Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - lakbimaonline@gmail.com youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ජලාශවල ජලය අඩු උනත් විදුලිය කපන්නේ නෑ

වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පසුගිය මාස හයක කාලය තුළ අඛණ්ඩව විදුලිය  ලබා දීමට රුපියල් බිලියන 38ක අමතර වියදමක් දැරීමට රජයට සිදු වූ බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේය.

මෙම වියදම රුපියල් බිලියන 52ක් වනු ඇති බවට ඇස්තමේන්තු ගත කර තිබූ බවත් කාසල්රී ජලාශයේ ජලධාරිතාව සැලකිය යුතු මට්ටමක තිබීම නිසා එම වියදම බිලියන 38 දක්වා අඩු කර ගැනීමට හැකි වූ බව ඇමැතිවරයා සඳහන් කළේ ය.ලංකා විදුලිබල මණ්ඩලය සතු ජලාශවල මේ වන විට සියයට 36.4දක්වා ජලමට්ටම පහත වැටී තිබෙන බව සඳහන් කළ ඇමැතිවරයා වික්ටෝරියා හා රන්දෙණිගල ජලාශවල ජල මට්ටම ඉතාම අඩු මට්ටමක පවතින බව  සඳහන් කළේය.

මෙම තත්ත්වය හේතුවෙන් කාර්ය බහුල වේලාවේදී පැය දෙකක කාලයක් විදුලිය කප්පාදු කළ යුතු බවට තාක්ෂණ නිළධාරීන් යෝජනා කර තිබෙන බවත් එසේ කිරීමට තමා කිසිසේත් සූදානම් නැති බවත් රංජිත් සියඹලාපිටිය මහතා පැවැසීය.

කමණී හෙට්ටිආරච්චි

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

ලිංගික උත්තේජන පෙති අකල්මරණවලට හේතුවක් ද?

IMAGE 2017 Nov 14 10:46
පුරුෂ ලිංගික උද්දීපනය සඳහා ගනු ලබන පෙති වර්ග වලින් අකල් මරණ සිදුවන බවට සමාජය පුරා පොදු...
Views - 577

වික්ටර්ට අපහාස වෙන බව දන්නවා නම් මම හොඳ කෙළියක් කරනවා

IMAGE 2017 Nov 13 13:02
සිනමාවේ හැමදාමත් දුෂ්ටකම් කරන විල්සන් කරූ පසුගිය දවස්වල ඉරාජ්ගේ මියුසික් වීඩියෝ එකක රඟපාලා...
Views - 3122

මේ මුතුකුඩ මැණිකේ නොගැළපෙන චරිත බාර ගන්නේ නැහැ

IMAGE 2017 Nov 13 12:35
අපි ඔබට මුතුකුඩ මැණිකේ කියන්නද? එහෙම නැත්නම් තිළිණි පෙරේරා කියන්නද? කැමැති නමක් කියන්න. මොකද...
Views - 1532

අයවැයෙන් වාහන මිල හරියටම අඩු වැඩි වෙන හැටි

IMAGE 2017 Nov 13 08:30
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගියදා (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2018 වසර සඳහා වන අයවැය...
Views - 2758

හොඳම නිළි සම්මානය ගන්න අධ්‍යක්ෂවරයා තනිවම ගිහින්

IMAGE 2017 Nov 12 19:05
ලාංකේය සිනමා නිළියක් පහුගියදා අන්තර්ජාතික සම්මාන උළෙලකදී හොඳම නිළියට හිමි සම්මානයෙන්...
Views - 3258

නීටා වේදිකාවට

IMAGE 2017 Nov 12 14:13
පසුගියදා පැවැති සුමති සම්මාන උළෙ‍ලේදී ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන යූ.ඩබ්.සුමතිපාල අනුස්මරණ...
Views - 2014

Please publish modules in offcanvas position.