Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - lakbimaonline@gmail.com youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දින තුනක් පුරා පැවැති 47 වැනි ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ බාලක-බාලිකා සමස්ත ශූරතා දිනා ගැනීමට මරදාන ශා. ජෝසප් විදුහල (ලකුණු 62) සහ නාවල ජනාධිපති බාලිකාව (ලකුණු 62) සමත් විය.
ඉතිහාසයේ පළමු වරට නාවල ජනාධිපති බාලිකාව සමස්ත ශූරතාව දිනා ගැනීම කැපී පෙනෙන සිදුවීමක් විය.
මෙවර තරගාවලියේදී නව තරග වාර්තා 21ක් සහ වාර්තා සම කිරීම් 2ක්  සටහන් වූ අතර, තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස බලපිටිය සිද්ධාර්ථ මධ්‍ය මහා විදුහ‍ලේ හිරුෂ මෙන්ඩිස් අබේසේකරද, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස දික්වැල්ල විජිත මධ්‍ය මහා විදුහ‍ලේ සදිනි කවීෂාද සම්මාන ලැබූහ.
හිරුෂ මෙන්ඩිස් අබේසේකර අවු. 15න් පහළ දුර පැනීමේ ඉසව්වේදී දැක්වූ මීටර් 6.52ක දක්ෂතාවද,  සදිනි කවීෂා එම වයස් කාණ්ඩයේම දුර පැනීමේ ඉසව්වේදී දැක්වූ මීටර් 5.47ක දක්ෂතාවද පදනම් කරගනිමින් දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකා සම්මාන දිනා ගත්හ.
සිලෝන් බිස්කට්ස් සමාගමේ රිට්ස්බරි පූර්ණ අනුග්‍රාහකත්වය යටතේ ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය මෙම තරගාවලිය සංවිධානය කරන ලදී.
 
බාලක සමස්ත ශූරතාව - මරදාන ශා. ජෝසප් (ලකුණු 62)
අනුශූරතාව - මාතර රාහුල විදුහල (ලකුණු 48)
තෙවැනි ස්ථානය - මීගමුව මාරිස්ටෙලා (ලකුණු 47)
බාලිකා සමස්ත ශූරතාව - නාවල ජනාධිපති බාලිකාව (ලකුණු 62)
අනුශූරතාව - රත්නපුර සුමන බාලිකාව (ලකුණු 47)
තෙවැනි ස්ථානය - මීගමුව ආවේ මරියා කන්‍යාරාමය (ලකුණු 42)
බාලක සහය දිවීමේ ශූරතාව - මීගමුව මාරිස්ටෙලා, අනුශූරතාව - කොටහේන ශා. බෙනඩික්ට්
බාලිකා සහය දිවීමේ ශූරතාව - හලාවත කාර්මෙල් බාලිකාව, අනුශූරතාව - කොළඹ ශා. බ්‍රිජට් කන්‍යාරාමය
අවු. 12න් පහළ බාලක ශූරතාව - කොළඹ රාජකීය, අනුශූරතාව - කොළඹ ඩී.එස්. සේනානායක
අවු. 12න් පහළ බාලිකා ශූරතාව - මීගමුව ආවේ මරියා කන්‍යාරාමය, අනුශූරතාව - කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහල
අවු. 13න් පහළ බාලක ශූරතාව - වාරිය‍පොල ශ්‍රී ඥානෝදය විදුහල, අනුශූරතාව -  මාපුටුගල මහ විදුහල
අවු. 13න් පහළ බාලිකා ශූරතාව - නාවල ජනාධිපති බාලිකාව, අනුශූරතාව - දික්වැල්ල විජිත විදුහල
අවු. 14න් පහළ බාලක ශූරතාව - කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විදුහල, අනුශූරතාව - කොළඹ ශා. ජෝසප් විදුහල
අවු. 14න් පහළ බාලිකා ශූරතාව - කොළඹ ආනන්ද බාලිකා විදුහල, අනුශූරතාව - කෑගල්ල ශා. ජෝසප් බාලිකා විදුහල
අවු. 15න් පහළ බාලක ශූරතාව - මීගමුව මාරිස්ටෙලා විදුහල, අනුශූරතාව - පේදුරුතුඩුව හාර්ට්ලි විදුහල
අවු. 15න් පහළ බාලිකා ශූරතාව - රත්නපුර සුමනා බාලිකා විදුහල, අනුශූරතාව - නාවල ජනාධිපති බාලිකා විදුහල.
 
ප්‍රභාත් විදානපතිරණ

ඉන්දියාව සහ නවසීලන්තය අතර තරග 3කින් සමන්විත 20-20 ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයෙන් ලකුණු 6ක ජයක් වාර්තා කළ ඉන්දියාව තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට සමත් විය.
වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් පන්දුවාර 8කට සීමා වූ මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව කඩුලු 5ට ලකුණු 67ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තයට පන්දුවාර 8දී කඩුලු 6ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 61ක් පමණි.
තරගාවලිය පුරා පන්දුවෙන් විශිෂ්ට දස්කම් දැක්වූ ජස්ප්‍රිට් බුම්රා මෙම තරගයේදීද පන්දුවාර 2කදී ලකුණු 9ට කඩුලු 2ක් බිඳ හෙළමින් තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේය.
 
ලකුණු තත්ත්වය :-
ඉන්දියාව පන්දුවාර 8දී - 67/5යි
කෝලි 13, මනිෂ් පාන්ඩේ 17, හර්දික් පාන්ඩ්යා (නොදැවී) 14, 
ටිම් සවුති 13/2, ඉෂ් සෝඩි 23/2
නවසීලන්තය පන්දුවාර 8දී - 61/6යි
ග්ලෙන් පිලිප්ස් 11, ග්‍රෑන්ඩ්හෝම් (නොදැවී) 17, බුම්රා 9/2, බුවනේෂ්වර් 18/1, කුල්දීප් යදාව් 10/1

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග 3කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් පිල අද (8දා) ඉන්දියාව බලා පිටත්ව යයි.
අවසන් වරට පාකිස්තානයට එරෙහිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැති ටෙස්ට් තරගාවලිය 2-0කින් ජයගත් ශ්‍රී ලංකාව පසුගිය තරගාවලියේදී ඉන්දියාව හමුවේ අත්වූ දරුණු පරාජයට පිළිතුරක් ලබා දීමේ අරමුණෙන් තරගාවලියට සහභාගි වෙයි.
එම තරගාවලියේදී ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාවේදීම ඉන්දියාවට තරග 3-0කින් පරාජයට පත්විය.
මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා පිලට නවක ක්‍රීඩකයන් කිහිපදෙනකු එක්කර තිබිම කැපී පෙනෙන අතර ආබාධවලට ලක්වූ ක්‍රීඩකයන් අතුරින් මැතිව්ස් සුවය ලබා කණ්ඩායමට එක්වී සිටින නමුත් කුසල් ජනිත් සහ අසේල ගුණරත්න නොමැති වීම පාඩුවක් වී තිබේ.
එහෙත් අසේල ගුණරත්න තරගාවලිය අතරතුරදී කණ්ඩායමට එක්වීමට ඉඩකඩක් පවතින බවට වාර්තා පළවන අතර, කුසල් ජනිත් එක්දින සහ 20-20 තරගාවලියට ක්‍රීඩා කරනු ඇතැයි පැවැසේ.
මෙවර තරගාවලියේදී දිමුත් සමග ඉනිම ඇරැඹීමට ධනංජය ද සිල්වා කණ්ඩායමට නම්කර ඇති අතර, කුසල් මෙන්ඩිස්ගේ ස්ථානයට සධීර සමරවික්‍රම නම්කර තිබේ.
පන්දු යවන්නන් අතරින් අත්දැකීම් පිරි නුවන් ප්‍රදීප් මෙවර තරගාවලියට ක්‍රීඩා නොකරන අතර, එම ස්ථානයට විශ්ව ප්‍රනාන්දු නම්කර තිබේ. අතිරේක පිතිකරුවකු ලෙස රොෂේන් සිල්වාට අවස්ථාවක් හිමිවී ඇති අතර, තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙස දසුන් ශානකද සංචාරයට එක්වෙයි.
වසර 3ක කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පි‍ලේ පිතිකරණ පුහුණුකරු ලෙස පත් වූ තිලාන් සමරවීර ශ්‍රී ලංකා පිල සමග සහභාගි වන පළමු සංචාරයද මෙය වෙයි.
ශ්‍රී ලංකා පිල ලබන 11 සහ 12දා කල්කටාහිදී දෙදින පුහුණු තරගයකට සහභාගි වීමට නියමිතව ඇති අතර, පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය 16දා සිට 20දා දක්වා කල්කටාහි ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 
දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය 24දා නාග්පූර්හිදී ආරම්භ වන අතර, තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය දෙසැම්බර් 2දා දිල්ලියේදී ආරම්භ වෙයි.
 
ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය
දිනේෂ් චන්දිමාල් (නායක), දිමුත් කරුණාරත්න, ධනංජය ද සිල්වා, සධීර සමරවික්‍රම, ඇන්ජලෝ මැතිව්ස්, ලහිරු තිරිමාන්න, රංගන හේරත්, සුරංග ලක්මාල්, දිල්රුවන් පෙරේරා, ලහිරු ගමගේ, ලක්ෂාන් සඳකැන්, විශ්ව ප්‍රනාන්දු, දසුන් ශානක, නිරෝෂන් දික්වැල්ල, රොෂේන් සිල්වා
 
මංගල ධර්මප්‍රේම 

“මලයාසියාවේ පැවැත්වෙන ආසියානු කුසලාන යොවුන් ක්‍රිකට් ශූරතාව දිනා ගැනීමට තම කණ්ඩායම හොඳ සූදානමකින් පසුවන බවත්, පසුගිය වසරේදී දිනා ගත නොහැකි වූ කුසලාන මෙවර දිනා ගන්නා බවත්” ශ්‍රී ලංකා අවු. 19න් පහළ ක්‍රිකට් පි‍ලේ නායක කමිඳු මෙන්ඩිස් ඊයේ (5දා) පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය.
ලබන 10දා මලයාසියාවේදී ආරම්භ කෙරෙන සිව්වැනි ආසියානු කුසලාන යොවුන් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් පි‍ලේ නිල ඡායාරූපය ගැනීමේ අවස්ථාවේ පැවැති මාධ්‍ය හමුවේදී කමිඳු මෙන්ඩිස් මෙසේ පැවැසීය.
“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කණ්ඩායම වෙනුවෙන් මාස 3කට වැඩි කාලයක් පුහුණු සැලසුම් සකස් කර තිබුණා. 2016 වසරේ අපේ රටේ පැවැති තරගාවලියේ අවසන් තරගයේදී ඉන්දියාව හමුවේ පරාජයට පත්ව අපි අනුශූරයන් බවට පත්වුණා. එහෙත් අපිට විශ්වාසයක් තිබෙනවා මෙවර ශූරයන් වෙන්න පුළුවන් කියලා” යැයි කමිඳු පවසයි.
කණ්ඩායමේ 15 දෙනාම දක්ෂ ක්‍රීඩකයන් බවත්,  සියලු දෙනාම හොඳ සූදානමකින් පසුවෙන බවත් පවසන කමිඳු මෙන්ඩිස් මලයාසියානු දේශගුණය ශ්‍රී ලංකාවේ දේශගුණයට සමාන බැවින් එය තමන්ට වාසියක් බවද පවසයි.
මෙවර තරගාවලියේදී ඉන්දියාව, පාකිස්තානය, බංගලිදේශය සහ ඇෆ්ගනිස්තානය හොඳ සටනක් ලබාදෙනු ඇතැයි තමන් බලා‍පොරොත්තු වන බව කමිඳු මෙන්ඩිස් වැඩිදුරටත් පැවැසීය.
“ලබන ජනවාරි මාසයේ නවසීලන්තයේ පැවැත්වෙන යොවුන් ලෝක කුසලාන තරගාවලිය සඳහා පෙර සූදානමක් ලෙස මෙම තරගාවලිය හඳුන්වාදෙන බවත්, එබැවින් මෙම තරගාවලිය ජයග්‍රාහීව අවසන් කිරීමට කණ්ඩායම වගබලාගත යුතු බව ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුමතිපාල මහතා, දක්ෂ ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත මෙම කණ්ඩායමට එම ඉලක්කය ජය ගැනීමට අපහසු නොවනු ඇතැයිද පවසයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට අවශ්‍ය සියලුම පහසුකම් ලබාදුන් බව පැවැසූ සුමතිපාල මහතා ක්‍රීඩකයන් සියලු දෙනා රට වෙනුවෙන් ක්‍රීඩා කළ යුතු බව වැඩිදුරටත් පැවැසීය.
මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා අවු. 19න් පහළ පි‍ලේ පුහුණුකරු රෝයි ඩයස් මහතා පවසා සිටියේ ජාත්‍යන්තර තරග අත්දැකීම් නොමැති නවක ක්‍රීඩකයන් 7 දෙනෙක් කණ්ඩායමට එක්වී සිටියත් ඔවුන් ඉතා දක්ෂ ක්‍රීඩකයන් බවයි.
හොඳ සංචිතයක් මාස තුනක පමණ කාලයක් පවත්වාගෙන ගියද අවසන් දින කිහිපයේදී වර්ෂාව හේතුවෙන් සැලසුම් කළ පුහුණු තරග පවත්වන්නට නොහැකි වූ බව රෝයි ඩයස් මහතා වැඩිදුරටත් පැවැසීය.
 
ශ්‍රී ලංකා අවු. 19න් පහළ සංචිතය
කමිඳු මෙන්ඩිස් (නායක - රිච්මන්ඩ්), ජෙහාන් ඩැනියෙල් (උප නායක-ශා. ජෝෂප්), අශේන් බණ්ඩාර (ශා. ඇලෝසියස්), හසිත බෝයගොඩ (ත්‍රිත්ව), ක්‍රිෂාන් සංජුල (මැසිනෝද්), තිසරු රශ්මික (ත්‍රිත්ව), ප්‍රවීන් ජයවික්‍රම (ශා. සෙබස්තියන්), නිපුන් ධනංජය (ජෝශප් වාස්), ධනංජය ලක්ෂාන් (රිච්මන්ඩ්), කළණ පෙරේරා (ශා. තෝමස්), කේ. කේ. කෙවින් (මහින්ද), රන්දීර රණසිංහ (ශා. ආනා), නිශාන් මධුෂ්ක (මොරටු විද්‍යාලය), නුවනිඳු ප්‍රනාන්දු (ශා. සෙබස්තියන්), තිලාන් ප්‍රශාන් (ශා. සර්වේෂස්) 
 
පමෝද් ලසන්ත

ඉන්දියාව සහ නවසීලන්තය අතර තරග 3කින් සමන්විත 20-20 ක්‍රිකට් තරගාවලියේ රාජ්කොට්හිදී පැවැති දෙවැනි තරගයෙන් ලකුණු 40ක ජයක් වාර්තා කළ නවසීලන්තය තරගාවලිය 1-1ක් ලෙස සම කිරීමට සමත් විය.
නවසීලන්ත ජයග්‍රහණය වෙනුවෙන් පන්දු 58කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 7ක් සමගින් නොදැවී වේගවත් ලකුණු 109ක් රැස් කළ කොලින් මුන්රෝ තරගයේ වීරයා බවට පත්විය.
 
ලකුණු තත්ත්වය :- 
නවසීලන්තය පන්දුවාර 20දී - 196/2යි
ගප්ටිල් 45, මුන්රෝ (නොදැවී) 109, ටොම් බෘෘස් (නොදැවී) 18
ඉන්දියාව පන්දුවාර 20දී - 156/7යි
අයියර් 23, කෝලි 65, දෝනි 49, බෝල්ට් 34/4

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ඩයලොග් ආසියාටා එක්ව සංවිධානය කළ 2017 ඩයලොග් ක්‍රිකට් සම්මාන රාත්‍රියේදී වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සුපිරි දඟ පන්දු යවන්නා වන රංගන හේරත් සම්මාන ලැබිය.
මෙහිදී තවත් සම්මානයක් දිනාගත් රංගන වසරේ ටෙස්ට් පන්දු යවන්නා බවටද පත්විය.
මෙම සම්මාන උළෙ‍ලේදී නවක ක්‍රීඩක අසේල ගුණරත්න සම්මාන 4ක් දිනා ගැනීම කැපී පෙනෙන සිදුවීමක් විය.
වසරේ ටෙස්ට් පිතිකරු ලෙස ධනංජය ද සිල්වා සම්මාන දිනා ගනිද්දී ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස දිල්රුවන් පෙරේරා සම්මාන ලැබිය.
වසරේ එක්දින පිතිකරුවා ලෙස කුසල් මෙන්ඩිස් සම්මාන දිනාගත් අතර, එක්දින පන්දු යවන්නා ලෙස සුරංග ලක්මාල්ද, එක්දින තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස අසේල ගුණරත්නද සම්මාන දිනා ගත්තේය.
20-20 තරගවලදී දැක්වූ දක්ෂතා මත දක්ෂතම පිතිකරු හා තුන් ඉරියව් ක්‍රීඩකයාට හිමි සම්මාන අසේල ගුණරත්නට හිමිවූ අතර, හොඳම පන්දු යවන්නා ලෙස ලසිත් මාලිංග සම්මාන ලැබිය.
මේ අතර වසරේ විශ්වාසවන්තම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස අසේල ගුණරත්න සිය සිව්වැනි සම්මානය දිනා ගනිද්දී වසරේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස නිරෝෂන් දික්වැල්ල සම්මාන දිනා ගත්තේය.
වසරේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස චමරි අතපත්තු සම්මාන දිනාගත් අතර, වසරේ එක්දින සහ 20-20 හොඳම පිතිකාරිනිය ලෙසද චමරි අතපත්තු සම්මාන දිනාගනු ලැබුවාය.
එක්දින පන්දු යවන්නිය ලෙස ඉනෝකා රණවීරද, 20-20 පන්දු යවන්නිය ලෙස සුගන්ධිකා කුමාරිද සම්මාන ලැබුවාය.
වසරේ විශිෂ්ටතම ජාත්‍යන්තර විනිසුරුවරයා  ලෙස කුමාර ධර්මසේන සම්මාන දිනාගත් අතර, වසරේ විශිෂ්ටතම ක්‍රිකට් මාධ්‍යවේදියා ලෙස චම්පික ප්‍රනාන්දු සම්මාන දිනා ගත්තේය. 
මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට කළ මෙහෙවර වෙනුවෙන් ජීවිතයට එක් වරක් පමණක් පිරිනැමෙන විශේෂ සම්මානය නීල් පෙරේරා මහතාට හිමි විය.
මෙම සම්මාන උළෙ‍ලේ විශේෂ ආරාධිතයා ලෙස හිටපු ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් නායකයකු වන කපිල් දේව් මහතා සහභාගි විය.
 







මංගල ධර්මප්‍රේම 
ඡායාරූප - මලිත් ගමගේ 

Page 1 of 20

IMAGE

ලිංගික උත්තේජන පෙති අකල්මරණවලට හේතුවක් ද?

IMAGE 2017 Nov 14 10:46
පුරුෂ ලිංගික උද්දීපනය සඳහා ගනු ලබන පෙති වර්ග වලින් අකල් මරණ සිදුවන බවට සමාජය පුරා පොදු...
Views - 577

වික්ටර්ට අපහාස වෙන බව දන්නවා නම් මම හොඳ කෙළියක් කරනවා

IMAGE 2017 Nov 13 13:02
සිනමාවේ හැමදාමත් දුෂ්ටකම් කරන විල්සන් කරූ පසුගිය දවස්වල ඉරාජ්ගේ මියුසික් වීඩියෝ එකක රඟපාලා...
Views - 3122

මේ මුතුකුඩ මැණිකේ නොගැළපෙන චරිත බාර ගන්නේ නැහැ

IMAGE 2017 Nov 13 12:35
අපි ඔබට මුතුකුඩ මැණිකේ කියන්නද? එහෙම නැත්නම් තිළිණි පෙරේරා කියන්නද? කැමැති නමක් කියන්න. මොකද...
Views - 1532

අයවැයෙන් වාහන මිල හරියටම අඩු වැඩි වෙන හැටි

IMAGE 2017 Nov 13 08:30
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගියදා (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2018 වසර සඳහා වන අයවැය...
Views - 2758

හොඳම නිළි සම්මානය ගන්න අධ්‍යක්ෂවරයා තනිවම ගිහින්

IMAGE 2017 Nov 12 19:05
ලාංකේය සිනමා නිළියක් පහුගියදා අන්තර්ජාතික සම්මාන උළෙලකදී හොඳම නිළියට හිමි සම්මානයෙන්...
Views - 3258

නීටා වේදිකාවට

IMAGE 2017 Nov 12 14:13
පසුගියදා පැවැති සුමති සම්මාන උළෙ‍ලේදී ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන යූ.ඩබ්.සුමතිපාල අනුස්මරණ...
Views - 2014

Please publish modules in offcanvas position.