේ අවසන් තරගයෙන් සී.ආර්.ට එරෙහිව ලකුණු 21-17ක ජයක් වාර්තා කිරීමට නාවික හමුදාව සමත් විය.
පළමු භාගය අවසානයේ සී.ආර්. ලකුණු 14-12ක් ලෙස පෙරමුණේ පසුවුවද දෙවැනි භාගයේදී විශිෂ්ට ක්‍රීඩා විලාශයක නිරත වූ නාවික හමුදාව තරගය ජය ගත්තේය.
මෙම තරගාවලියේ පළඟ ශූරතාව ගුවන් හමුදාව ලකුණු 22-19කින් පරාජය කළ ‍පොලීසියටත්, බඳුන ශූරතාව යුද හමුදාව ලකුණු 26-12කින් පරාජය කළ හැව්ලොක්ස්ටත්, පළිහ ශූරතාව ගුවන් හමුදා ‘බි’ පිල ලකුණු 36-0කින් පරාජය කළ සී.ආර්. ‘බි’ පිලත් දිනා ගත්හ.

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන 2017 මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ පාසල් රග්බි තරගාවලිය මේ මස 9 වැනි දින සිට කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 
මෙවර පාසල් ලීග් ශූරයන් වන කොළඹ රාජකීය විදුහල් පිල ජනාධිපති කුසලාන තරගාවලියට සහභාගි නොවීමට තීරණය කර ඇති බැවින් තරගාවලිය කණ්ඩායම් 7ක් අතර පැවැත්වීමට සිදුවී තිබේ.
පසුගියදා පැවැති බ්‍රැඩ්බි පළිහ තරගාවලියේදී රාජකීය ක්‍රීඩකයන් කිහිපදෙනකුම ආබාධයන්ට ගොදුරුවීම හේතුවෙන් රාජකීය විදුහල් කණ්ඩායම මෙවර තරගාවලියට සහභාගි නොකිරීමට තීරණය කර ඇති බව රාජකීය විදුහල්පති බි.ඒ. අබේරත්න මහතා පෙරේදා (6දා) පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියේය.
කොළඹ වෙස්ලි - ශා. ජෝශප්, මහනුවර ත්‍රිත්ව - බම්බලපිටිය ශා. පීතර, ඉසිපතන - මහනුවර ශා. අන්තෝනි අතර අර්ධ අවසන් පූර්ව තරග මේ මස 9, 10 සහ  11 දිනයන්හිදී පැවැත්වෙන අතර, 12 වැනිදා පැවැත්වෙන තරගයට රාජකීය පිල සහභාගි නොවන බැවින් මහනුවර ධර්මරාජ විදුහලට  නිතරග ජයක් හිමිවී තිබේ.
තරගාවලියේ අවසන් පූර්ව තරග 17 සහ 18 දිනයන්හිදීද, අවසන් මහ තරගය 24වැනි දිනද සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මෙම තරගාවලියට සමගාමීව පැවැත්වෙන ප්‍රිමියර් කුසලාන සහ සභාපති කුසලාන තරගාවලියද ජුනි 9දා ආරම්භ කෙරේ. 
 
ජනාධිපති කුසලාන තරග සටහන
9දා - වෙස්ලි - ශා. ජෝශප්
10දා - ත්‍රිත්ව - ශා. පීතර
11දා - ඉසිපතන - ශා. අන්තෝනි
12දා - ධර්මරාජ - රාජකීය  (ධර්මරාජට නිතරග ජයක්)
17දා - පළමු අවසන් පූර්ව තරගය 
18දා - දෙවැනි අවසන් පූර්ව තරගය
24දා - අවසන් මහ තරගය
 
සුනිල් අභයවර්ධන

Page 1 of 3

IMAGE

ගෙදරටම පැමිණ ගබ්සා කරන පොළොන්නරුවේ හොර වෙද්දු

IMAGE 2017 Jul 31 09:04
පොළොන්නරුව වැනි ඈත ප‍්‍රදේශවල මේ වන විට රහසිගතව සිදුවන මෙම නීති විරෝධී ගබ්සා ජාලය ජනාකීර්ණ...
Views - 70

ඕපදූප කතා ගැන ගයාත්‍රි පළමු වරට කතා කරයි

IMAGE 2017 Jul 30 18:35
මොනවද ගයාත්‍රි මේ අන්තර්ජාලයේ පැතිර යන කට කතා   කාලයක් තිස්සේ දැනගෙන හිටපු කීප දෙනෙක් මට...
Views - 796

නයිජීරියානුවන්ගේ ගැටවලට හසුවී සල්ලන්වන ලංකාවේ ගෑනු

IMAGE 2017 Jul 30 17:49
“මට ඔයාව මිතුරියක් කරගන්න ආසයි...... ඔයාට තෑගි දෙන්න......... නිතර ඔයා සමග කතා කරන්නත් ආසයි. හැබැයි...
Views - 1165

ජලනන්දන පිරිතෙන් වතුර නටවන්න පුළුවන් කියන්නේ බොරු! (Video)

IMAGE 2017 Jul 30 14:06
ජලනන්දන පිරිත ලක්ෂවාරයක් ජප කිරීමෙන් වතුර නැටවිය හැකිය යන මතයෙහි කිසිදු සත්‍යතාවයක් නැති...
Views - 539

නියඟය උහුලනු බැරිව දළුකාන ආදීවාසීහු වන වදිති

IMAGE 2017 Jul 28 12:40
නගරවාසීන්ට සාපේක්ෂව ගම්වාසීහු සොබාදහම නියමයන් පිළිගනිති. ගම්වාසීන්ටත් වඩා සොබාදහමේ...
Views - 1060

සොයුරා දැරියක කෙළෙසූ වරදට දඩුවමක් ලෙස දූෂණය වූ යුවතියක්

IMAGE 2017 Jul 28 10:52
කාන්තාවන්ට එරෙහිව ලිංගික අතවර සිදුවන රටවල් අතර දකුණු ආසියානු කලාපයේ රටවලටද හිමිවන්නේ...
Views - 4227

Please publish modules in offcanvas position.