lakbima.lk
2017-07-20 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.151.6800 , විකුණුම් මිල රු.155.4800 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.196.8000 , විකුණුම් මිල රු.203.4600 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.173.6700, විකුණුම් මිල රු.180.2000 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.157.7400 , විකුණුම් මිල රු.164.0300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.119.6100 , විකුණුම් මිල රු.124.3000 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.119.5300 , විකුණුම් මිල රු.124.8000 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.110.3500 , විකුණුම් මිල රු.114.3700 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3485, විකුණුම් මිල රු.1.3993 |

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (27දා) ඉන්දියාව මුල් ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 600 ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව දිනය අවසන් වන විට කඩුලු 5 ට ලකුණු 154 ක් ලබා අසීරු තත්ත්වයකට පත්ව සිටියේය.
මේ අනුව ශ්‍රී ලංකාව මුල් ඉනිමේ කඩුලු 5 ක් අතැතිව ලකුණු 446 ක් පසුපසින් සිටියි.
හුදෙකලා සටනක නිරත වෙමින් පන්දු 92 කදී හතරේ පහර 8 ක් සහ හයේ පහරක් සහිතව නොදැවී ලකුණු 54 ක් ලබා සිටින ඇන්ජලෝ මැතිව්ස්ගේ කරමතට ශ්‍රී ලංකාවේ සියලු වගකීම් පැවැරී තිබේ.
ශ්‍රී ලංකා පෙර පෙළ පිතිකරුවන් ඉන්දීය වේග පන්දු යවන්නන් හමුවේ දුර්වල වූ අතර ඉනිම ගොඩ නංවමින් සිටි මැතිව්ස්-තරංග සම්බන්ධතාවය තරංග දුවද්දී දැවී යාමකට හසුවීමත් සමගම බිඳ වැටීමෙන් ශ්‍රී ලංකාව අසීරු තත්ත්වයකට පත්විය.
දිමුත් කරුණාරත්න ලකුණු 2 කට දවා ගැනීමට යදාව් සමත්වූ අතර එකම පන්දු වාරයකදී ධනුෂ්ක ගුණතිලක (16) සහ කුසල් මෙන්ඩිස් (00) පිටියෙන් ඉවත් කිරීමට ෂමී සමත් වීමෙන් කඩුලු 3 ක් ලකුණු 66 ක් තුළ බිඳ වැටුණි.
තරංග සහ මැතිව්ස් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 57 ක සම්බන්ධතාවක් තැබිමෙන් පසු පන්දු 93 කදී හතරේ පහර 10 ක් සහිතව ලකුණු 64 ක් ලබා සිටි තරංග දුවද්දී දැවී යාමකට හසුවීමෙන් සිව්වැනි කඩුල්ල ලකුණු 125 දී බිඳ වැටුණි.
නිරෝෂන් දික්වැල්ල ලකුණු 8 කට දවා ගැනීමට ඇෂ්වින් සමත් වීමෙන් 5 වැනි කඩුල්ල ලකුණු 145 දී බිඳ වැටුණි.
දිනය අවසන් වන විට මැතිව්ස් නොදැවී ලකුණු 54 ක්ද, දිල්රුවන් නොදැවී ලකුණු 6 ක්ද ලබා සිටියේය.
ඊයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් සාර්ථක ප්‍රතිඵල නෙළාගත් වේග පන්දු යවන නුවන් ප්‍රදීප් සිය ටෙස්ට් දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කරමින් ලකුණු 132 ට කඩුලු 6 ක් බිඳ දැමීමට සමත්විය.
නුවන් ප්‍රදීප් ඉනිමකදී කඩුලු 5 ක් බිඳ දැමූ පළමු අවස්ථාව මෙය වන අතර ලහිරු කුමාර කඩුලු 3 ක් ලබා ගත්තේය. ශ්‍රී ලංකාවේ අංක 1 පන්දු යවන්නා වන රංගන හේරත්ට මෙම ඉනිමේදී ලබාගත හැකිවූයේ එක් කඩුල්ලක් පමණි.
ඊයේ පෙරවරුවේ පන්දු 264 කදී හතරේ පහර 13 ක් සහිතව ලකුණු 153 ක් ලැබූ පුජාරා පිටියෙන් ඉවත් කිරීමට ප්‍රදීප් සමත්වූ අතර ලකුණු 57 ක් ලැබූ රහානේ දවා ගැනීමට ලහිරු කුමාර සමත් විය.
ඇෂ්වින් සහ සහා අතර ලකුණු 59 ක සම්බන්ධතාවය බිඳ දමමින් සහා ලකුණු 16 කට දවා ගනිමින් සිය පළමු කඩුල්ල ලබා ගැනීමට රංගන සමත්විය.
අෂ්වින් ලකුණු 47 කට දවාගත් ප්‍රදීප් සිය 6 වෙනි කඩුල්ල ලෙස ජඩේජා ලකුණු 15 කට පිටියෙන් ඉවත් කළේය.
හාර්දික් පාන්ඩ්යා සහ මෙහොමඩ් ෂමී එක්ව 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 64 ක සම්බන්ධතාවක් තැබූ අතර ෂමී ලකුණු 30 කට පිටියෙන් ඉවත් කිරීමට ලහිරු කුමාර සමත් විය.
ලකුණු 4 ක් ලබා සිටියදී දිමුත් කරුණාරත්න අත්හැරි පහසු උඩ පන්දුවෙන් උපරිම ප්‍රයෝජනය ගත් පාන්ඩ්යා සිය පළමු ටෙස්ට් අර්ධ ශතකය ලබා අවසානයේ ලකුණු 50 කට ලහිරු කුමාරට ගොදුරුවන විට මුළු ලකුණු සංඛ්‍යාව 600 ක් විය.
අද තරගයේ තෙවැනි දිනයයි.

ලකුණු පුවරුව

ඉන්දියාව මුල් ඉනිම

ෂිකර් ධවාන් ඇ. මැතිව්ස් ප. ප්‍රදීප් 190
අබිනව් මුකුන්ඩ් ඇ. දික්වැල්ල ප. ප්‍රදීප් 12
චෙටස්වර් පුජාරා ඇ. දික්වැල්ල ප. ප්‍රදීප්153
විරාත් කෝලි ඇ. දික්වැල්ල ප. ප්‍රදීප් 3
අජින්කයා රහානේ ඇ. කරුණාරත්න ප. කුමාර57
රවිචන්ද්‍රන් ඇෂ්වින් ඇ. දික්වැල්ල ප. ප්‍රදීප්47
විදිමන් සහා ඇ. පෙරේරා ප. හේරත්16
හර්දික් පාන්ඩ්යා ඇ. (ද සිල්වා) ප. කුමාර50
රවින්ද්‍ර ජඩේජා ප. ප්‍රදීප් 15
මොහොමඩ් ෂමී ඇ. තරංග ප. කුමාර30
උමේෂ් යදාව් (නොදැවී)11

අතිරේක 16
මුළු ලකුණු (පන්දුවාර 133.1 කදී සියලු දෙනා දැවී)600

කඩුලු බිඳ වැටීම :- 1-27, 2-280, 3-286, 4-423, 5-432, 6-491, 7-495, 8-517, 9-579, 10-600
පන්දු යැවීම :- නුවන් ප්‍රදීප් 31-2-132-6, ලහිරු කුමාර 25.1-3-131-3, දිල්රුවන් පෙරේරා 30-1-130-0, රංගන හේරත් 40-6-159-1, ධනුෂ්ක ගුණතිලක 7-0-41-0

ශ්‍රී ලංකාව මුල් ඉනිම

දිමුත් කරුණාරත්න ක.මු.ක. ප. යදාව්2
උපුල් තරංග දු.දැ.ගි. (මුකුන්ඩ්/සහා)64
ධනුෂ්ක ගුණතිලක ඇ. ධවාන් ප. ෂමී16
කුසල් මෙන්ඩිස් ඇ. ධවාන් ප. ෂමී 0
ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී)54
නිරෝෂන් දික්වැල්ල ඇ. මුකුන්ඩ් ප. ඇෂ්වින්8
දිල්රුවන් පෙරේරා (නොදැවී)6
අතිරේක 4
මුළු ලකුණු (පන්දුවාර 44 කදී කඩුලු 5ක් දැවී)154
කඩුලු බිඳ වැටීම :- 1-7, 2-68, 3-68, 4-125, 5-143
පන්දු යැවීම :- මොහොමඩ් ෂමී 9-2-30-2, උමේෂ් යදාව් 8-1-50-1, රවිචන්ද්‍රන් ඇෂ්වින් 18-2-49-1, රවින්ද්‍ර ජඩේජා 9-1-22-0

මංගල ධර්මප්‍රේම ගාල්ලේ සිට

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

ගෙදරටම පැමිණ ගබ්සා කරන පොළොන්නරුවේ හොර වෙද්දු

IMAGE 2017 Jul 31 09:04
පොළොන්නරුව වැනි ඈත ප‍්‍රදේශවල මේ වන විට රහසිගතව සිදුවන මෙම නීති විරෝධී ගබ්සා ජාලය ජනාකීර්ණ...
Views - 70

ඕපදූප කතා ගැන ගයාත්‍රි පළමු වරට කතා කරයි

IMAGE 2017 Jul 30 18:35
මොනවද ගයාත්‍රි මේ අන්තර්ජාලයේ පැතිර යන කට කතා   කාලයක් තිස්සේ දැනගෙන හිටපු කීප දෙනෙක් මට...
Views - 796

නයිජීරියානුවන්ගේ ගැටවලට හසුවී සල්ලන්වන ලංකාවේ ගෑනු

IMAGE 2017 Jul 30 17:49
“මට ඔයාව මිතුරියක් කරගන්න ආසයි...... ඔයාට තෑගි දෙන්න......... නිතර ඔයා සමග කතා කරන්නත් ආසයි. හැබැයි...
Views - 1165

ජලනන්දන පිරිතෙන් වතුර නටවන්න පුළුවන් කියන්නේ බොරු! (Video)

IMAGE 2017 Jul 30 14:06
ජලනන්දන පිරිත ලක්ෂවාරයක් ජප කිරීමෙන් වතුර නැටවිය හැකිය යන මතයෙහි කිසිදු සත්‍යතාවයක් නැති...
Views - 539

නියඟය උහුලනු බැරිව දළුකාන ආදීවාසීහු වන වදිති

IMAGE 2017 Jul 28 12:40
නගරවාසීන්ට සාපේක්ෂව ගම්වාසීහු සොබාදහම නියමයන් පිළිගනිති. ගම්වාසීන්ටත් වඩා සොබාදහමේ...
Views - 1060

සොයුරා දැරියක කෙළෙසූ වරදට දඩුවමක් ලෙස දූෂණය වූ යුවතියක්

IMAGE 2017 Jul 28 10:52
කාන්තාවන්ට එරෙහිව ලිංගික අතවර සිදුවන රටවල් අතර දකුණු ආසියානු කලාපයේ රටවලටද හිමිවන්නේ...
Views - 4227

Please publish modules in offcanvas position.