lakbima.lk
2017-07-20 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.151.6800 , විකුණුම් මිල රු.155.4800 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.196.8000 , විකුණුම් මිල රු.203.4600 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.173.6700, විකුණුම් මිල රු.180.2000 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.157.7400 , විකුණුම් මිල රු.164.0300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.119.6100 , විකුණුම් මිල රු.124.3000 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.119.5300 , විකුණුම් මිල රු.124.8000 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.110.3500 , විකුණුම් මිල රු.114.3700 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3485, විකුණුම් මිල රු.1.3993 |

දිවයින පුරා දිස්ත්‍රික්ක දාහතක් පුරා මේ වන විට නියඟයෙන් දැඩි බලපෑම් එල්ල වෙමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ඒ අනුව මේ වන විට දිස්ත්‍රික්ක 17ක පවුල් තුන්ලක්ෂ දහහතර දහස් හතළිස් නවයකට අයත් පුද්ගලයන් දසලක්ෂ අනූතුන් දහස් හත්සිය දහහත කර පීඩාවට පත්වී සිටිති. 
මින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ, කුරුණෑගල දිස්ත්‍රික්කයට වන අතර, එහි පවුල් 45730ට අයත් 149962 දෙනෙක් පීඩාවට පත්ව සිටිති. ඊට අමතරව ත්‍රිකුණාමලය 105847ත්, මඩකලපුව 65341ත්,  අම්පාර 40548, ‍පොළොන්නරුව 23919, අනුරාධපුරය 55683, පුත්තලම 131051, කිලිනොච්චි 83378, මුලතිව් 115308, යාපනයේ 124206, මන්නාරම 54152, රත්නපුර 812කි. බදුල්ල 29868, මාත‍ලේ 20341 සහ මහනුවර 300 දෙනෙක් මෙමගින් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
පානීය ජලය අවශ්‍ය සෑම ප්‍රදේශයකටම කඩිනමින් ජලය ලබාදීමට කටයුතු කරමින් සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවැසීය. ඒ වෙනුවෙන් රජය මේ වන විට වැයකර ඇති මුළු මුදල රුපියල් මිලියන 40කි. 
 
ගයාත්‍රි ගීගනආරච්චි

දිස්ත්‍රික්ක කිහිපයකට බලපා ඇති වියළි කාලගුණය හේතුවෙන් පීඩාවට පත් ජනතාව සඳහා වියළි ආහාර සලාකයක් ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.
ඒ අනුව මෙම වියළි ආහාර සලාකය එම ජනතාවට කඩිනමින් ලබාදීමට මේ වනවිට අදාළ අංශවලට උපදෙස් දී ඇත.
තවද වියළි කාලගුණය පවතින ප්‍රදේශවල ජනතාවගේ පානීය ජල අවශ්‍යතා ඇතුළු අනෙකුත් ජල අවශ්‍යතා සපුරාලීමටත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන කඩිනමින් ලබාදීමටත් ජනාධිපතිවරයා අදාළ බලධාරීන් වෙත උපදෙස් දී තිබේ.
 
පානුක රාජපක්ෂ

නෙවිල් ප්‍රනාන්දු රෝහ‍ලේ අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන් පිළිබඳව විනය පරීක්ෂණයක් පැවැත්වීමට එම සංගමය තීරණය කර ඇත.
රජයේ මුදල් අපහරණය කරන ආයතනයක් නියෝජනය කරමින් එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ තනතුරු හෙබවීම සංගමයේ නීති රීතිවලට පටහැනි බව එහි උප ‍ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සඳහන් කරයි.
මෙවැනි සාමාජිකයන් පිළිබඳව මධ්‍යම කාරක සභාවේදී සාකච්ඡා කර දැඩි තීරණයන්ට එළඹීමේ හැකියාවන් පවතින බවද හෙතෙම පැවැසීය.
නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගන්නා ලෙස දිගින් දිගටම රජයට බලපෑම් එල්ල වුවද අවසාන වශයෙන් සිදුවූයේ සමස්ත මහජනතාව රවටා බදු ගිවිසුමක් යටතේ එය රජයට පවරා ගැනීමක් පමණක් බවද සංගමය පෙන්වා දේ.
 
ශ්‍රියානි විජේසිංහ

ඓතිහාසික වටිනාකමකින් යුතු මඩකලපුව ඕලන්ද කොටුව සංරක්ෂණය කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මඩකලපුවේදී, ඉකුත් සිකුරාදා (28) පුරාවිද්‍යා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
මඩකලපුව දිස්ත්‍රික් රාජ්‍ය නිලධාරී හමුවකින් පසුව අගමැතිවරයා මඩකලපුව කොටුවට ගොස් එහි ඓතිහාසික වටිනාකමක් සහිත ඉපැරණි ගොඩනැගිලි නිරීක්ෂණය කර ඇති අතර ඉන් අනතුරුව මෙම උපදෙස් දී ඇත.
නැගෙනහිර සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ කාර්යයේ දී මෙවැනි පුරාවිද්‍යා ස්මාරක සංරක්ෂණය කිරීම පිළිබඳවද විශේෂ අවධානයක් යොමු කළ යුතු යැයි ඒ මහතා මෙහිදී පෙන්වා දී ඇත.
එබැවින් ඉදිරි සංරක්ෂණ කටයුතු පිළිබඳව සොයා බලන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාට උපදෙස් දී තිබේ.
 
ලසන්ත වීරකුලසූරිය/ ගයාත්‍රි ගීගනආරච්චි

ආයෝජන මණ්ඩලයේ ක්‍රියාකාරකම් තුළින් සිදුවන්නේ ආර්ථික සංවර්ධනය වීම නොව ආපස්සට යාමක් බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටී.
ශ්‍රී ලංකා වානිජ මණ්ඩලය විසින් පසුගියදා සංවිධානය කළ ශ්‍රී ලංකා ආර්ථික සමුළුව 2017 හා එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
ආර්ථික සංවර්ධනයට බාධාවක් වී ඇති ආයෝජන මණ්ඩලය වසා දැමිය යුතු බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ මෙහිදී අවධාරණය කළේය.
අපගේ ෙනෙතික තත්ත්වය හොඳ මට්ටමක තිබෙනවා. නමුත් ඒවා ක්‍රියාවට නැංවීමේදී තමයි ගැටලු පවතින්නේ. ලංකා ආයෝජන මණ්ඩලය ස්ථාපිත කළේ අපගේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා සහාය වීමට නමුත් දැන් සිදුවන්නේ එහි අනෙක් පැත්ත. යැයිද ඒ මහතා පැවැසීය.
නීත්‍යනුකූල ලෙස තම ව්‍යාපාර කරගෙන යාමට සූදානම් බොහෝ අපගේ ව්‍යාපාරිකයන්ට ආයෝජන මණ්ඩලයෙන් නිරන්තරයෙන් බාධා එල්ල වෙනවා. මෙය ලංකාවේ ආර්ථික සංවර්ධනයට බාධාවක්. එය වසා දමන්න යෝජනා කරනවා. යනුවෙන්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් මෙහිදී පැවැසීය.
 
පැතුම් වික්‍රමරත්න
 

සතියකට 9000ක් ලෙස වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 7000 දක්වා අඩු වී ඇතැයි ඩෙංගු මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ප්‍රසිලා සමරවීර මහත්මිය සඳහන් කරයි.
මදුරුවන් බෝවන පරිසරයන් විනාශ කිරීමට රට පුරා ආරම්භ කළ පවිත්‍රතා වැඩසටහන් හේතුවෙන් මෙසේ රෝගීන් සංඛ්‍යාවේ අඩුවක් දක්නට ලැබුණත් පවිත්‍රතා කටයුතු නතර කළහොත් හෝ යළිත් වර්ෂාව ඇති වුවහොත් රෝගීන්ගේ වැඩිවීමක් විය හැකි බව ඇය පෙන්වා දේ.
කෙසේ නමුත් මේ වනවිට ඩෙංගු රෝගීන් 113543ක් වාර්තා වී ඇති අතර පුද්ගලයන් 315 මරණයට පත්ව ඇතැයිද වෛද්‍ය සමරවීර මහත්මිය සඳහන් කරයි.
 
ශ්‍රියානි විජේසිංහ

යාපනය දිස්ත්‍රික්යේ කෝපායි පොලිස් ස්ථානයේ සේවය කරන කොස්තාපල් වරුන් දෙදෙනෙක් යතුරු පැදි හතරකින් පැමිණි තරුණ පිරිසක් එල්ල කළ කඩු ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

පැමිණිලි විභාග කොට ආපසු පොලිස් ස්ථානය දක්වා එමින් සිටියදී මොවුන් මෙම පහර කෑමට ලක්ව ඇත්තේ අද පස්වරු 1.45ට පමණ යැයි කියනු ලැබේ.

ඉන් එක් පොලිස් කොස්තාපල් වරයෙකු දෙමළ ජාතිකයෙකු බවද පැවසේ. මුලින් කෝපායි ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කරන ලැබූ මොවුන් පසුව යාපනය මහ රෝහල වෙත මාරු කර යවා තිබේ.

සැකකරුවන් සොයා ප්‍රදේශය පුරා මේ වන විට විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරේ.

හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය චීන සමාගමක් සමඟ එලබ ගත් ගිවිසුම මුල් කොට විපක්ෂය දේශපාලන වාසි තකා නොයෙකුත් ගජබින්න නිර්මාණය කරමින් සිටියත් ඒ කිසිවක සත්‍යතාවක් නැතැයි වරාය හා නාවුක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා කියයි.

මේ ගිවිසුම තුළින් රටට මහත් විපක්තියක් සිදු වන බවට විපක්ෂය චෝදනා නැඟතත් එහි 58වන පරිඡේදයේ ඇති එක් වගන්තියකට අනුව මෙම ගිවිසුම අනාගතයේ අවශ්‍ය පරිදි සංශෝධනය කිරීමට ද හැකි බව පැවසූ අමාත්‍යවරයා එය ජනාධිපතිවරයාගේ නියමයෙන් ගිවිසුමට එක් කළ වගන්තියක් බවද කීය. එවන් තත්වයක් යටතේ මෙය රට පාවා දීමක් වන්නේ කෙසේ දැයි ඇමතිවරයා ප්‍රශ්න කළේය.

මේ අතර හික්කඩුව පැවැති උත්සවයකදී මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ ජනාධිපතිවරයාගේ පාලන සමයේ ශ්‍රී ලංකාවේ එක් බිම් අඟලක්වත් කිසිදු රටකට විකිණීමට කිසිදු ලෙසකින් කටයුතු නොකරන අතර විදේශ ආයෝජන රටට ගෙන්වා ගැනීම ඉඩම් විකිණීමක් ලෙස පැවසීම ඉතා සාවද්‍ය හා විකෘති අර්ථ කථනයක් බවයි.

ඒ.ජී.රේණුකා

අගෝස්තු 02 දිනය ජාතික විරෝධතා දිනයක් ලෙස නම්කර, එදින රට පුරා සයිටම් විරෝධී පා ගමන්, විරෝධතා රැලි, උද්ඝෝෂණ ආදී ක්‍රියා මාර්ග රැසක් ගැනීමට සයිටම් විරෝධී ජන පවුර සංවිධානය  තීරණ කර ඇත.
සයිටම් ආයතනයට එරෙහිව විවිධ තැන්වල කළ අරගලයන්, එක් මධ්‍යස්ථානයක් වෙත කැඳවමින් ආරම්භ කර ඇති මෙම සංවිධානයට, ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂ, වෛද්‍ය සංගම්, වෘත්තීය සමිති, ශිෂ්‍ය සංගම්, දෙමාපිය සංගම්, විශ්වවිද්‍යාල ආචාර්ය සංගම් ඇතුළු සිවිල් සංවිධාන විශාල සංඛ්‍යාවක් එක්ව සිටින බවද එම පෙරමුණ පවසයි. 
 
පද්මිණි මාතරගේ

මහ බැංකු බැඳුම්කර ජනපති කොමිසමේදී නම කියවුණ හිටපු මුදල් ඇමැති හා වර්තමාන  විදේශ කටයුතු ඇමැති රවි කරුණානායකට විපක්ෂයෙන් විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට පෙර අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් යෝජනා කර  ඇත. ජනපති කොමිසමේදී ගිය සතියේ හෙළි වූයේ රවි කරුණානායක ඇමැතිවරයා කුලියට ගත් සුපිරි නිවාස සඳහා කුලී මුදල ගෙවා ඇත්තේ බැඳුම්කර චෝදනා ලැබ ඇති අර්ජුන් ඇලෝෂියස් බවය.කෙසේ නමුදු මේ සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ හමුවී සාකච්ඡා කිරීමට අවස්ථාවක්   දෙන ලෙස එජාප මන්ත්‍රී කණ්ඩායම අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
රවි කරුණානායක මහතා මහබැංකු බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා වන ජනාධිපති කොමිසම ඉදිරියේ  ලබන 02 දා සාක්ෂි දීමෙන් පසු තමා හමුවීමට අවස්ථාවක් දෙන බව අගමැතිවරයා මෙම මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දී ඇත.ඒකාබද්ධ විපක්ෂය විසින් රවි කරුණානායකට එරෙහිව ගෙන ඒමට නියමිත මෙම විශ්වාස භංග යෝජනාවට ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමැතිවරු පිරිසක් ද සහයෝගය පළ කිරීමට මේ වන විට ද තීරණය කර ඇතැයි ශ්‍රී  ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.
විශ්වාස භංග යෝජනාව අනිවාර්යෙන්ම පාර්ලිමේන්තුවේදී ජයග්‍රහණය කරන බැවින් ඊට පෙර ඉල්ලා අස්වීම එක්සත් ජාතික පක්ෂයේ අභිමානයට ද ගෞරවයක් බව එම කණ්ඩායමේ මන්ත්‍රීවරයෙකු “ලක්බිම ඉරිදා සංග්‍රහයට” ප්‍රකාශ කළේය.

කමණී හෙට්ටිආරච්චි

ජර්මනියේ මන්හයිම් නගරයේ විසු හෙල්ගා වැලන්හෙයින් මහත්මිය නොබෝදා අභාවප්ප්‍රාත වන ලදි.ශ්‍රී ලංකාවෙන් ජර්මනියේ ඉගෙනීම සඳහා මන්හයිම් නගරයට ගිය සියළුම ශ්‍රී ලාංකිකයින්ට ඇය සහ ස්වාමිපුරුෂයා විවිධාකරයෙන් උපකාර කර ඇත.ඇය කළ මෙහෙයට මෙය සිහිවටනයක් සේ ඉදිරිපත් කරමු.

අගෝස්තු මස 4වන දින මැන්හයිම් - නෙකාරුහි සුසාන භූමියේදී ඇයගේ අවසන් කටයුතු සිදු කෙරේ.වැලන්හෙයින් මහත්මිය සාමදානයෙන් සැතපේවා.

 

සටහන හා ඡායාරූප - ශ්‍රී ලංකාවේ  CGTTI ජාත්‍යන්තර සංවිධානයේ සභාපති

විල්බට් සොයිසා

Page 1 of 74

IMAGE

ගෙදරටම පැමිණ ගබ්සා කරන පොළොන්නරුවේ හොර වෙද්දු

IMAGE 2017 Jul 31 09:04
පොළොන්නරුව වැනි ඈත ප‍්‍රදේශවල මේ වන විට රහසිගතව සිදුවන මෙම නීති විරෝධී ගබ්සා ජාලය ජනාකීර්ණ...
Views - 70

ඕපදූප කතා ගැන ගයාත්‍රි පළමු වරට කතා කරයි

IMAGE 2017 Jul 30 18:35
මොනවද ගයාත්‍රි මේ අන්තර්ජාලයේ පැතිර යන කට කතා   කාලයක් තිස්සේ දැනගෙන හිටපු කීප දෙනෙක් මට...
Views - 796

නයිජීරියානුවන්ගේ ගැටවලට හසුවී සල්ලන්වන ලංකාවේ ගෑනු

IMAGE 2017 Jul 30 17:49
“මට ඔයාව මිතුරියක් කරගන්න ආසයි...... ඔයාට තෑගි දෙන්න......... නිතර ඔයා සමග කතා කරන්නත් ආසයි. හැබැයි...
Views - 1165

ජලනන්දන පිරිතෙන් වතුර නටවන්න පුළුවන් කියන්නේ බොරු! (Video)

IMAGE 2017 Jul 30 14:06
ජලනන්දන පිරිත ලක්ෂවාරයක් ජප කිරීමෙන් වතුර නැටවිය හැකිය යන මතයෙහි කිසිදු සත්‍යතාවයක් නැති...
Views - 539

නියඟය උහුලනු බැරිව දළුකාන ආදීවාසීහු වන වදිති

IMAGE 2017 Jul 28 12:40
නගරවාසීන්ට සාපේක්ෂව ගම්වාසීහු සොබාදහම නියමයන් පිළිගනිති. ගම්වාසීන්ටත් වඩා සොබාදහමේ...
Views - 1060

සොයුරා දැරියක කෙළෙසූ වරදට දඩුවමක් ලෙස දූෂණය වූ යුවතියක්

IMAGE 2017 Jul 28 10:52
කාන්තාවන්ට එරෙහිව ලිංගික අතවර සිදුවන රටවල් අතර දකුණු ආසියානු කලාපයේ රටවලටද හිමිවන්නේ...
Views - 4227

Please publish modules in offcanvas position.